Colombo Media

Colombo Media

Share

Colombo Media, encompassing local news, Health News, Tech News, Business News, Sports News, World News and Documentary. Connect with us: www.colombo.media

11/06/2026

හොරණ බැංකු කොල්ලයේ සැකකාර ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය විසින් එම නියෝගය නිකුත් කළාය.

එමෙන්ම, සැකකරුට අයත් යතුරුපැදිය අධිකරණ නියෝගය අනුව භාරදීමට කටයුතු කරන ලෙසත්, සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

www.colombo.media

11/06/2026

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

දිට්වා සුළිකුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පත් කළ විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කිරීමට අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

ඒ අනුව මෙම සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු සඳහා පසුගිය ජනවාරි 21 වෙනිදා පාර්ලිමේන්තුව විසින් යෝජනා කළ පරිදි එම කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

www.colombo.media

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo