SL Job Hunter

SL Job Hunter

Share

19/05/2026
19/05/2026

මාතර රෝහලේ රෝගී මවක් බලා ගැනීම සඳහා කාන්තාවක් සොයයි.. දිනපතා ගෙවීම්.
0763733202

15/05/2026

🚦බර වාහන රියදුරු ඇබෑර්තු 🚍🚛🚚

25/08/2025

තීන්දුවත් සමග රනිල්ට ඉන්දවෙයි..!

දැන් අයිසීයූ එකේ..! රනිල් ගැන තානාපතිලා ඇස් කන් වසා ගනී..! හාමු පැලැන්තියට චූ යයි..!

රටේ ඉහලම වරප්‍රසාදිත පන්තියේ සේම කොළඹ හාමු පැලැන්තියේ අග්‍රගන්‍ය නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ හෝ ඒ පැලැන්තියේ කිසිවෙකු, කිසිදු දිනෙක, නොසිතූ නොපැතූ දෙයක් වී නම් ඒ ඊයේ(22) 'මිස්ටර් ක්ලීන්' යැයි තමන් විසින්ම නම්බු නාම පළඳාගෙන සිටි රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ රටේ මහජනතාවගේ මුදල් රුපියල් එක් කෝටි හැට හය ලක්ෂයක මුදලක් දින දෙකක් තුල සාපාරාධීව අවභාවිතා කිරීම නිසා සිරගෙන යන්නට සිදුවීමයි.
අවට ගැන මෙලෝ හැඟීමක් නැති රනිල්..
රනිල් වික්‍රමසිංහ යනු කෙදිනකවත් සාමාන්‍ය ජීවිතය හෝ තමා අවට සාමාන්‍යයෙන් සිදුවන දෑ පිළිබඳ මෙලෝ හැඟීමක් නොතිබූ අයෙකි. ඒ ගැන ඔහුව ලඟින් ඇසුරු කළ ඕනෑම අයෙකු දන්නා දෙයකි. ඊට වෛද්‍ය විද්‍යාත්මකව හේතු වූ කාරණාව විය හැක්කේ ඔහු කුඩා කල ඔටිසම් රෝගී දරුවකු වීම විය හැකිය. එවැනි දරුවන්ගේ මනසේ එක් අංශයක් තියුණු ලෙස ක්‍රියාකාරී වෙද්දී තවත් අංශයක් නිසියාකාරව වැඩ කරන්නේ නැත.
ඉන්දවුනා..
ඒ බව මනාව පෙනී ගියේ ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඔහුගේ තීන්දුව ප්‍රකාශයට පත් වු අවස්ථාවේ දී ය. මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඔහුගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළ පසුව රනිල් වික්‍රමසිංහ හුනස්නෙන් නැගිට 'ලෙට්ස් ගෝ' යනුවෙන් කියමින් එළියට යන්නට සූදානම් විය. ඒ එක්කෝ ඔහුට තීන්දුව නිසි ලෙස නොඇසීම හෝ සිංහලෙන් කී දේ නොතේරුනා හෝ එසේත් නැතිනම් තමන් යටි සිතින් ස්ථිරවම සිතාගෙන සිටි 'මට ඇප ලැබෙනවා' යන්න ඉටුවුනා කියා චංචල සිතට දැණුනු නිසා විය හැකිය. කෙසේ වෙතත් 'ලෙට්ස් ගෝ' කියා නැගී සිටි රනිල්ට අසල සිටි අපරාධ පරීක්ෂන දෙපාර්ත‍මේන්තුවේ නිලධාරියෙකු දැනුම් දුන්නේ 'සර් ඔබ ලබන 26 දක්වා රිමාන්ඩ් කළා' කියා ය. එසැනින්ම රනිල් කෙහෙල් කඳක් කපා දැම්මා සේ පුටුව මතට ඉන්ද වුනි. අසල සිටි සිරිසේනගේ ද කටේ කෙළ හිඳී තිබිණි. රනිල් ට කුමක් කිව යුතුදැයි තෝරා බේරා ගැනීමට ඔහුට බොහෝ වේලාවක් ගත විය.
මංගල බස් ගමන..
පසුව බන්ධනාගාර බස්රිය පැමිණීමෙන් පසු බන්ධනාගාර නිලධාරීහු රනිල්ගේ දෑතට මාංචු දමා ඔහු බස් රිය වෙත රැගෙන ගියහ. අවුරුදු 76 ක් වූ ජීවිත කාලය තුල රනිල් කිසිදා බස් රියක ගමන් කර තිබුනේ නැත. ඔහුගේ මංගල බස් ගමන සිදුවූයේ බන්ධනාගාර බස් රථයක ය. ඒ මදිවාට දෑතේ මාංචු සහිතව ය.
ඊටීයූ එකෙන් අයිසීයූ එකට..
හෙණයාක් සේ හිස මතට පතිත වූ කම්පනයෙන් රාත්‍රිය පුරා බන්ධනාගාර රෝහලේ ගත කළ රනිල්ට අද(23) උදෑසන වන විට රෝගී තත්ත්ව කිහිපයක් වැඩි වී තිබිණ. ඉන් ප්‍රධාන වූයේ දියවැඩියා රෝගියෙකු වූ ඔහු සාමාන්‍යයෙන් ලබා ගන්නා ඉන්සියුලින් මාත්‍රාව ලබා ගත්ත ද සිරුරේ සීනි මට්ටම පහල නොයෑමයි. අනෙක් කාරණය නම් ඔහු විජලන තත්ත්වයකට ද මුහුණ දී තිබීමයි. (ඒ නම් තමන්ට සිදුවූ වින්නැහියත් සමග කටේ කෙළ හිඳී යාම විය හැකි ය.) කෙසේ වෙතත් රුධිරයේ සීනි මට්ටම පහල නොයෑම සැලකිල්ලට ගත යුතු කාරණයක් බැවින් බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ ද නිර්දේශ අනුව ඔහු උදෑසනම කොළඹ ජාතික රෝහලේ ඊටීයූ (ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් යුනිට්) අංශයටත් එතැනින් අයිසීයූ (ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට්) දැඩි සත්කාර ඒකකයටත් මාරු කෙරිණ. මේ වන විට ඔහු ඉන්නේ අයිසීයූ එකේ ය. මෙච්චර ලෙඩ රෝග තියෙන මිනිහා තව දින දෙකකින් ඉන්දියාවේ සංචාරයක යෙදීමට සැලසුම් කෙළේ කෙසේ ද යන්න වෙනම කතාවකි.
'ජාත්‍යන්තර වැඩ්ඩා' ගැන තානාපතිලා ඇස් කන් පියා ගනී..
මේ අතර ඊයේ රනිල් සීඅයිඩියට ගිය වේලාවේ සිට නිවසේ සිටි මෛත්‍රී වික්‍රමසිංහ ට විශාල රාජකාරියක් පැවරී තිබිණ. ඒ කොළඹ පිහිටි දන්නා කියන තානාපති කාර්යාල වලට කතා කර රනිල් පත්ව ඇති තත්ත්වය ගැන තානාපතිලාට කියා ඒ හරහා ආණ්ඩුවට යම් බලපෑමක් එල්ල කිරීම ය. එජාප නායකයන් සහ කොළඹ හාමු පැලැන්තියේ අන් අය සේම මෛත්‍රී ද සිතා සිටියේ රනිල්ට පට්ට ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙනවා කියා ය. ට්‍රම්ප්ගේ තීරු බදු සිද්ධියේ දී ඔවුන් ප්‍රසිද්ධියේම කී කතාවක් වූයේ 'රනිල් සිටියා නම් ට්‍රම්ප්ට එක කෝල් එකක් දී ප්‍රශ්නය විසඳනවා' කියා ය. ඔවුන්ට රනිල් ඒ තරම් ජාත්‍යන්තර වැඩ්ඩෙක් විය.
රනිල් විසින්ම ඇඳගෙන රැවටීලා..
ඒ අනුව යමින් මෛත්‍රී වික්‍රමසිංහ ඊයේ සිට අද දක්වාම කොළඹ පිහිටි ප්‍රධාන තානාපති කාර්යාල අමතා තානාපතිලා සම්බන්ධ කර ගැනීමට තැත් කළා ය. ලංකාවට වඩාත්ම බලපෑම් කළ හැකි තානාපති කාර්යාල ඉන් ප්‍රධාන විය. අහෝ ඛෙදයකි; ඉරකි; තිතකි. ඒ කිසිදු තානාපතිවරයෙක් හෝ වරියක් මෛත්‍රීගේ දුරකථනයට පිළිතුරු දෙන්නට ආවේ නැත. මෙයින් ඉතාමත් දුර්මුඛ වූ මෛත්‍රී වික්‍රමසිංහ තම ලඟම හිතවතියකට පවසා ඇත්තේ, මේ තාක් කල් මේ තානාපති කාර්යාල රනිල්ව රවටා ඇති බවයි. ඇත්තටම කිවහොත් තානාපතිලා රනිල්ව රවටා නැත. රනිල් විසින්ම ඇඳගෙන රැවටී තිබී ඇති බව මෛත්‍රී වික්‍රමසිංහ වටහා ගත යුතු ය. එපමණක් නොව අද වන විට සියලුම ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය සිද්ධිය වාර්තා කෙළේ ශ්‍රී ලංකාව ආර්ථිකව බංකොලොත් වී තිබිය දී හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ ලාභ ප්‍රයෝජන පිණිස මහජන මුදල් මිලියන ගණනක් අවභාවිතා කළ බවයි. එවන් තත්ත්වයක දී කුරුසය කර ගහන්නට උර දෙන තානාපතිවරයෙක් සිටී නම් ඒ ද තවත් හොරෙක්ම විය යුතු ය. ඒ වග ද මෛත්‍රී වික්‍රමසිංහ අවබෝධ කර ගත යුතු ය.
ඒ අනුව මේ තාක් කල් කොළඹ හාමු පැලැන්තිය සේම රනිල්වාදීන් මන්තරයක් සේ ජප කරමින් සිටි 'රනිල් නම් ජාත්‍යන්තර වැඩ්ඩා' කතාව ද මෙයින් නිමා වනවා ඇත.
තවත් මන්තරයක් ඊයෙන් අහෝසියි.. හාමු පැලැන්තියට චූ යයි..
වරප්‍රසාදිත පන්තියේ සහ කොළඹ හාමු පැලැන්තියේ තවත් මන්තරයක් ඊයෙන් අහෝසි විය. ඒ නම් අනුරගේ ආණ්ඩුව කරගෙන යන්නේත් රනිල් කළ දේම බවත් කාට අත තිබ්බත් රනිල් ට අත තියන්නට කාටවත් නොහැකි බවයි.
අනුරගේ ආණ්ඩුව කරගෙන යන්නේ රනිල් කළ දේම නම් රනිල්ට හිර බත් කන්නට සිදුවන්නේ නැත. රනිල් බේරී රනිල් හැර අන් සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක විය යුතු ය. ඒ අනුව ජප කළ මන්තරය ඊයෙන් බ්ලාස් විය. අනික රනිල්ට අත තියන්නට කාටවත් බැරි බවයි. අවසානයේ රනිල්ට අත තිබ්බේ අනුරගේ ආණ්ඩුව නොව අනුරලා රටට දුන් පොරොන්දුවක් වූ නීතියට උඩින් කිසිවෙකු නැති රටක් හදන පොරොන්දුවයි. අනුර නිතර කියන කතාවක් තිබේ. "නීතියට හැමෝම යටත් විය යුතුයි, පමණක් නොව නීතියට හැමෝම බිය විය යුතුයි" යන්නයි.
"එහෙම කොහොමද අපිට අත තියන්නේ" යි කියමින් රඟදුන් වරප්‍රසාදිත පන්තියේ සේම කොළඹ හාමු පැලැන්තියේ සියළු දෙනාම රනිල් හිරගෙට යෑමෙන් පසු දැන් ඇඳිවතේ සුළු දිය පහවෙන තරමට බිය වී නම් තිබෙන බව සටහන් කර තැබිය යුතුය.
සියවස් ගණනක් දුටු සිහිනය..
රටේ වරප්‍රසාදිත පන්තියේ අතින් බලය අවවරප්‍රසාදිත පන්තිය අතට මාරු වූයේ නිල වශයෙන් 2024 ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වුව එය සැබෑ වශයෙන් තීරණය වූයේ නැතහොත් පන්ති දෙකේම හදවත් තුල නොමැකෙන ලෙස චිත්‍රණය වූයේ වරප්‍රසාදිත පන්තියේ නිල සංඛේතය වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ දූෂිතයෙකු ලෙස හංවඩු ගසා ඊයේ හිරගෙදරට දැක්කීම සමග ය.
සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑවෙමින් තිබේ..!
උපුටාගැනීම Lankaenews පිටුවෙනි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo