Web Architecture

Web Architecture

Share

We excel in creating new brands and refurbishing existing ones. Web Architecture march with the Vision of providing total Corporate and Personal Branding services under one roof.

21/04/2022

ගොඩක් අය හොයන anonymousලා ගැනයි hackig ගැනයි # tag ගැනයි.

මෙහෙමයි... අපි හැමෝම computer පාවිච්චි කරනවනේ. අඩුම ගානේ ස්මාට් ෆොන් එකක් ටැබ් එකක් හරි. (ස්මාර්ට් ෆොන් , ටැබ් , කියන්නෙත් පුංචි computer තමා ඉතිං 😊).

ඉතින් අපි මේ පාවිච්චි කරන හැම computer එකකම ප්‍රදාන වශයෙන් කොටස් දෙකක් තියනවා. Hardware , Software කියලා.

මේ hardware කියන්නේ computer එකේ එලෙක්ට්‍රොනික කොටස් හා ඒහා සම්බන්ධ උපාංග වලට. උදාහරන ( RAM, CPU, Monitor , mouse , motherbord, Hard drive ) වගේ දේවල්.

ඒ කොටස් හා උපාංග සියල්ලම අපේ පියවි ඇහැට පේනවා වගේම ඒ දෙවල් අපේ අතින් ස්පර්ශ කරන්නත් පුලුවන්. එ නිසා අපි ඒවට කියන්නෙ Tangible components කියලා.

ඊලගට තමා වැදගත්ම දේ තියෙන්නෙ. 💪

Software 😁

Software කියන්නේ අර අපි කලින් කතාකරපු hardware කොටස්ටික ඔක්කෝම එකලස් කරලා ඒ උපාංග වලින් ජනණය කරන සංක්‍යාත ("එක, බිංදුව", 010011 , Binary codes) ඔක්කොම එකතු කරලා , ඒවා අපිට තේරුන් ගන්න පුලුවන් විදිහට ඉංග්‍රීසි හෝ වෙනත් භාශවක අකුරු වලින් හෝ රූප මගින් Disply එකක පෙන්වන එකට. එකට අපි පාවිච්චි කරනවා machine languages වලින් හැදුන System Software එකක්. උදාහරන ( windows , Mac , linux , Android , symbian).වගේ.

ඊලගට අපිට අපේ වැඩ තවත් ලස්සනට, පහසුවට, පිලිවලට කරගන්න ඔනි නිසා මේ System Software එක උඩ තවත් පොඩි පොඩි softwares හදලා තියනවා. ඒ softwares හදන විවිධ languages පාවිච්චි කරනවා. උදාහරන ( C #, java, python, HTML)වගේ. එහෙම හදන softwares වලට අපි කියන්නෙ Application Softwares කියලා. උදාහරන ( MS Word, Photoshop, Facebook, whatsapp , Banking Softwares, )වගේ.

මේ softwares අපිට අතින් අල්ලන බෑ. ඒවා සයිබ අවකාශයේ වැඩ කරන දේවල්. ඒ නිසා අපි ඒවට intangible components කියලා කියනවා.

ඉතින් මෙන්න මේ හැම software එකක්ම හදලා තියාන්නේ කවෘරු හරි පුද්ගලයෙක් හො පිරිසක් එකතු වෙලා. ඉතින් ඔහු හෝ එම පිරිස හදපු software එකේ අස්සක් මුල්ලක් නෑර ඔවුන් දන්නවා. ඒ වගේමයි අර කලින් අපි කතා කරපු softwares හදන්න ඔනි වෙන languages හොදට ප්‍රගුන කරපු කෙනෙක්ටත් වෙන කවෘරු හරි හදපු software එකක් ඇතුලට ගිහින් අස්සක් මුල්ලක් නෑර අද්‍යනය කරන්නත් බැරිම නෑ. 🙉😁

අන්න එතනදි තමා අපි අද කතා වෙන Hacking කියන වචනේ එන්නෙ.🙉🙉

අපි මේ කම්පුටර් සමග කරන සෑම ක්‍රියාවක්ම මේ සයිබඅවකාශයේ කොහේ හෝ තැනක සටහන් වෙනවා. ඒක තමන්ගේම කම්පුටර් එකේ Hard disk එකේ වෙන්න පුලුවන් නැතන් server එකක වෙන්න පුලුවන් එහෙමත් නැත්තන් Clowd server එකක වෙන්න පුලුවන්.

උදාහරනයක්. ( අපි අපේ කම්පුටර් එකේ හො ෆොන් එකේ තිබ්බ පින්තූරක් delete කරලා දානවා කියලා හිතමුකො. එතකොට ඒ පින්තූරේ recyclibin එකට යනවා. අපි එතනිනුත් ඒ පින්තූරේ delete කරලා දානවා. එතකොට ආය කවදාවත් අපිට ඒ පින්තූරේ බලන්න බෑ. 😕 🚫නමුත්🚫 ඇත්තටම ඒ පින්තූරේ මැකෙන් නෑ⚠️️. ඒක තියනවා යම් තැනක. අපි delete කරාම වෙන්නෙ ඒ පින්තූරෙට අදාල index link එක මැකෙන එක විතරයි. හැබැයි පින්තූරේ තියනවා. ඒක හරියට මෙන්න මේ වගේ. පොත් වල ඉස්සරහා තියනවනේ පටුන index එක. අපි ඒ පටුන බලලනේ අපිට ඔනි පිටුව ලේසියෙන්ම පෙරල ගන්නෙ. හැබැයි පටුන නැති උනත් අපිට ඔනි පිටුව පෙරල ගන්න අපි දක්ශ උනාට computar එකට එහෙම index එක මැකුනොත් පිටු හොයාගන්න බෑ )😂

ඉතින් අර කලින් කියපු software languages , hardware එහෙම හොදට දන්න කෙනාට පුලුවන් ඔනම කෙනෙක්ගේ computer එකකට ශූක්ශමව හොර රහසෙම ගිහින් ඒ computer වල සිදු උන සැම ක්‍රියාවක්ම හා ආගිය මුලගිය තැන් ඔක්කොම හොයා ගන්න. 😂😂

තව දෙයක් කියන්නද ? 😂

එහෙම සුපිරි වැඩ්ඩන්ට පුලුවන් අපේ computer එකේ we**am එක හරි phone එකේ cam එක හරි අපිටත් හොරෙන්ම on කරන් කාටත් හොරෙන් අපේදිහා බලන් ඉන්න හා අහන් ඉන්න. 😂😂😂😧😧
එවා තමා hackers ලගේ ජරා පැත්ත. සුපිරි මොලයක් එක්ක ඉන්න අසහන කාරයෝ ඒ. 🤧🤧💦💦

ඉතිං මේ Hackers ලා වර්ග ගොඩාක් ඉන්නවා. මේ hack කරන එකට නීතියෙන් අවසරයක් නෑ. එක නීති විරෝදී ක්‍රියාවක්. හවු උනොත් දැඩි දඩුවම් විදින්න වෙනවා.😧😧 ඒත් නීතියෙන්ම අවසර හම්බුන hackers ලා කන්ඩායමකුත් ඉන්නවා. එයාලට කියන්නේ whitehat hackers කියලා. එයාලගෙන් කාටවත් කරදරයක් නම් නෑ. එයාලා කරන්නේ ජාතික ආරක්ශවට වගේ අනවසරෙන් computer ජාල වලට ඇතුල් වෙලා තොරතුරු එකතු කරන එක.

හැබැයි තව කන්ඩයමක් ඉන්නවා හරියට නිකන් Robinhoodලා වගේ. 😂 අනවසරෙන් computer ජාල වලට ඇතුල් වෙලා තොරතුරු හොයන් ඒවා සමාජයේ සුභසිද්දිය උදෙසා මුලුමහත් සමාජයකට අනතුරු අගවන අය. එයාලට අපි කියන්නෙ whistleblowers කියලා. හරියට අපි මේ දවස්වල කතා වෙන anonymousලා වගේ.

මේ anonymousල ගෙන් කිසි හානියක් වෙන් නෑ. එයාලා කරන්නෙ සමජයේ යම් තැනක යම් අක්‍රමිකතාවක් වෙනවනම් ඔවුන්ගේ සුපිරි පරිඝනක දැනුම පාවිච්චි කරලා නීතියට පටහැනිව ගිහින් ඒ අදාල පර්ඝනක ජාල වලට අනවසරෙන් ඇතුල්වෙලා ඒ අක්‍රමිකතාව පරිඝනක ඔස්සේ නිසි ලෙස හදුනා ගෙන ඒ අදාල පාර්ශව වලට දැනුවත් කිරිම.

මේ කන්ඩායම ලෝකේ පුරා විහිදුන කන්ඩායමක්. එක රටක පමනක් සිටින කන්ඩායමක් නෙවේ. මොකද එහෙම එක රටකට පමනක් එයාලා සීමා උනොත් එයාලව නීතියට ලෙසියෙන්ම හවු වෙන නිසා. හැබැයි ඇතැම් anonymous සාමාජිකයන් නීතියේ රැහැනට අසූන අවස්තාත් තියනවා. නමුත් සුපිරි පරිඝනක මොල සුවෙච්චාවෙන්ම එම කන්ඩායමට සහය දෙන්න ලොව පුරා රහසිගතව එක්රොක් වී ඉන්නවා. ඇමරිකාව, එංගලන්තය,රුසියාව, ජර්මනිය, ජපානය, කොරියාව, වැනි ප්‍රභල රටවල හැකර් වරුන්ට නීති තද උනත් anonymous කන්ඩායම වැනි whistleblowers හැකර් වරුන්ට යම් බුරුලක් නීතියෙන් මේ ප්‍රබල රටවල් දෙන්නෙ මෙවන් whistleblowers හැකර්වරු සමාජයේන් සැගවුනු රහසිගත තොරතුරු සැමගේ සුභසිද්ධිය උදෙසා පමනක් ප්‍රසිද්ධ කරන නිසා.

කෙසේ වෙතත් මේ # hashtag එකකින් anonymous ලව tag කරලා අරගලයට උදව් ඉල්ලිම කොයි තරම්නම් සාර්තකද?

මෙහෙමයි මේ සුපිරි මොල තියන anonymous කන්ඩායම නීතියෙන් සැගවිලා ඉන්න නිසා එයාලා FB එකේ ප්‍රසිදියේම page හදාගෙන like , comments අරගෙන ඉන්න තරම් මෝඩ පිරිසක් නෙමේ. ඒ නිසා එයාලව tag කරාට එයාලට ඒවා tag වෙන් නෑ.

හැබැයි.⚠️️ මේ ලෝකේ පුරාම විහිදුන anonymous කන්ඩායම සයිබඅවකාශයේ සිදුවෙන සෑම ක්‍රියාවක් ගැනම අවදානයෙන් ඉන්න පිරිසක්. ඒ නිසා මේ වෙලාවෙ එයාලගෙ නමින් Tags ගොඩක් වැටෙන්නේ ඇයි කියලා වෙස්වලාගෙන ඉන්න anonymous ගවේශකයන්ට ඇස ගැටෙන්න බැරි නෑ.ඒ අනුව ඔවුන් විමර්ශනයක් කරන්න්න බැරිත් නෑ.

මෙහෙම හිතන්නකො ඔබේ නමින් හරි ඔබේ නමට සමාන නම්මකින් FB එක පුරාවට ඔබ දන්නෙම නැති උන් ටිකක් post හද හද tag ගහනකොට ඔබ නිකමට හරි බලනවනේ මොකද යකෝ මේ මුන් මගේ නමටම tag ගහන්නෙ කියලා. 😂😂

අන්න ඒ වගේ අතිමහත් ජනතාවක් දිගින් දිගටම anonymous නමින් tag ගහනකොට ඔවුන්ගේ අවදානය නිකම්ම යොමු වෙන්න ඉඩකඩ බොහොමයි. ( අවදානය යොමු උනාට කොහොම ප්‍රතික්‍රියා කරයිද කියලනම් දන් නෑ මං 😕)

හැබැයි ඉතිං බැරි වෙලාවත් anonymousලා අපේ රටේ ගැටලුව ගැන අවදානය යොමු උනොත්..💪💪 ආය ඉතිං බඩුම තමා...😂😂 වංචා කරපු රාජ්‍ය සේවකයගේ ඉදලා ජනාදිපති දක්කවාම අපායේ ඉන්න යම රජ්ජුරුවන්ට හව් උනා වගේ තමා.😁 මොකද හැමදේම දැනගෙන තමා යම රජ්ජුරුවො ප්‍රශ්න අහන්නෙ. එතක්ට බොරු උත්තර දුන්නොත් ශාක්ෂි සමගම ඔප්පු කරලා පෙන්නනවා කට උත්තර නැති වෙන්නම.😂😂😂 ඒක පට්ට. 👌👌😂

ඒ සීන් එක මෙහෙ ඉන්න කපටි අයියලා දැනටමත් පොඩ්ඩක් දන්නවා. පැන්ඩොරා පේපර්ස් pandora papers සීන් එක නිසයි. උගන්ඩා සීන් එක නිසයි.

ඒ නිසා මෙහෙම දේකුත් තියනවා. මේ anonymous කන්ඩායම කාගේ කව්ද කොහෙද ඉන්නෙ කියලා කවෘත් දන් නැති නිසා.මේ අපෙ රටෙ ඉන්න දේශපාලකයොන්ට කඩේ යන fake anonymousලා පොස්ට් හදලා දේශපාලන වාසි ගන්න සමාජමද්‍යයේ , ටීවි එකේ එහෙම දාන්න බැරිත් නෑ. 🤧🤧💦💦 ඒ නිසා එ පිලිබදවත් අවදානයෙන් ඉන්න ඔනි.

ජය. ✌️✌️
රන්දික ඒකනායක
MBCS, BSc(IT), BTec(HND), Dip(Elc), NAB(Elc)

20/04/2022

එකත් මරු හැබැයි. ✔

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

High Level Road
Colombo
10001