Shehi Perera

Shehi Perera

Share

12/01/2026

රෝස විලාවේ අබිරහස - part 21(22)

අපි ඉස්තෝප්පුවෙහි බිම එලූ පැදුරු මත හිඳ සිටියෙමු. මම, එඩ්මන්, ශ්‍රියානන්ද, ගිමාරා හාමි, නිලා, වෙරෝනිකා. පොරොන්සිනා, පද්මසිරි, මත්තප්පු - අපට ඉදිරියෙන් බංකුව මත අඳුන විය. ඒ ඉදිරියෙන් ඒ දෙස බලා සිටියේ තිලකය. ඒ අසලම කර්නේලිස් ගුරුන්නාන්සේ. මල්වල හා දුම්වල සුවඳ අවට විය. අද රෑ ඉස්තෝප්පුවේ චිමිනි ලාම්පුව දැල් වී නොතිබිණි. එළියකට තිබුණේ අඳුන ඉදිරියේ වූ පොල්තෙල් මැටි පහනම පමණි.

තිලක උවමනාවෙන් කළු අඳුන දෙස බලා සිටියේය.

"ආං වඳුරු රාජයා ඇවිත් ගියා ' තිලක කීවේය. ඔහු ඇතැම් දේවල් මතුරමින් කියද්දී මට කිසිවක් පැහැදිලි නොවීය.

" තව මොනවද පුතා පේන්නෙ?" කර්තේලිස් ගුරුන්නාන්සේ කරුණාබර හඬකින් ඇසුවේය.

" කෙසෙල් ගස් වගයක් පේනවා. වත්ත පල්ලෙහා. මායිමක් තියෙනවා. එතන යට - එතන යට - වළලලා තියෙනවා - ඒක - ඒක ගොඩ ගන්න ඕනෑ. පහන් පැල ළඟ - පහන් ගුල ළඟ කී තිලක කතාව නතර කර කට හැර බලා සිටින්නට වුණේය.

" ඇයි තිලකයො ? " ගිමාරාහාමි කීවාය.

" ලොකු නෝනා කියනවා " තිලක කීය. ලොකු නෝනා ආවා. යන්න බෑ

"ඇයි ?" කර්තේලිස් ගුරුන්නාන්සේ ඇසීය.

ළමයා දාලා යන්න බෑ කියනවා. මේක ඉවරයක් වෙන කල් යන්න බෑ කියනවා "

"මොකක් ඉවර වෙන කල්ද? එඩ්මන් ඇසුවේය.

"මේක ඉවරයක් වෙන කල් බෑ" තිලක දැඩි ස්වරයෙන් යළිත් කීය.
හදිසියේම මා අසල හිඳ සිටි වෙරෝනිකා" භානේ!" කීවාය. එය හුස්ම හිරවීමකී හඬකි. අනතුරුව ඈ එක්වනම නැගිට්ටාය. ගිරිය යටින් හුවක් තිබ්බාය. ඉහළ බලද්දී මට පෙනුණේ. දර දඬු වූ දෑත් දෙපසත් කරගත් ඇගේ ඍජු රුවයි. සුදු සාරිය සුදු හැට්ටය - ඇගේ රන් වළලු.

ඈ එක්වනම පැදුර අසලින් පහන් පැල අතට යන්නට වුණාය.

" අනේ මේ - මාව නවත්ත ගන්න - නවත්ත ගන්න ' ඈ කැ ගැසුවාය.

හැමදෙනාගේම අවධානය ඈ වෙතය. "දනවා - දනවා * ඈ කෑ ගැසුවාය.

* ඇයි වෙරෝනිකා ඇයි ? * එඩ්මන්ද පෙරළා කෑ ගැසුවේය.

ඇගෙන් එක එල්ලේ පිළිතුරක් නොවීය. ඈ කෑ ගසමින් පහන් පැල අතට දිව්වාය. පහන් පැලෙහි පහන දැල්වෙමින් තිබිණි. එතැනට ගිය ඈ දෑත් එකතු කරගෙන "දෙවියනේ. දෙවියනේ කීවාය. අපි සැම දෙනාම මෙන් ඒ අතට දුව ගියෙමු.

ඉස්තෝප්පුවෙන් මිදුලට බහින්නට මා තුළ බියක්, චකිතයක් විය. අඳුන බැලූ තිලක, ගුරුන්නාන්සේ, හැමදෙනාමත් වෙරෝනිකා දෙස දෑස් දල්වාගෙන බලා සිටියහ. එතැන අඩු වූයේ නිලන්ති පමණි. මම හැරී බැලුවෙමි.

නිලන්ති අඳුනට දෑස් දල්වාගෙන එහි දිලිසෙන කළුව දෙස බලා සිටියාය. මම ඈ අතට දුව ගියෙමි.

"නිලන්ති "

"පේනවා - මට පේනවා " මොනවද නිලා ? "

"වඳුරා..... - වඳුරා...."

ඒ අතරේ වෙරෝනිකාගේ කෑ ගැසීම උත්සන්න විය. ඈ පරලයකින් මෙන් පහන් පැල ළඟ හැසිරුණේ. අතපය විසිකරමින් ඈ නැටුමක යෙදුණාය. ඇගේ කෙස් රළ මුහුණ වටා විසිරුණි. පහන් එළියට ඇගේ ඩා බිඳු මුහුණේ මුතු කැට සේ විය.
"නිලන්ති, මොනවද පේන්නෙ නිලන්ති? මම ඇසුවෙමි.

" සේරම - සේරම ' නිලන්ති ඉතාම උනන්දුවෙන් අඳුනට දෑස් යොමා කීවාය.

එක්වනම වෙරෝනිකා හඬ නගාගෙන පහන් පැල අසල බිම ඇද වැටුණාය.

එඩ්මන් දුවගොස් ඈ අල්ලා ගත්තේය.

" අනේ - මාව කාමරේට ගෙනියන්න. මාව මගේ කාමරයට ගෙනියන්න ' වෙරෝනිකා දඟලමින් කෑගැසුවාය.

එඩ්මන් හා ශ්‍රියානන්ද ඇයව ඔසවා ගත්තෝය. ආපසු ඉස්තෝප්පුවට එනවාට වඩා මිදුල පැත්තෙන්ම ඇගේ කාමරයට යාම පහසුය. ගිමාරාහාමි විදුලි පන්දම දැල්ලුවාය.

පොරොන්සිනාද, කර්තේලිස් ගුරුන්නාන්සේ ද, පද්මසිරිද. මත්තප්පුවද, තිලකද හැමදෙනාම ඒ පසු පසින් ගියහ.

එඩ්මන් හා ශ්‍රියානන්ද වෙරෝනිකාව ඔසවාගෙන ඇගේ කාමරය අතට යද්දී මම නිලන්ති සිටි තැනට ගියෙමි.

ඇගේ දෑසෙහි කදුළුය.

" දරුවට ගැහුවා " ඈ කීවාය. "දරුවට ගහන්න හොඳ නෑ. දරුවට ගැහුවා - දරුවට මොනව තේරෙනවද?"

"කවුද දරුවා නිලන්ති? '

" නිලන්ති "

"නිලන්තිද දරුවා "

"ඔව් - නිලන්ති '

පද්මසිරි ඉස්තෝප්පුවෙන් දුව අවුත්, පෝටිකෝවට ගියේ බයිසිකලයට නැගීමටයි.

කොහෙ යන්නද පද්මසිරි?" මම ඇසුවෙමි.

"මං යනවා කුලී කාරෙකක් ගේන්න. නෝනව වෙද ගෙදර ගනියන්න - නැත්තං ඉස්පිරිතාලෙට

පද්මසිරි බයිසිකලයේ නැගී පාරට යද්දී මම නිලන්තිව තනි කරමින් වෙරෝනිකාගේ කාමරය අතට දුව ගියෙමි. මා එහි "මං නං හිතන්නෙ ඉස්පිරිතාලෙට ගෙනියන එක හොදයි "

"මාත් හිතනවා"

"ෂොක් එකක් වගේ..."

" මදැයි අඳුන් බැලුවා

"එයාට කාව හරි ආවේස වුණා... ටික වෙලාවකට "

කවුද?"

"කවුද දන්නේ?"

මොනව වෙයිද ශ්‍රියා

ඒවා අපිට කියන්න බැහැ - හේමා. හැම දේම තුලනයක තියෙන්නෙ. හරියට ගණිත විසඳුමක් වගේ. එකයි - එකයි දෙකයි. ඵලයට ප්‍රතිඵලයක් තියෙනවා. හැම දේකින්ම මොකක් හරි තව දෙයක් සිද්ධ වෙනවා. කැරකි කැරකි යන රෝදයක් වගේ.

ඒක හරි යැයි මම සිතුවෙමි. අඳුන ගෙන ආවායින් වෙරෝනිකාට නරකක් වුණා නම් එයින් වූ හොඳකුත් ඇත. නිලන්ති අඳුනෙන් දුටු දේ සියල්ල පැහැදිලි කෙරෙන හොඳක් විය හැකිය. තෙල් පහනේ මඳ එළියෙන් දිලිසෙන ඇගේ වුවනත්, දෑසත් දෙස මම මඳ වෙලාවකට බලා සිටියෙමි. ඇගේ වේදනා සෝදා හැරියාක් මෙන් පෙනුමක් එහි විය.

පද්මසිරි ඇණවුම් කළ කුලී රිය තාප්පය අසලින් වත්තට හැරවිණි.

තව මඳ වේලාවකින්, එඩ්මන්ට වත්තන් වී ගෙන වෙරෝනිකා ඉස්තෝප්පුවට ආවාය. ඈ රියට නැංගේ ඔහුගේත්, ශ්‍රියානන්දගේත් උදව්වෙනි.

ඒ දෙදෙනාම වෙරෝනිකා සමඟ ගමනට සහභාගී වූහ. කළුතර රෝහලට යාම වඩාත් සුදුසු බව එඩ්මන් තීරණය කර තිබිණි.

කර්තේලිස් ගුරුන්නාන්සේ ද ඒ රියේම කළුතර අතට යන්නට සිතුවත් පොරොන්සිනා කිවේ ඔහුට කෑම ටිකක් කා රැ නැවතී නිවිහැන්නේ යන ලෙසය.
මත්තප්පුත්, පද්ම සිරිත් කුලී රිය පිටව ගිය පසු කෑම කා පිටව ගියහ. එඩ්මන් හා ශ්‍රියානන්ද පෙරළා එනතෙක් කෑම ගැනීමට මට සිත් දුන්නේ නැත. ගුරුන්නාන්සේ පොරොන්සිනා බෙදා දුන් බත මැද මිදුලේ හිඳ කා ඈ හා කතාවට වැටුණේය.

මම නිලන්තිට කෑම බෙදා දුන්නෙමි. ඈ කෑවට පසු මම ඈ කාමරයට කැඳවා ගියෙමි.

ඉතිං නිලන්ති කියන්නකො මට " ඇයව ඇඳෙහි හිඳුවා ඈ අසල හිඳ මම විමසුවෙමි.

" මං පොඩි කාලෙ.... දවසක එඩ්මන් බාප්පා.... මට ගැහුවා..."

"එඩ්මන් බාප්පා?"

" ඔව් බාප්පා තමයි. එදා තමයි මගේ කන ඇහෙන්නෙ නැතුව ගියේ

මට මඳකට කතා කරගත නොහැකි විය. ඉක්කාවක් මෙන් මා මුවින් පිට වූ එකම වදන" ඇයි? " යන්නය.

* මන්දා ඉන්නවා මං දැක්කා එඩ්මන් ඛාප්පා අම්මත් එක්ක

" අම්මා?"

" ඔව් අම්මා "

" කවුද - අම්මා?"

"වේ - වේ - වේ - වෙරෝනිකා"

"වෙරෝනිකා ! "

ඈ දොඩ වන්නේ සැබෑවක්මද?

වෙරෝනිකා ඇගේ අම්මාලු!

"මොකද වුණේ නිලන්ති?"

"මං අඳුනෙන් දැක්කෙ....... එඩ්මන් මගේ බාප්පා නෙවී "

"එහෙනං?"

"මගේ තාත්තා "
මොනවද මේ කෙල්ල කියන්නේ? පිස්සු මනස්ගත !"

බාටින්ගෙ ළමයෙක් නෙමෙයි මම. බාටින්ට ළමයි නැහැ. එඩ්මන් වෙරෝනිකා එක්ක යාළුයි. මං ඉපදුණේ එහෙමයි. ඒ වුණාට ඒ දෙන්නම මට ආදරේ නැහැ

ඒ මොකද නිලන්ති ? *

" මන්දා. මං ලජ්ජාවක් වෙන්න ඇති. වේ - වේ - වේ. වෙරෝනිකාට පිස්සු වගේ වුණා.... බාටින් මැරුණාම - බාටින් මැරුණෙ නෑ...... මැ - මැරුවා"

" මැරුවා? කවුද?"

"එඩ්මන්"

"එඩ්මන් බාටින්ව මැරුවා?"

මෙය අදහා ගත හැකිද? ඈ මනෝමය ලෝකයක මවා ගන්නා කතාවක්ද මේ?

"ඔව්. එඩ්මන් බාටින්ව මැරුවා"

" කොහොමද නිලන්ති ඒක වුණේ ?"

"මං අඳුනෙ දැක්කා - එයා බෙහෙතක් හදලා දුන්නා - වස - ඒක බීලා බාටින් මැරුණා "

" ඔය ඇත්තමද නිලන්ති?'

විය. " බොරු මොකටද? ඇගේ කට හඬට අමනාපයක් එකතු

ඇයට දොඩවන්නට හැර මම අසා සිටියෙමි

මං අඳුනෙ දක්කා. මට ඒක පෙන්නුවෙ ආච්චි. ඒ කිව්වේ බාටින්ගෙ අම්මා. බාටිනුයි. ආච්චියි දෙන්නම තාම වත්තෙ ඉන්නවා

ඒ මොන එහෙකටද නිලන්ති?

පළිගන්න - එඩ්මන්ගෙන් පළිගන්න - බාටින්ව මැරුවට වෙරෝනිකා එක්ක බුදියෙව්වට.... මං ඉපදුණාට ... මට ගැහුවට - මගේ කන පැලෙන්න ගැහුවට

"කන පැලෙන්න? "
"ඔව්. මං දන්නා ඒ දෙන්නා එකට - එකට ඉන්නවා. මං එතකොට පොඩියි - එඩ්මන් මාව දක්කා මට ගැහුවා කම්මුලට. සේරම් දෙදරලා ගියා. ඊට පස්සෙ මට ඇහෙන්නෙ නැතුව ගියා. මම ඊට පස්සෙ කතා කෙරුවෙ නැහැ"

" දැනුත් රිදෙනවාද නිලන්සි? '

"නෑ රිදෙන්නෙ නෑ. සැරින් සැරේ... මට ඇහෙනවා. ඒ වුණාට මං කතා නොකර ඇරියා "

"ຊາຜີ?"

එතකොට ලේසියි - කරදර අඩුයි. මට හැම දේම ඇහෙනවා. තේරෙනවා - නැන්දා "

ඈ මට නැන්දා යැයි මුලින්ම ඇමතුවේ මේ මොහොතේය. මගේ ඇසට කදුළු නැඟුණි. ඇගේ දෑස්ද කඳුලෙන් පිරිලාය.

" මගේ වේදනාව ආච්චි අම්මට තේරුණා. ආච්චි අම්මා මාව බලා ගන්නවා. ඒක මට තේරෙනවා

" නිලන්ති මමත් ආච්චි අම්මව දැකලා තියෙනවා. බාටින්වත් දැකලා තියෙනවා "

බාටින්ට ඕනෑ පළිගන්න. ආච්චි අම්මා ඒකට කැමති නෑ. ඒ වුණාට බාටින්ට පළිගන්න කල් යන්නෙ නෑ. එතකල් ආච්චි අම්මා යන්නෙත් නෑ "

රත්නතිලක හාමිනේත්, බාටිනුත් යම්කිසි සුළියකට හසුවී එයින් මිදී යාමට නොහැකිව සිටිය කියායි මට හැඟුණේ. එඩ්මන් හා වෙරෝනිකා තවත් සුළියක පැටලී කැරකෙයි. මා මෙතැනට කඩා වැටුණේ මොන කරුමයකටද?

එඩ්මන් හා වෙරෝනිකාගේ සහයෝගයෙන් උපන් දැරියකි නිලන්ති. එහෙම නම් ඇයව අතරමං කළේ, ඇයට අවසත්කාර කරන්නේ ඇයි? මට වටහාගත නොහැක.

" නිලන්ති, ඇයි ඔයාගෙ අම්මා, තාත්තා ඔයාට ඔය විදියට සලකන්නේ ? "

" මන්දා - මට කියන්නේ නිලන්ති නෙවි. නිලා නිලා කියලා. මාව පොඩි කාලෙ ඉදලම බලා ගත්තේ ගිමාරාහාමි"
" ගිමාරාහාමි?"

" ඔව් ගිමාරාහාමි තමයි මාව බලාගත්තේ තිලක මගෙ අයිය වගේ. ඒ වුණාට මං කතා කෙරුවෙම නෑ නැන්ද එන කල් බාටින් මැරුණට පස්සෙ වෙරෝනිකාට පිස්සු වුණා. එඩ්මන් ළඟටවත් එනවට කැමති වුණේ නෑ. ඒකයි, ඒකයි...."

වෙරෝනිකා ඇගේ ලෝකයේ තනි වූ ආකාරය මට දන් පැහැදිලි වන්නට විය.

නිලන්ති කී දෙයින් කොපමණ තරමක් ඈ අඳුනේ දුටුවාද, කොපමණ තරමක් ඈ හැබැහින් දුටුවාද මම නොදනිමි. මේ සියල්ල පිළිබඳ වඩාත් දන්නේ පොරොන්සිනා හා ගිමාරාහාමිය. එහෙත් ඒ දෙදෙනාද තවත් සුළියක කැරකෙමින් නිහඬ වත රකිති. දෙදෙනාම එඩ්මන්ගෙන් යැපෙන්නෝය. ඔවුන් කතා කළොත් ඔවන්ගේ ජීවිතය වෙනස් වෙයි. ඉහට හෙවණක් පවා නැතිව යයි. ඔවුන් ගොළුවත රකින්නේ ඒ හෙයිනි. වෙරෝනිකා යන එනමං නැති නිසා ඇගේ කාමර ලෝකයේ හිරවෙලාය. එඩ්මන්ට ළංවිය නොහැකි සේ ඈ උමතුවක් මවාගෙනය. මා ආවේ ඔහුගේ අඩුව පිරිමහන්නටය. ඔහුගේ ආසාවන් සපුරන්නටය. රෝස විලාවේ අබිරහස විසඳන්නට නොවේ.

" මට කවුරුවක් නෑ නැන්දෙ මං ඉන්නවට ඉන්නවා නිලන්ති මට තුරුළුව හඬන්නට වුණාය." නැන්දා ආවට පස්සෙ මං මුලදි තවත් බය වුණා. ඒ වුණාට නැන්දා මට උදව් කරනවා කියලා දැනගත්තාම..." ඇයට කදුළු වාවාගත නොහැකි විය.

" අඬන්න එපා දුවේ අඬන්න එපා * මම ඇගේ හිස පිරිමැද්දෙමි. " මං ඉන්නවා ඔයාව බලාගන්න"

" මාව අතරමං කරලා නම් යන්න එපා නැන්දෙ මට වෙන කවුරුවත් නැහැ "

"මං වෙන කොහේ යන්නද දුවේ?"

" මං නැන්දගෙ වළල්ල හොරකං කෙරුවෙ නෑ. ඒක ගත්තෙ....."

" මං දන්නවා, මං දන්නවා..."

" නැන්දා දන්නවනං මට ඒ ඇති.මට සතුටුයි " ඇගේ කටහඬ නිදිබර වන්නට විය. ඈ ඇඳෙහි ඇලවුණාය.

"දුව ඔහොම නිදා ගන්නකො දුව....

ඈ වියන් ඇඳෙහි පාමුල මෙන් වකුටුව වැතිරුණාය. මමත් කල්පනාවෙන් නින්දට වැටුණෙමි.

මා හදිසියේම ඇහැරුණේ එඩ්මන්ගේ කටහඬ අසමිනි. ඔහු වියන් ඇඳ ළඟ සිටගෙන සිටියේය.

"එඩ්මන්! කෝ වෙරෝනිකා?"

" නවත්තලා ආව ඉස්පිරිතාලෙ " ඔහුගේ කටහඬ දියාරුය. බීමතින් මෙනි.

" කෝ ශ්‍රියානන්ද ?

"ອີຜາ..."

"ඔයා කාලා නෑ නේද?"

"බඩගිනි නෑ "

" කීයද වෙලාව?"

" මං කොහොමද දන්නේ?" නොරිස්සුම් හඬකි. මේකි මෙතන මොනව කරනවද ?" අපේ ඇඳේ?"

ඔයාගෙම දුව නේදැයි කියන්නට සිතුණත් මගේ දිව නොනැමුණි.

" ඔයා බීලා නේද එඩ්මන්?"

ඒ ප්‍රශ්නය මා ඇසිය යුතු නැති ප්‍රශ්නයක් වන්නට ඇත. ඔහු මට පිළිතුරක් නොදුන්නේය. ඔහු අත්ල ඔසවා නිලන්තිගේ පසුපසට පහරක් දුන්නේය.

නිලන්ති වේදනාවෙන් හඬාගෙන අවදි වුණාය. ඒ වහාම ඔහු රුව දැකදෝ ඇගේ හැඬුම ගොළු විය. ඔහු ඇයව ඇඳෙන් බිමට හෙළීය.

මා එපා කියද්දී ඔහු ඇයට පහර දුන්නේය.

නිලන්ති කාමරයෙන් පිටතට දිව්වාය. ඈ ගැන සොයන්නට යන්නට මට වරමක් නොවීය. ඔහු පැමිණ මා තුරුළු කොට මා සිප ගන්නට වුණේය. ඔහුගේ වියරු ආශාවන් පුබුදු වුණා සේය. ඔහු මා ඇඳ මත හෙළුවේය. මම හඬ නොනගා හිඳින්නට තැත් කළෙමි. පොරොන්සිනා - මත්තප්පු ඔවුන් දෙදෙනාම ගෙයි පසු කොටසේ නිදි ඇති. ඒ කොටසට යන කෑම කාමර දොර අගුල්ලා ඇති හෙයින් ඔවුන්ට ගෙට ආ නොහැක. මම මේ රෝස විලාවේ සිර වෙලාය.

නිලන්තිගේ ඉකි බිඳුම් එහා කාමරයෙන් ඇසෙන්නට විය. මා ඇයව රැක ගන්නා බවට පොරොන්දු වුණා නොවේද? එහෙත් මම ද දැන් ඔහුගේ ග්‍රහණයේ අසරණියක් වුණෙමි. ඔහුගේ යටි බඩින් නැගී එන්නේ රත් යවුලකි. මට එයින් මිදී යා නොහැක.

ඔහු ප්‍රාණවත් වී ඇත්තේ මධුවිතෙන්ද? තමාම හදාගත් කසායෙන්ද? ඒ නැත්නම් නිලන්තිට දුන් පහරවල ආවේගයෙන්ද? ඒත් නැත්නම් ඒ තුනෙහිම සංකලනයකින්ද ඔහුගේ කාම වියරුව ඇවිස්සුණේ?

මට ඔහුගෙන් ගැලවී යා නොහැකි විය. මම ඔහුට අවනතවුණෙමි. මා ඔහුව සැනසිය යුතුය. ඔහුගේ පිපාසාව සංසිඳවිය යුතුය. එහෙත් කෙසේ හෝ මා මෙතනින් පලා යා යුතුය. ඔහුගේ සිරුරෙන් මා තෙරපන අතර මම ශ්‍රියානන්දගේ වුවන සිතෙහි මවා ගත්තෙමි. ඒ සිනහව - ඒ සෙනෙහස ඒ දයා කරුණාව. ඔහු පිළිබඳව මතකයක මම එඩ්මන්ට අවනතවුණෙමි.

මා ඒ ගත කළ අඩ හෝරාව කල්පයක් තරම් දිගු විය. කවුදෝ මා දෙස බලා ඉන්නාක් මෙනි මට හැඟුණේ. රත්නතිලක හාමිනේ - බාටින් - ඔවුන් එඩ්මන්ගේ උරහිසට උඩින් බලා සිටින්නාක් වැන්න. අන්තිමේදී එඩ්මන් තෘප්තියේ හඬක් නඟමින් මගෙන් ඈත් වුණේය. මම දහදියෙන් නැහැවී සිටියෙමි. ඔහුද දහදියෙන් නැහැවිලාය.

යමුද. නාගන්න * ඔහු ඇසුවේය.
....... දහදිය අතර මගේ නෙත කඳුළුද මතු වේ.

* යමුද නාගන්න කෙල්ලෙ ?

" ඔයා යන්න - මේ රෑ? "
"රෑ වුණාම මොකද? මේ අපේ ගෙදරනෙ? අපේ රෝස විලාව" ඔහු මගේ කෙස් රළක් ගෙන අතැඟිල්ලක කරකැවීය.

"ඔයා ගිහින් නාගෙන එන්න එඩ්මන්

ඔහු නැගිට සරම හිණ දවටා ගත්තේය.

වෙරෝනිකාව තව දවසක් දෙකක් තියාගනිවී හොස් පිටල් එකේ ඔහු බෝල කුඩුවෙන් තුවාය ගෙන කරලා ගත්තේය. මං නාගෙන එනවා "

ඔහුගේ පිට වී යාම මට සහනයක් විය. ඔහු පසු අතට යන දොරගුළු හැරගෙන යනු අසා සිටි මම ඇඳෙන් නැගිට නිලන්තගේ කාමරයට ගියෙමි. ඈ ඇගේ ඇඳෙහි වැතිර ඉකිබින්දාය.

නිලන්ති......දුවේ "

ඈ කතා නැත. මුනින්තලාව වැතිර හිඳියි.

මම ඈ අසල හිඳ ඇගේ හිස පිරිමැද්දෙමි.

දුව මා එක්ක තරහද ? "

"නූ" ඈ හිස අනෙක් අතට හැරෙව්වාය.

දුවේ......අපි මෙතනින් යන්න ඕනෑ කවදා හරි කොහොම හරි

"අදම යමු.......අදම යමු ඈ කෙඳිරිය අතරින් කීවාය.

නෝනා නෝනා!" කෑ ගසන්නේ පොරොන්සිනාය.

ඈ නිලන්තිගේ කාමර දොරකඩ සිට සැලෙන්නීය.

මේ මොකද පොරොන්සිනා?"

" මහත්තයා - අතන මැද මිදුලෙ වැටිලා

" ඒ මොකද?"

"නයා ගැහුවලු - නයා ගැහුවලු

"නයා ගැහුවලු? "
මම පොරොන්සිනා අනුව දුවන්නට වුණෙමි. මැද මිදුල අසල කුප්පියක් දල්විණි. ඒ එළියේ මට පෙනුණේ මැද මිදුලේ වැටී සිටින එඩ්මන්නේය. ඔහුගේ කකුලේ ඇස් වටය ළඟ ඉදිමිලාය. නිල් වෙලාය.

"මාව කැවා - හේමා! ඌ මාව කෑවා! ඔහු අපහසුවෙන් කියන්නට විය.

කෝ කර්නේලිස්?''

* පාරට දිව්වා වෙද ගෙදර යන්න පොරොන්සිනා කීවාය.

උඩ කාමරේ..උඩ කාමරේට යන්න හේමා - ලාච්චුවෙ. ලාච්චුවෙ ඇති - බෙහෙත් එඩ්මන් අපහසුවෙන් කතා කරන්නට වුණේය. "මට හුස්ම ගන්න අමාරුයි.... අම්මේ.....

" නයි විසට බෙහෙත් ඇති නෝන වෙද කාමරේ - උඩ -උඩ " පොරොන්සිනා වෙව්ලමින් කීවාය.

වෙරෝනිකාගේ කාමරය අඳුරුය. මම එඩ්මන් අසල වැටී තිබුණ විදුලි පන්දම ගෙන අට්ටාල කාමරය අතට ගියෙමි. කිරි කිරි ගානා පඩි පෙළ හැකි ඉක්මනින් නැංගෙමි. දුඹුරු පැහැ දොර හැරගෙන කාමරයට ඇතුළු වුණෙමි.

ලාච්චුවෙ - මේස ලාච්චුවෙ...මට කිසිවක් හොයාගතනොහැක. එය ලට්ට ලොට්ට වලින් පිරිලාය. මම පහළට දුව ආවෙමි. නිලන්ති කෑම කාමරයට යන දොරකඩ බිරාන්තව හිඳ සිටියාය. ඇගේ මුහුණ හැඟීම් රහිතය. කුප්පි එළිය ළා රතට අවට විහිදෙයි. එය මූසල යක් එළියකි.

පොරොන්සිනා රෙදිකඩක් ගෙන එඩ්මන්ගේ කකුල තදකර බත් කෙණ්ඩ අසලින් බැන්දාය.

ඔහු හුස්ම හෙලන්නේ අපහසුවෙනි. කකුල කෙමෙන් ඉදිමෙමින් නිල් වෙලාය.

මොකක්ද බෙහෙත එඩ්මන් ?" මම වෙව්ලමින් ඇසුවෙමි.

"ලාච්චුවෙ බං ලාච්චුවෙ !" ඔහු කෑ ගැසීය. බුදු අම්මේ මාව මරන්නෙ නැතුව ගෙනං... ලාච්චුවෙ දකුණු පැත්තෙ පිටිපස්සෙ මුල්ලෙ මුලක් ඇති - මුලක්!"
මම යළිත් පඩිපෙළ නගින්නට වුණෙමි. මගේ දෑත. දෙපා වෙව්ලන්නට විය. කාගේ වුණත් ජීවිතයක් නොවේද? මා ඔහුට උදව් කළ යුතුය. මා පලායාමට පෙර ඔහුගේ ජීවිතය ගලවා ගතයුතුය. හතුරෙකුගේ වුව වේදනාව උසුලන්නේ කොහොමද ?

මම ලාච්චුව හැරියෙමි. එහි පිටුපස දකුණු පැත්තේ ඇති දරණ ගැසූ මුල් කෑල්ලක් මට හමුවිය. මම එය රැගෙන දොර අතට හැරුණෙමි.

දොරකඩ මේ සිටගෙන සිටින්නේ කවුද? බාටින්! ඔහු හි නැහෙයි. මට එකවර දොර හැරගත නොහැක.

" මේ..... මට යන්න අරින්න. මට යන්න අරින්න' මම හුස්ම යටින් කීවෙමි.

ඔහු දොර හැරියේය.

" දැන් පලක් නෑ " ඔහු සිනාසෙමින් කියයි. "සේරම හරි මං යනවා - මං යනවා ' ඔහු මට ඉදිරියෙන් පඩිපෙළ බසින්නට වුණේය.

අඳුරතට ඇවිද ගිය ඔහු හිණි පාමුල නතර වුණේය. මා සිතුවේ එතැන පොරොන්සිනා බලා සිටිනවා කියායි. එහෙත් ඒ පොරොන්සිනා නොවේ. රත්නතිලක හාමිනේය.

ඈ බාටින්ගේ අතක් අල්ලාගෙන පිළිකන්න අතට ඇවිද

ගියහ.

මා මැද මිදුල වෙතට යන විට පොරොන්සිනා එඩ්මන්ගේ සිරුර අසල නැමී සිටියාය. මා ළංවත්ම ඈ මහා විලාපයක් නගාගෙන එතැනින් ඈත් වුණාය. මම වෙව්ලන සිරුරින් නැමී බැලුවෙමි. ඔහුගේ දෙනෙත පියවිලාය.

මුළු සිරුරම ඉදිමුනාක් වැන්න. ඔහු නොසෙල්වෙයි. යන්තම් උණුසුමක් සිරුරෙහි විය. එහෙත් එහි ජීවයක් නොවේ.

මට දරාගත නොහැකි විය.

"එඩ්මන් ! " මම මහ හඬින් කෑ ගැසුවෙමි. පිළිතුරක් නොවීය.

මගේ විලාපය පෙරොන්සිනාගේ විලාපයට කලවම් විය. ඒ අතර නිලන්ති ඉකි බින්දාය.

රෝස විලාවේ බිත්ති අතර අපේ හඬ දෝංකාර දුන්නේය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo