Lanka Chat News
24/10/2025
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27 වැනිදා එනම් එළැඹෙන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටය.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ, පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතිනු ඇති බවය.
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 20,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,256 ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරේ.
එමෙන්ම කලාවැවේ වාන් දොරටු දෙක තවමත් අඩිය බැගින් විවෘතකර තැබීමෙන් කලාවැවෙන් කලා ඔයට තත්පරයට ඝණ අඩි 1,241 ජල ධාරිතාවක් මුදාහරින බව වාරි ඉංජිනේරුවන් පවසයි.
ඒ අනුව, කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානයට නුදුරින් දින කිහිපයක් තිස්සේ තවදුරටත් ජලයෙන් යටවී පවතියි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ අවට ජනතාව ගංවතුර පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය.
21/10/2025
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
ඒ අනුව අද (21) උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිර බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති වේ.
ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
20/10/2025
අපි හැමෝම ශ්‍රී ලංකාවෙන් ඉන්න ලොකු කණ්ඩායමක් වගේ. මට ඒකෙ කොටසක් වෙන්න ලැබුණු එක ගැන මට හරි ආඩම්බරයි' - මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ්🥰
20/10/2025
🚨 MISSING PERSON ALERT 🚨
රංගන ශිල්පී රංජිත් ද සොයිසා මහතා අද සවස සිට අතුරුදන්ව ඇත.. පහත දක්වා ඇත්තේ ඔහුගේ ඥාති පුත්‍රයෙකු විසින් පළකරන ලද සටහනකි.. තොරතුරක් වෙතොත් ඔබ පහත දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දීමට කාරුණික වන්න..
📍 Last Seen Location: Tyre Junction kelaniya
🕕 Time: 6:00 PM
👨🏽🦳 Name : Ranjith de silva
👕 Clothing : Blue denim and w white color shirt
📞 If you have any information, please contact:
071 654 3296 076 739 6901 or report to the nearest police station.
මගේ මාමා 2025. 10. 19 දින සවස 6.00ට පමණ සිට අතුරුදහන් වී ඇත. ඔහු කැලණිය ටයර් ජංක්ෂන් ප්‍රදේශයේ අවසන් වරට දැක ඇත.
📍 අවසන් වරට දැක වූ ස්ථානය: කැලණිය ටයර් ජංක්ෂන්
🕕 වේලාව: සවස 6.00
👨🏽🦳 නම: රංජිත් ද සිල්වා
👕 ඇඳුම: නිල් ඩෙනිම් කලිසමක් සහ සුදු ශර්ට් එකක්
📞 තොරතුරු ඇතැයි ඔබ සිතන්නේ නම් කරුණාකර සම්බන්ධ වන්න:
071 654 3296 / 076 739 6901
නැතහොත් සමීපතම පොලීසියට දන්වන්න.
20/10/2025
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුරෝපා සංගම් රටක හිටපු ප්‍රධානියෙකුට සිර දඬුවම් නියම වූ පළමු පුද්ගලයා වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා බවය.
ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමේ කුමන්ත්‍රණයකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට පසුගිදා වසර පහක සිර දඬුවමක් නියමකළේය.
ඒ 2007 මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ගඩාෆිගෙන් ලැබුණු අරමුදල් භාවිතා කළ බවට එල්ලවූ චෝදනාවකටය.
20/10/2025
දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (20) රාත්‍රි 9 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දිහිඔවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස සඳහා ද අදියර එක යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගගකෝරයළය සහ රත්තොට, යන ප්‍රදේශවලට ද මෙසේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්යේ කලවාන, ඉඹුල්පේ, රත්නපුර සහ ඇහැලියගොඩ යන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අද රාත්‍රී 9 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙසේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Colombo
20207