Iroshan Fernando - Writer
19/02/2026
“මට ඔයා නැතුව ඉන්න බෑ - ඔයා නැතුව මන් කොහොමද වෙන කිසිම දෙයක් ඔයා ගැන නොහිතා හිතන්නේ, ඔයාට මේ හැම දෙයක්ම විහිළුවක් වුණාට මට මේක මගේ ජීවිතය”
මීට අවුරුදු ගාණකට කලින් සාශා එව්ව මැසේජ් එකක් මගේ ඔලුවේ එක පාරටම දුවන්න පටන් ගත්තා. ජිවිතේ අන්තිම පාරටම මම සාශාගේ අත අල්ලපු වෙලාවේ එයාගේ ඇස් මගේ ඇස් දිහා නොබලා බිම බලාගෙන පොලොවේ උන්න කූඹියෙක් යන දිහා බලන් ඉඳලා ඒ කූඹියාව අතට අරන් මට පේන්න බෑග් එකේ දා ගත්ත හැටි මට මගේ ඉස්සරහ මැවිලා පෙනුනා.
“ලෝකේ කොයිම දෙයක් වත් දෙපාරක් වෙන්නේ නෑ “ කියලා සාශා එදා රෑ එවපු මැසෙජ් එකේ ස්ක්‍රීන් ශොට් එක මගේ ෆෝන් එකේ වෝල් පේපර් එකේ තාම මාත් එක්කම අවුරුදු ගාණක් ඉන්නවා නේද කියලා මට එක පාරටම මතක් වුනා.
මම ආයේමත් සාශාට මැසෙජ් එකක් ටයිප් කලා
" මට ඔයාව මගේ කර ගන්න බැරි වුනා කියන්නේ අපිට අපේ වෙන්න තිබ්බ අන්තිම අවස්ථාව නැති වුනා කියන එක නෙමෙයි. ලොකේ කොතන හරිම හැම වෙලාවකම කැරකෙන මෙරිගෝ රවුන්ඩ් එකක් කැරකෙන්නේ රවුමට විතරයි. ඒක ලෝකේ කොහේ වුණත් එකයි. ඒත් අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. සමහරක් විට අපිට ඕන නම් මෙරිගෝ රවුන්ඩ් එකක් සමචතුරස්‍රයක් හැඩේට වුණත් කරකවන්න පුළුවන්. ඒත් ඒක කවදාවත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
මම දන්නවා ඔයාට මන් කිව්ව එක තේරුණේ නෑ. මටත් එහෙම තමා ඔයාව තේරෙන්නේ නෑ. අපිට තව එක පාරක් හම්බෙන්න පුලුවන් නම් මන් ආසයි අර එදා අරන් ගිය කූඹියා තාම ඉන්නවද කියලා විතරක් බලන්න
ඔයාට මාව හම්බෙන්න පුලුවන් නම් විතරක් ! "
සිතුම්
ඇස් ලස්සන මිනිස්සුන්ටත් ඇස් කන්නාඩි දාන්න වෙනවා නේද?
Click here to claim your Sponsored Listing.