Sithira Dabare

Sithira Dabare

Share

15/02/2020

දරුවාගේ ජීවිතයද ? ගුරුවරයාගේ රස්සාවද?
මට මෙහෙම ලියන්න හිතුනේ අවුරුදු හයක උපකරක පන්ති මෙහෙය වීමේදී ලැබුනු අත්දැකීම් හා BestTeacher.lk ආයතනයට දිනපතා කතා කරන දරුවන්ගේ ප්‍රශ්නත් එක්ක.
පසුගිය වර්ෂයේ නුගේගොඩ බාලිකා පාසලක උසස්පෙළ තර්ක ශාස්ත්‍රය විශය හැදෑරූ සිසුවියන් දාසය දෙනෙකුගෙන් සමත් වූයේ සිසුවියන් දෙදෙනෙකු පමනි.එවෙනිම තත්වයක් පසුගිය දා පානදුර ප්‍රදේශයේ බාලක හා බාලිකා පාසල් දෙකකින්ද මා හට දැනගන්නට ලැබුනි.
වසර දෙකකට අධික කාලයක් උසස්පෙළ විභාගය සදහා විෂයන් තුනක් හදාරා ඉහත ආකාරයෙන් අසමත් වේ නම් එහි වරද කාගෙදැයි සෙවීම වඩා වැදගත් වනු ඇත.
එය ගුරුවරයාගෙද? නැතිනම් සිසුන්ගේ ද?
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී ද මෙවෙනිම අසමත් වීම් ඕනෑතරම් දැකිය හැකිය.
මෙතෙක් කිසිදු සිසුවෙක් විශ්ව විද්‍යාලයකට ඇතුලත් නොවූ පාසල් ලංකාවේ ඕනෑතරම් ය.
පාසලකදී දරුවෙකුට වැදගත් වන්නේ ගොඩනැගිලිවත්,නිල ඇදුමවත්, කිරි පැකට් එකවත් නොව නිවරැදි වූත් ගුණාත්මක වූත් අධ්‍යාපන බව මාගේ අදහසයි.
එමෙන්ම ඉගැන්වීම ගුරුවරයාගේ රැකියාව වුවත් ඉගෙන ගැනීම දරුවන්ගේ ජීවිතයයි.දරුවාගේ ජීවිතය ආලෝකමත් වන්නෙ අධ්‍යාපන නැමැති පහනෙනි.එය නිවා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යූතුය.
එමනිසා දිගින් දිගටම සාමාන්‍ය පෙළ මෙන්ම උසස්පෙළ විභාගයන් අසමත් වන දරු දැරියන් සිටින පාසල් වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබඳ රජය විසින් විශේෂ අවදානයක් යොමු කරන්නේනම් එය මේ රටේ අනගාත පරපුරට කරනු ලබන විශාල සේවයකි.
මාගේ අදහස ගුරුවරුන්ට ලකුණු ක්‍රමයක් හදුන්වා දීමයි.තමන්ගෙන් අධ්‍යාපනය ලබන සිසුවෙක් විභාගයක් සමත් වූ විට අදාළ ගුරුවරුන්ට ලකුණු එකතුවිය යුතු අතර සෑම අසමත් වීමකදීම ලකුණු අඩු කල යුතුය.වැඩි ලකුණු ලබාගන්නා ගුරුවරුන් ඇගයීමටත් අඩු ලකුණු ලබා ගන්නා ගුරුවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත් රජය ක්‍රියාකල යුතුය.
ස්තූතියි.
BestTeacher.lk නිර්මාතෘ, නීතිවේදී සිතිර දාබරේ

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo