The Civil Engineer

The Civil Engineer

Share

Photos from The Civil Engineer's post 30/11/2025

යක්කල ආයුර්වේද රෝහල අසල පාලම ගිලා බසී 👇

යක්කල ආයුර්වේද රෝහල අසල පාලම (Bridge 31/3) පුළුල් කිරීමේ වැඩ නිමවී ගතව ඇත්තේ වසර කිහිපයකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙන්ම ඉතිහාසයේ කිහිපවරක් මෙහි පුළුල්කිරීම් සිදු කර ඇත. 2021-2022 සමයේ මෙය නැවත වරක් පුළුල් කර ඇත.

මෙම පාලම පිහිටා ඇත්තේ අත්තනගලු ඔයේ අතු ගංගාවක් හරහා වන අතර ඇති වූ ගංවතුර තත්වය හමුවේ පැරණි ආරුක්කු පාලමේ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබේ. කෙසේවෙතත් bored piles මත ඉදිකර ඇති නව පාලමට මෙමගින් බලපෑමක් නොමැත.

පැරණී ආරුක්කු පාලමේ ස්ථායිතාවය නැවතවරක් සලකා බැලිය යුතුවන අතර මෙවන් ආරුක්කු පාලම් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන මාර්ගවල දක්නට ඇත.

29/03/2025

රික්ටර් මාපක 7.7 භූකම්පනයෙන් තායිලන්තයේ උස ගොඩනැගිලි කඩා වැටුනු හේතුව කුමක්ද?

මාර්තු 28 පස්වරු12:50 ට පමණ මධ්‍යම මියන්මාරයේ රික්ටර් පරිමාණය 7.7ක භූකම්පනයක් සිදුවී ඇත. මෙමගින් දැඩි විනාශයක් ඇති කර ඇති අතර, මේ වන විට මියන්මාරයේ මරණ සංඛ්‍යාව 140 ඉක්මවා ඇත. මෙම භූකම්පනයෙන් තායිලන්තයේ අගනුවර වන බෑන්ග්කොක් නගරයටද දරුණු බලපෑමක් සිදුවී ඇත.

බැන්ග්කොක් නගරයේ ඉදිවෙමින් තිබූ උස් ගොඩනැගිල්ලක් බිමට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් මිනිසුන් කඩා වැටුණු ගොඩනැගිලි තුළ කොටු වී ඇත. බැන්ග්කොක් නගරයේ ගොඩනැගිලි කඩා වැටීමට භූකම්පන සඳහා අවශ්‍ය විශේෂිත සැලසුම් සහ භාවිතා කළ යුතු ඉන්ජිනේරු තාක්ෂණය යොදාගෙන නොතිබීම හේතුවන්නට ඇත.

බොහෝ ජනතාව ජීවත්වන පුද්ගලික නිවාස සහ පන්සල් වැනි රාජ්‍ය ගොඩනැගිලි මේ නීතිය යටතේව නොපවතී. 2007 පෙර ඉදි කළ ගොඩනැගිලි සඳහා භූකම්පන ආරක්ෂක නීති අනිවාර්ය නොවේ. තායිලන්තය මෙවැනි භුකම්පන නිතර සිදුවන රටක් නොවීම අදාළ ඉන්ජිනේරු සැලසුම් භාවිතා නොකිරීමට හේතුවන්නට ඇත.

මෙවන් ආපදාවක් සිදුවිමේදී ඉදිකිරීම්වල භාවිතාකළ තාක්ෂණය සහ ගුණාත්මක භාවිතය ඉතාමත් වැදගත් වේ.

16/03/2023

Road above a building in Tenerife, Canary Islands 🇮🇨

✍️reddit.com

Photos from The Civil Engineer's post 23/10/2022

Not a good practice!

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo