Day By Day

Day By Day

Share

10/01/2026

ගුණේ අයියා ,

උදේට හොදටෝම පරක්කු වෙලා බස් එක ගන්න පාරට යන දවසට බසුත් පරක්කු වෙලා මට තවත් පරක්කු වෙන දවස් මේ ටිකේම කරදරයක් වෙලා. ඒත් ඉතින් ඉවසන දනා ...... ජය කොඩිය විනා... මාත් හැමදාටම ඉර පායන්නා සේ බස් එක එනකන් අදත් උදේ බලන් උන්නා.

එකම වෙලාවක එක දිගට එකම තැනක රැදෙන කොට ජීවීතේට නොදැකපු මිනිස්සුත් හුරුපුරුදු ඇසට සුව ගෙනෙන අවස්ථා තිබුනට මේ අද දකින්නේ අලුත් කෙනෙක්. වෙනද නොදැකපු හැඩ හුරුවක්. සීයාදෝ මාමාදෝ අනේ පවු කවුරු උනත් මේ වයසට හිටගෙන ගොඩක් වෙලා බලන් ඉන්නෙ බස් එකක් එනකන් බව මම හොදාකාරවම දන්නව.

එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කොච්චරෝවත් බස් දිව්වට ඒවයෙ යන්න මටවත් මේ උන්දෑටවත් වරම් නැති හැටි.

පුතේ .. පූගොඩ බස් යන්නේ නැද්ද මෙතනින්. හැරෙන පමාවට මිනිසා කෙරෙහි දාරක සෙනෙහෙ උපදින හිතක් ඇත්තෝම එය දනී. යනව මාමෙ.

දැන් මට ඕනි එක්මන් කරල 17 බස් එකක් ගෙන්න ගන්න නෙමෙයි. මට යන්න බස් එක එන්න කලියෙන් පූගොඩ බස් එකක් එන්න කියන එක තමයි.

කාලයත් එක්ක මං පුරුදු වෙලා සිදු වන දෙයක් වන්නේ ඇයි දැයි හේතු විමසිමට.

හිතත් එක්ක එකතු වෙලා අනේ මගෙ සීයා වගෙ මේ අහිංසක මූණ උදෙන්ම මට මුනිච්චු උනු එකට හේතු හොයද්දියි අනේ දෙවියනෙ අද ජනවාරි 10 නේද කියල මතක් උනේ.

එදා ගමේ අයට උන්නු ගුණෙ අයියා. සීලා අක්කගෙ ආදරණීය ස්වාමිපුරුෂයා. දරුවො රොත්තකට තාත්තා උනු කෙනා දවාලියෙ වෙනද වගේම උන්නු පුටුවෙ හිටයදෝ නොහිටියදෝ මට අමතකයි. අනේ අම්මේ මට අද class යන්න බැහැ කිව්වට මට class යන්න උනා. මොකද අම්මගේ දාරක සෙනෙහෙ ඇතුලෙ ඇයට ඕනි උනේ ඇගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම. ආච්චිගේ කලබලේ මොකක්දෝ අමුත්තක් උනාට ගෙදර ආ ගමන් සීය බලන්න යන පොරොන්දුවට class ගිය කෙල්ල ගෙදර ඇවිත් තාත්තා එනකන් බලන් ඉද්දි තාත්තගෙ call එකෙන් ජීවිතේ පළවෙනි වතාවට මගෙ සවිමත් අප්පුච්චා හැඬුම් ස්වරයෙන් කිව්ව කතාව මාව දවසක් අඩවන්න ඇති.

විහිලුවෙන් දවස ගෙව්වට ආච්චිව අඩවන විහිලුත් සීය ලග තිබුනා. ආච්චි සිල්ගන්න කැලණි පන්සල් ගිය දාක මිදුල අතු ගානකොට සීයගෙ උරහිසේ වහල උන්නු මදුරුවා කොට්ට බෝලයක් වෙලා උන්නා. ඕන් සීයේ මදුරුවා ඉන්න මන් ඕකව මරන්න. පුංචි කමට එහෙම කිව්වට සීය කිව්වේ ඌ බඩ පුරෝ ගත්තම පෝය දවසෙ සීයට ගෙදර ඉදන්ම පින් කරගත්තැකි ආච්චි වගේ පන්සල් නොගියට කියල. එහෙව් කතා කිව්ව කෝටුවක් වගේ හිටපු උන්දැගෙ උරහිස ලග හැදෙන වලට වතුර දාල මාළුවෙක් දාල බලන්නත් ඒකාලෙ මට උවමනාවක් නොතිබ්බම නෙමේ.

අනේ ඉතින් අදටත් අයෙත් එක පාරකට වත් කන්න බැරිවුණු ලෝකෙ රසම බත් කට කැව්වෙත් මයෙ මේ ගුණේ අයියා අතින් කවල තමයි. අදට අවුරුදු 10 කට කිට්ටුව ඔයා යන්නම ගියත් ඔයාගෙයි මගෙයි මතක නොමැරී මගෙ ලග තියෙන එක මට හරි සතුටුයි. ඒත් මට සමාවෙන්න ඔයාගෙ සුදු බෙලෙක් පිඟාන මට පරිස්සම් කර ගන්න බැරි උනාට.

ආච්චිටත් හොරෙන් පුටුවෙ කොට්ටෙ අස්සෙ හන්ගන් උන්නු ටොෆි මට දුන්නට කන්න උනේ නැහැ සීයෙ ඒවට එතකොට කූඹී ඇවිත් හිටියනේ. කමක් නැහැ සීයෙ ඒව මන් නොකෑවට ඔයාගෙ ලග ඉදන් ඔයාගෙන් ජීවිතේ ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තනේ.

මම ආදරෙයි.
පරිස්සමින් ඉන්න ගුණේ,
චූටි මිණිපිරී.

03/01/2026

ලස්සනට පටන් ගත්තු 26 අවුරුද්දම කොච්චරක් කාර්ය බහුල වෙයිද කියන්න හිතා ගන්නවත් අමාරුයි. ඒත් ඒ කාර්යබහුලත්වයට මගේ ජීවිතේ සමීපතමයන් ආදරණීයන් මඟ හැරෙන්නට නොදිය යුතුයි කියන දේ අද උදේ මගෙ ඔලුවට වැටුනේ මේ photo එක දැක්කට පස්සේ. ඒකට ලොකු හේතුවක් මෙහෙම photo දකිනකොට හිතට එන සිතුවිලි ඒ මොහොතේම ඒ අ‍යත් එක්ක බෙදා ගන්න හැකියාවක් නැති කම.

මේ ඉන්නෙ බණඩාර සර් එයගෙ ප්‍රිය බිරිඳ එක්ක.
Nishan Bandara Niluka Lakmali

සර්ව මුලින්ම දැක්ක දවස මට අද වගේ මතකයි . ගුරුවරෙයෙක් කියල හිතන්නවත් බැරි මොහොතක මම දහම් පාසලේ උදේ වැඩ වලට සම්භන්ද වෙමින් පරණ බණ මඩුවෙ හිටියෙ. සර් සර්ගෙ පුතාව දහම් පාසලට ඇරලවන්න එක්කන් ඇවිත් හිටියෙ. සරමයි ශර්ට් එකයි ඇදල හරිම සාමාන්‍ය තාත්තා කෙනෙක් මන් එදා සර්ගෙන් දැක්කෙ. එතකොට සුධීර හාමුදුරුවො සර් එක්ක කතා කරා. එච්චරයි .

විශේෂම දේ ටික දවසකින් සර් පාසල් ගුරු භූමිකාවෙන් මෙහාට දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අපේ දහම් පාසලට ආවා. ඔහු ලොකු සර් , ටීචල ගොඩක් හිටපු අපේ දහම් පාසලට තවත් පිරිමි ගුරුවරයෙක් වීම මන් දකින්නෙ දහම් පාසලට ආශිර්වාදයක් විදිහට.

ඒ වගේම මට මතකයි සර්ගෙ ප්‍රිය බිරිඳව මුලින්ම දැක්කෙත් හරි අපූරු දවසක. අපේ දහම් පාසලෙ සල්පිල දවසක සුදු බෝලයක් වගෙ ලස්සන කෙනෙක් සර් එක්කන් ආවා. එතකොට සර්ලගෙ පුංචි දුව ලැබෙන්න ඉන්න කාලෙ. පුලුවන් තරම් පාන්දර වෙනකන් නැන්දත් එදා පන්සලේ හිටියා.

ඒ මතක ඔක්කොම අවුස්සල ගත්තෙ මේ ලස්සන පින්තූරේ. එකට හේතුව අදටත් බණ්ඩාර සර්ත් ප්‍රිය බිරිඳත් එදා දැක්ක වගේම ඉන්න එක. පොඩ්ඩක් වත් වයසට නොගිහින් මෙහෙම ඉන්න ගුරුවරු මට හැමදාව දකින්න හම්බෙනවා.
ඒක නිසාම මට මේ පින්තූරෙ දැක්කම හරිම ලොකු සතුටක් දැනුනා.

එදා වගේම අදටත් සර් වගේම දහම් පාසලේ මගේ ආදරනීය ගුරුවරුන් මට ලොකු ජීවිත අත්දැකීම් එකතු කරපු පිරිසක්. පිටු පිරෙන්න ලියන්න කතා ගොන්නක් එයලත් එක්ක මට තියෙනවා. ඒ ගැන මට තියෙන්නෙ දරුවෙක් වීමේ ආශිර්වාදාත්මක සතුටක්.

සර්ගෙන ලැබුනු ජීවතානුබද්ද කතා අදටත් මට ලොකු හයියක්. හැමදාම මේ විදිහටම සතුටින් ලස්සනට ජීවත් වෙන්න සර්ට පුලුවන් වෙන්න ඕනි.

සර් දුන්නු උපදෙස් , සර් දහම් පාසල වෙනුවෙන් කරපු දේවල් විතරක් නෙමෙයි ගමේ ළමයින්ට නොමිලේම ICT උගන්නන්න වුනු මහන්සියත් ලොකු සර්ට හයියක් වේලා අපි ගුරු පවුල ඇතුලෙ හදපු ලස්සන බැදීමටත් ගොඩක් ස්තුතියි සර්.

15/10/2025

පත්තර කඩේ පෙම්වතා

ඔන්න එකමත් එක කාලෙකකකක .......
ඔයාලා හිතන් ඉන්නෙ දැන් මන් එහෙම කිවුවම මේක මේ වලගම්බා රජ සමයෙ හරි , නැත්නම් ක්‍රිස්තු පූර්ව බර ගාණකට කලින් වුනු කතාවක් කියලද? අයියෝ... නැහැ අයියෝ ... ඒක මේ කතාව පටන් ගන්න නිසා දාපු කෑල්ලක්..

හරි හරි කතාවට

ඉතින් ලස්සන කැලේක තිබුනලු පුදුම ලස්සනක්.
මොකක්? ලස්සන කැලේක පුදුම ලස්සනක්? .. ඔව් ඔව් පුදුම ලස්සනක් ආවේ මෙන්න මෙහෙමයි හරිද..

කැලේ තිබුනු මල්. ඒවා හරියට දෙව් ලොව පරසතු මල් වගේ. දැන් ඉතින් පරසතු මල් දැකල තියෙනවැයි. අහ් නැද්ද? නැත්නම් අහපල්ලකො මොනවද ඒ ඒ කියලවත්. හරි හරි ඔය ඔය පන්සල් වල බිත්ති පූරා මල් සිතුවම් කලෙත් අපි වගේ උන්දැලැ වෙච්චි කොට කොහොමද දෙයියනේ ඒවා ඇත්තටම පරසතු මල් වලට සමයි කියන්නෙ.. ආන්න ඒකයි ඒ මල් අපි කවදාවත් දැකල නැති තරම් ලස්සනක් තියෙන මල් ජාතියක්.

හරි කතාවට
ආන්න ඒවගෙ මල් තියෙන , දෙව් ලොව වගෙ ගස් තියෙන, සතා සිවුපාවගෙ ඉදලම දෙව්ලොව ගති තියෙනවනම් අන්න එහෙම කැලයක් තමයි අපි ඇස් දෙකෙන් දැක්කම ලස්සන කැලේක පුදුම ලස්සනක් වෙන්නෙ..

ඉතින් අන්න ඒ පුදුම ලස්සන කැලේ පුදුම ලස්සන පුසුබක් තියෙන මලක් සැබෑ ලොකේ ප්‍රේමයකට පෙම් බැන්දලු. අදටත් මටවත් හොයා ගන්න බැරි උනා බොලේ එයා පෙම් වන්තයෙක්ද,වන්තියක්ද කියල .... ඉතින් අන්න ඒ ප්‍රේමයේ ඇලී වෙලී ඉදපු මල ප්‍රේමයට හිමි නොවීම මිය ගිය කතාව ගැන එදා පත්තරේක මෙහෙම සටහන් උනාලු.

රැෆ්ලේසියා ආර්නෝල්ඩි සතියක් අවසන හුස්ම හෙලයි .

පව් නේද දෙයියනේ ... පව් පින් බලන්න තිබ්බා කතාව නොතේරුනු අය මල්කුමාරිගෙ නම google කලානම්.

හරි කොහොම හරි පත්තරේ මල්ලි (වින්කලේ වැඩ කරන මල්ලි - වින්කලේ මල්ලි නම්, පතල් අයිති මල්ලි - පතලේ මල්ලි නම් ) ඉතින් මේ කතාව කියවල හිතුවලු මලක් උනහම සුවඳක් ඕනිමද , මලක් උනහම පාටක් ඕනිමද , මලක් නම් එයා මලක් තමයි නේද මගෙ වස්තුවේ මම අද ඔයාට මලක් දෙන්නම් කියලා.

ඔන්න ඔහොම දීපූ ලස්සන පත්තර මලක් එක්ක දවසක් එයාගෙ ලස්සන ලෝකේ ලස්සනම ආදර කතාව ලියන්න පත්‍තරේ මල්ලිට පුලුවන් උනාලු.

ඉතිම් දෙයියනේ තවම බැරි උනාද ඔයාට ඔයාගෙ ප්‍රේමයට මොකක්ම හරි මලක් දීලා ඔයාගෙ පුදුම තරම් ආදරේ ගැන කියල පෙන්නන්න. පරක්කු නැහැ ළමයෝ ඒ මල ගඳක් සුවඳක් මොකක් එක්ක තිබුනත් ආදරේට ලැබෙන නියම වටිනාකම ලැබෙන්න නම් ඔයා ඒකට මුල් පියවර තියන්නම ඕනිනේ

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo