Natasha Fallon

Natasha Fallon

Share

05/05/2026

✝️❤️

🟡 Daddy Yankee තමන් ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 2023 දෙසැම්බර් මාසයේදී ඔහුගේ "La Meta" (The Goal) නම් අවසන් ප්‍රසංග චාරිකාව අතරතුරදීය.

➡️ ඔහුගේ ජීවිත ​පරිවර්තනයට පාදක වූ ප්‍රධාන කරුණු

◻️ ඔහු ලෝක ප්‍රකට තරුවක් ලෙස අතිමහත් ධනයක්, ප්‍රසිද්ධියක් සහ ගෞරවයක් ලැබුවද, තම ජීවිතය තුළ විශාල හිස්බවක් දැනුණු බව ප්‍රකාශ කළේය. "මුළු ලෝකයම ජය ගත්තත් තමන්ගේ ආත්මය නැති කරගත්තොත් ඇති පලය කුමක්ද?" යන බයිබල් පාඨය ඔහු මෙහිදී උපුටා දැක්වීය.

➡️ වසර ගණනාවක් පුරා ඔහු ලෝකය පුරා සංචාරය කරමින් ජයග්‍රහණ ලැබුවත්, සැබෑ සතුට සහ අරමුණ සොයා ගැනීමට හැකි වූයේ ජේසුස් වහන්සේ හරහා බව ඔහු සඳහන් කළේය.

🔘 ඔහුගේ කලා ජීවිතය අවසන් කර, මින් ඉදිරියට තමන්ට ලැබී ඇති සියලුම මාධ්‍ය අවකාශයන් සහ හැකියාවන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් සහ යහපත් පණිවිඩ සමාජගත කිරීම වෙනුවෙන් භාවිතා කරන බව ඔහු අවධාරණය කළේය.

🔴 Daddy Yankee ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශනය

➡️ ​ඔහු සිය අවසන් ප්‍රසංගයේදී රසිකයන් අමතා මෙසේ පැවසීය,

🔥 ​"අද මම ලෝකයට පවසන්නට කැමතියි, මම මින් ඉදිරියට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වන බව. මගේ සංගීතය, මගේ සමාජ මාධ්‍ය සහ මට අයිති හැම දෙයක්ම දැන් උන්වහන්සේට අයිතියි."

◻️ දැන් ඔහුගේ උපන් නම වන 'Ramón Ayala' ලෙස පෙනී සිටිමින් දේව රාජ්‍ය සහ සමාජයීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වයි.

◻️ ඔහුගේ ජීවිත කතාවෙන් ඉගෙන ගත හැකි වන්නේ ඔහුට ප්‍රසිද්ධත්වය, ධනය, හැකියාව සහ අභිමානය සියල්ල තිබ්බා. නමුත් ඔහු තේරුම් ගත්තා මේ සියල්ල එක ක්ෂණයකින් නැති වෙන්න පුළුවන් බව.

➡️ අද අපත් කළ යුත්තේ එයයි, ලෞකික ආශාවන් පස්සේ ගොස් විනාශයට යනවාට වඩා ක්‍රිස්තුස් වහන්සේ තුළ ලබා ගන්නා වූ ගැලවීම සහ පව්කමාවත් සියල්ලටම වඩා වටින බව තේරුම් ගැනීමයි.

➡️ මේ වන විට Daddy Yankee ඔහුගේ පව්කාර ජීවිතය පරිවර්තනය කරගනිමින් මතින් තොර යහපත් ජීවිතයක් දෙවියන් වහන්සේ සමඟ ගත කරයි.

Praneeth Gunaratne ✍️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

The Grand
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00