Anthro World
08/07/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යාඥයෝ - 08
ක්‍රිස්ටියන් බර්නාඩ් - (1921 - 2001)
විවෘත හෘද ශල්‍යකර්මය පිළිබඳව හා කෘතීම හෘද කාපාට සැළසුම්කරණය පිළිබඳ විශේෂඥයෙක් ලෙස ක්‍රිස්ටියන් බර්නාඩ් විඳ්‍යාඥයා හැඳින්විය හැකිය.
• ප්‍රථම මිනිස් හෘදය බද්ධ කිරීමේ සැත්කම කළ දකුණු අප්‍රිකානු විද්‍යාඥයා මොහු වන අතර ඒ වර්ෂ 1967 දෙසැම්බර් මස තුන්වන දින අවුරුදු 25 වූ කාන්තාවකගේ විවෘත හෘදය අවුරුදු 55ක් වන පුද්ගලයකුට බද්ධ කිරීමයි. එහෙත් ඉන් දින 18 ට පසු රෝගියා මිය යන ලදී.
• දෙවන හෘද බද්ධය වර්ෂ 1968 ක්වූ ජනවාරි මස 02 දින සිදුකරන ලද අතර එම පුද්ගලයාත් දින 563ට පසුව මිය යන ලදී.
• ශරීර ප්‍රතිශක්ති පද්ධතිය මඟින් බද්ධ කළ අවයව ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමේ ඖෂධ වර්ග සොයාගැනීමත් සමඟ හෘද බද්ධ සැත්කම් වඩාත් දියුණු හා විශ්වාසදායී විය. එහි මුල් ගෞරවය ක්‍රිස්ටියන් බර්නාඩ් විද්‍යාඥයාට හිමිවිය යුතුය.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤❤❤
29/06/2021
ශාක ඉතිහාසය - 01
☘️පෙලියොසොයික යුගය - සරල ඇල්ගී වර්ග පැවතීම.
☘️ප්‍රාග් කේම්බ්‍රීය අවධිය - මුහුදු හතු හා සරල මුහුදු පාසි පහළවීම.
☘️කේම්බ්‍රීය අවධිය - ඉහත කී මුහුදු පාසි තවදුරටත් සංකීර්ණ ලෙස වර්ධනය වීම.
☘️ඕර්ඩෝවීෂියන් අවධිය - මුහුදු හුණු සහිත දියුණු මුහුදු පාසි පැවතීම.
☘️සිලුරියන් අවධිය - ගොඩබිම ශාක ලෙස හැඳින්වෙන ශාක ඕස්ට්‍රේලියානු භූමියේ පහළවීම.
මූලාශ්‍රය - රණවීර, එස් හා රණවීර, ආර්. (2003). පාසල් විශ්වකෝෂය. වාසනා ප්‍රකාශකයෝ.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
27/06/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යඥයෝ - 03
එඩ්වඩ් ජෙනර් (1749-1823)
වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීමේදී සඳහන් කළ හැකි විශිෂ්ට පුද්ගලයෙක් ලෙස එඩ්වඩ් ජෙනර් හැඳින්විය හැක. 1749 එංගලන්තයේ උපත ලද හෙතෙම මූලික අධ්‍යාපනයෙන් අනතුරුව සෝඩිබරි නම් නුවර ලඩ්ගෝ නම් වෛද්‍යවරියාගේ සහායක ලෙස කටයුතු කළේය. පසුව ලන්ඩන් හි ශාන්ත ජෝර්ජ් ශාලාවට බැඳී වෛද්‍ය උපාධිය ලබා වෛද්‍ය වෘත්තියේ නිරත විය.
වසූරිය රෝගය මෙලොවින් තුරන් කිරීමට ජෙනර් දැක් වූ දායකත්වය අතිමහත් ය. ගව වසූරිය වැළඳුණු අයෙකුට වසූරිය නොවැළඳෙන බවට කුඩා දැරියක කී ප්‍රකාශයක් ඔස්සේ ගව වසූරිය වැළඳුණු එළදෙනකගෙන් ගත් සැරව මිනිසුන්ට එන්නත් කළේය. පසුව ගව වසූරිය වැළඳුණු අයට සාමාන්‍ය වසූරි විෂබීජ එන්නත් කළ ද එය නොවැළඳුණි. මුලදී බොහෝමයක් පිරිස් මෙය හාස්‍යයෙන් බැහැර කළ ද මෙකී එන්නත අතිශය සාර්ථක වූ අතර 1979 වනවිට වසූරිය මිහිමතින් තුරන් කළ රෝගයක් බව ලෝක සෞඛ්‍යය සංවිධානය දැන්වීය. මෙය වෛද්‍ය විද්‍යාවේ විශාල සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
Click here to claim your Sponsored Listing.