Samadhee Sri Lanka

Samadhee Sri Lanka

Share

Photos from Samadhee Sri Lanka's post 16/10/2024

අගස්ති (Agate)

අගස්ති කියන්නේ කැල්සිඩෝනි නම් ප්‍රධාන පාෂාණයෙන් ලබා ගන්නා උප පාෂාණයක්. බොහොමයක්‌ අගස්‌ති නිර්මාණය වන්නේ ගිනිකඳු ලාවා ආශ්‍රිතව බව යි විදයාඥයන් සඳහන් කරන්නේ. ඉපැරණි ග්‍රීක රණකාමීන්ගේ ආභරණවල අගස්ති අනිවාර්යය අංගයක් වී තිබෙනවා. ජ්‍යොතිෂයට අනුව කුජ ග්‍රහයාගේ බලපෑම වර්ධනය කර ගැනීමට අගස්ති පළඳින ලෙස නියම කරනවා.

ඇමතීස්ට් (Amethyst)

ඇමතීස්ට් යනු ක්වාර්ට්ස්වල දම් පැහැති ප්‍රභේදයකි. එම නම ලැබී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් මත්පැන් ගල යන අර්ථයෙන්. එහි හිමිකරු බේබදුකමෙන් ආරක්ෂා කරන බවට විශ්වාසයක් පවතනිවා. ජ්‍යොතිෂයට අනුව සෙනසුරු ග්‍රහයාගෙන් ඇති වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට මෙම පාෂාණය පලඳින ලෙස නියම කෙරෙනවා. කායික හා මානසික ශක්තිය වර්ධනය කරන මෙම පාෂාණය ඔබට වාසනාව උදා කරන බවට සුප්‍රකටයි.

සිට්රින් (Citrine)

සිට්රින් යනු ක්වාර්ට්ස් වල කහ පැහැති ප්‍රභේදය වන අතර එම ලැබී ඇත්තේ ලෙමන් යන ප්‍රංශ වචනයෙනි. එම පැහැය සූර්යයාගෙන් ලැබුණු තෑග්ගක් බව කියැවෙයි. සිට්රින් යනු පුරාණ කාලයේ සිටම ජනප්‍රිය අලංකාර මැණික් වර්ගයකි. ජ්‍යොතිෂයට අනුව සිට්රින් පාෂාණය පැලඳීම ධන සම්පත් වර්ධනය, විවාහ දිවියේ සතුට සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින් දිවියට නව පණක් ලබාදෙන බව සඳහන්.

රෝස ක්වාර්ට්ස් (Rose quartz)

රෝස ක්වාර්ට්ස් යනු මූලික වශයෙන් සිලිකන් ඩයොක්සයිඩ් අණු වලින් සමන්විත ඛනිජයක්. මෙම පාෂාණය එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ස්වීඩනය සහ ජර්මනිය හරහා සොයාගත හැකියි. පාෂාණ අතර හදවත ලෙස සැලකෙන රෝස් ක්වාට්ස් පැලදීමෙන් කොන්දේසි විරහිත ආදරය, අසීමිත සාමය, අභ්‍යන්තර සුවය සහ ස්වයං ආදරය වර්ධනය වන බව පැවසෙනවා. ජ්‍යොතිෂයට අනුව සිකුරු බලවත් කිරීම උදෙසා රෝස් ක්වාර්ට්ස් පලදින ලෙස නියම කෙරෙනවා.

මෙම අත් පළඳනාවන් නිවසටම ගෙන්වා ගන්න 077 512 0888 ඇණවුමක් යොමු කරන්න.

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo