Ceylon Ayurvedic - 2017

Ceylon Ayurvedic - 2017

Share

25/12/2025

Merry Christmas 🎄🎅✨ !

ආදරය , සිනහව සතුට පිරි සුබ නත්තලක් වේවා ❤️🎄🎅✨ !

19/12/2025

🏋සුන්දරව ඉන්න කැමති කාන්තාවන් අවුරුදු 30 පසු අනිවාර්යයෙන් කළ යුතු ව්‍යායාම.....🏋

🟠Plank.....

සතියකට තුන් වරක් හෝ 4 වරක් තප්පර අනූවක් හෝ විනාඩියක් බැගින් මේ ව්‍යායාමයේ යෙදෙන්නට පුළුවන් නම් ඔබට ඔබේ කොන්දේ ඇතිවන්නට පුළුවන් වේදනාව වලින් මිදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම ව්‍යායාමය මගින් ඔබගේ දෑත් දෙපා කොන්ද උදරය සහ පපුව යන ප්‍රදේශවල ඇති මාංශපේශීන් ශක්තිමත් කරනවා.

🟠Lunges.....

ව්‍යායාමය කරන ආකාරය......

මුලින්ම ඔබේ අත් දෙක ඉන දෙපසින් තබා ගෙන දකුණු කකුල ඉදිරියට තබා අංශක 90ට නවාගන්න.
පිටුපස කකුල ද නවාගෙන බිම ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයට තබා ගත යුතුයි.
ඉන්පසුව එක කකුලකට පහළොස් වතාව බැගින් මාරුවෙන් මාරුවට අවස්ථා තුනක් කකුල් ඉදිරියට තැබීම සහ නැවත පෙර ඉරියව්වට පැමිණීම සිදුකල යුතුයි.

🟠Squats....

මෙමගින් ඔබේ පසුපස ප්‍රදේශය හොඳින් හැඩ කරන අතර ඔබේ කකුල් වලට ද හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

ව්‍යායාමය කරන ආකාරය......

ඔබේ උරහිසේ පළලට කකුල් දෙක තබාගෙන කොණ්ඩ නවන්නේ නැතිව මූණ කෙලින් තබාගෙන ඉදිරිපස බලාගෙන අත් දෙක ඉදිරියට දික්කරමින් සමාන්තරව පහලට එන්න. ඉන්පසු නැවත උඩට එන්න. මෙය විනාඩියක පමණ විවේකයක් ගනිමින් වාර 15 බැගින් තුන් වතාවක් පමණ කරන්න.

🟠Glute bridge......

මෙම ව්‍යායාමය මගින් ඔබේ ඉන දෙපස ඇදීමට ලක් කිරීම මගින් පසුපස මාංශ මාංශපේශීන් ශක්තිමත් කරන අතර එම මාංශ පේශීන් ලිහිල් කිරීමද සිදුවෙනවා.

ව්‍යායාමය කරන ආකාරය......

මුලින්ම ඔබගේ දෑත් සිරුර දෙපසින් තබාගෙන උඩුබැලි අතට පොළවේ වැතිරෙන්න.
දැන් ඔබේ පසුපස මාංශ පේශීන් තද කරගෙන ඉන්න පෙදෙසින් ඉහලට එසවෙන්න.
හැකි තරම් ඉහළට එසවුණු පසු තවත් එක් වරක් මාංශ පේශීන් තද කරන්න.
ඉන්පසු සෙමින් පොලොවට පහත් වෙන්න.

🟠යෝගා ව්‍යායාම......

යෝගා ව්‍යායාම යනු ඕනෑම වයසක කෙනෙකුට ඉතාම පහසුවෙන් නිරත විය හැකි ව්‍යායාමයක්. යෝගා ව්‍යායාම වල නිරතවීම මගින් ශරීරයේ නම්‍යශීලී බව වැඩිවීම, මූලික මාංශ මාංශපේශීන් ශක්තිමත් කිරීම, මානසික ආතතිය අඩු කිරීම සහ නින්ද ගුණාත්මකභාවය වැඩිදියුණු කරගත හැකිය.

🟠මීට අමතරව ඇවිදීම, දිවිම මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් ඔබට පුළුවන්.

🟠වයස අවුරුදු තිහ ලබන කඩඉමේ ඉන්න ඔබට මෙවැනි ව්‍යායාම වලට දැන් සිටම හුරු වෙන්න පුළුවන්. එය ඔබේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට ඔබට උපකාරී වන අතර මෙම ඕනෑම ව්‍යායාමයක් කිරීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය කෙසේදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා බලන්නටත් අමතක කරන්න එපා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

299 Salinda Disanayeka Mawatha Thalawathogoda
Colombo
10116