Just For You

Just For You

Share

28/02/2026

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ
ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ මාර්ග වෙනස් වීම් සිදුවේ

ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සමග මැදපෙරදිග ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරන්නේ නියමිත ගුවන් ගමන් ප්‍රමුඛ කාලසටහනට වඩා ප්‍රමාද විය හැකි බවයි.

බ්‍රිතාන්‍යය, යුරෝපය සහ අනෙකුත් උතුරු දිශානුගත ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා මෙලෙස බලපෑමට ලක්ව ඇති බව සඳහන්.

මීට පෙර ඉරාන සහ ඊශ්‍රායල ගුවන් සීමා හරහා ගමන් කළ ගුවන් යානා, දැන් සෞදි අරාබි ගුවන් සීමාව හරහා වෙනත් මාර්ග ඔස්සේ (Rerouted) ගමන් කිරීමටයි උපදෙස් දී තිබෙන්නේ.

ගුවන් මාර්ග වෙනස් කිරීම සහ ගුවන් ගමන් කාලය ඉහළ යාම හේතුවෙන් අදාළ ගමනාන්ත වෙත ළඟා වීමේදී සැලකිය යුතු ප්‍රමාදයන් සිදු විය හැකි බව ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙනවා.

ඉරානය සහ ඊශ්‍රායලය සිය ගුවන් සීමාවන් සිවිල් ගුවන් ගමන් සඳහා සම්පූර්ණයෙන් වසා දැමීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.
උපුටා ගැනීම්කි

04/10/2025

Hi

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo