Cosmos Education
28/08/2025
📚 මේ ලඟදී Facebook එකේ උඩට පල්ලෙහාට යද්දී මම දකිනවා මැද පෙරදිග රටක වැඩ කරන ලංකාවෙ කෙනෙක් ටික් ටොක් වීඩියෝ එකක් කරලා තියනවා. මම දැක්කා එයා ඒකේ එයා වැඩ කරන ඒ ගෙදර, එයා බලාගන්න දරුවා ඒ සේරම පෙන්නනවා.
📚 ඒ වෙලාවේ මමත් ඇතුළු බහුතරයක් පිරිස එයාට කිව්වා ඔයා ඔය කරන්නේ අවදානම් වැඩක්, ගෙවල් ඇතුල වීඩියෝ කරන එක, ඒ ළමයින්ව පෙන්නන එක කරන්න එපා කියලා. (අපි උනත් කැමති නෑ නේ අපේ ගෙදරක වැඩට එන කෙනෙක් අපේ ගෙවල් ඇතුල, අපේ දරුවෝ වගේ ඒවා වීඩියෝ කරනවට, කරලා සමාජ මාධ්‍ය වල දානවට)
📚 නමුත් අපි අරක කිව්වා විතරයි තවත් ඔය මැද පෙරදිග රටවල්වල වැඩ කරන පිරිසක් අපිට බැනලා තිබ්බා " උඹලා කාලා ඇදලා ඉන්නේ අපි මේ රටවල වැඩ කරන නිසා, අපි එවන සල්ලි නිසා, එයා ඒ Stress එකට tiktok කරනවා ඇත්තේ. කියලා.
📚 මැදපෙරදිග රටවල ගිහින් දහදුක් විඳින ශ්‍රමිකයො එවන සල්ලි වලින් අපි හැමෝම බොහෝ අවස්තාවල ප්‍රතිලාභ ලබනවා. ඒකට ඒ මිනිස්සුන්ට Respect. ඒ වගේම ගෘහ සේවිකාවක් (House maid) කියන්නෙත් වෘත්තියක්. ඒක මම හෝ අපි බහුතරය පහත් කොට සලකන්නේ නෑ. ඒ වගේම ඕන මනුස්සයෙක් Stress එකට ටික් ටොක් එකක් කරන එක, ඒ හරහා තමන්ගේ අත්දැකීම් බෙදාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි.
📚 හැබැයි පිරිසක් ඉන්නවා ගිය වැඩේ අමතක කරලා වෙන වැඩක් කරන. මොකද මම සමාජ ජාලවල පහුගිය ටිකේ තව වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එකේ මැදපෙරදිග ලංකාවෙ ගෘහ සේවිකාවක් ලෙස ඉන්න සහෝදරියක් කියනවා තවත් නිවසක වැඩ කරන ලාංකිකයෙකුට ටික්ටොක් කරන්න ගිහින් වෙච්ච වින්නැහියක්. මම මේක ඒ සහෝදරියගේ වචන වලින්ම කියන්න උත්සහා කරන්නම්. ඔබ මේ වීඩියෝව දකින්නත් ඇති සමහරවිට.
📚 මේ සහෝදරිය මේක කියන්නේ මෙන්න මෙහෙමයි. මම මේ පුලුවන් තරම් කෙටියෙන් කියන්නේ. " අපේ ඒජන්සියෙන් තවත් ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක් ආවා. එයා අකුරුවත් දන්නේ නෑ. කොටින්ම එයාට එයාගේ නම වත් ලියාගන්න බෑ. මම ඒක කියන්නේ එයාව හෑල්ලු කරන්න නෙවේ. කොහොමහරි එයාට හොඳ ගෙදරක් හම්බුනා. ඒ ගෙදර බාබා යි මාමායි ත් ( Sir / madam) ප්‍රශ්නයක් නැහැ.
📚 කොහොමහරි මෙයා ටික දවසකින් ෆෝන් එකක් ගත්තා. අරන් ඒකෙන් ටික්ටොක් හදාගෙන රෑට රෑට ටික්ටොක් කරන්න ගත්තා. පස්සේ පස්සේ මෙයා ටික්ටොක් වල මෙයාගේ ඇඟ පෙන්නන්නත් පටන් ගත්තා. එක දවසක් මේ ගෙදර මාමා ( Madam ) මෙයාට තමන්ගේ අවුරුදු 2 ක් වයස දරුවාව නිදි කරවන්න කියලා දීලා තිබුනා. ඒ දරුවා ගෑනු දරුවෙක්. ඉතිං මෙයා ඔය දරුවා නිදි කරවලා ඔය අතරේ අර දරුවා ඇදේ ඉද්දිම ටික්ටොක් කරන්න ගිහින්. එවෙලේ අර දරුවා ඇඳුම් නැතුව ඉදලා තියෙන්නේ.
📚 ටික්ටොක් එකේ මෙයා ඇග පෙන්න පෙන්න වීඩියෝ දාන එක මට ප්‍රශ්නයක් නෙවේ. මොකද මෙයාගේ ඇඟනේ මෙයා පෙන්නන්නේ. හැබැයි අර පොඩි දරුවවත් මෙයා දාපු එක.....
කොහොමහරි ඔය වීඩියෝව ගෙදර මමා දැකලා මාමා මේ ගෑනිට හොඳටම ගහලා. හොඳ වෙලාවට ඕක මාමා බාබා ට කියලා නෑ. ඒ මනුස්සයා මෙයාව ටිකට් අරන් ලංකාවට යවලා. බැරිවෙලාවත් බාබාට කිවවනම් මෙයාගේ කෑලි වත් හොයන්න හම්බෙන්නේ නෑ. මිනී පෙට්ටියේ තමා ලංකාවට යන්න වෙන්නේ. "
📚 ඕක තමා ඒ සොහොයුරිය කියපු කතාවේ සාරාංශය. සමහරවිට මේක කියවන ඔබත් මැද පෙරදිග වැඩ කරනවා ඇති. මාත් පහුගිය ටිකේම ඔය මැද පෙරදිග වැඩ කරන අයගේ වීඩියෝස් බැලුවා. සමහර ගෑනු අය අර ගෙදර මිනිස්සුන්ට බනිනවා. ඒ මිනිස්සුන්ගෙන්ම කකා ඒ මිනිස්සුන්ටම බනිනවා. ඔයාලා හිතාගෙන ඉන්නවා ඔයාලා සිංහලෙන් කියන නිසා ඔය වීඩියෝ ඒ මිනිස්සු දැක්කත් එයාලට තේරෙන්නේ නෑ කියලා. අනේ නෑ දැන් තාක්ෂණය දියුණුයි. Google Translater වලින් ඒ මිනිස්සු හොයාගන්නවා කියන්නේ මොනවද කියලා.
📚 මේ ගෘහ සේවිකාවෝ යවන ඒජන්සි කරන අය පොඩ්ඩක් මේ යවන මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න. මොකද මෙයාලා මේ වගේ වැඩ කරාම නැතිවෙන්නේ හොඳට වැඩ කරන මිනිස්සුන්ගෙ තැන. දැන් අර කලින් මම කියපු සිදුවීමෙදී ඒ ගෙදර මිනිස්සු තවත් ලංකාවෙ අය වැඩට ගනීද? ඒ ගෙදර වැඩ කර කර හිටපු ලංකාවෙ අනිත් අය දිහා දැන් එයාලා බලන්නේ කොහොමද? ඕකෙන් වෙන්නේ ලංකාවෙ අය හරාමී කියලා බෝඩ් එක වදින එක. (මේක ඒ සහෝදරිය කිව්වේ. )
📚 තව පිරිසක් ඉන්නවා ඔය ගෙවල්වල හොරකම් කරන. මේ ලඟදීත් ලංකාවෙ කෙනෙක් ඔහොම මැද පෙරදිග ගෙදරක හොරකම් කරලා අහුවෙන වීඩියෝවක් මම දැක්කා.
පුතෝ ඔය රටවල් බොහොමයක අරාබි නීති තියෙන්නේ. මේ රටේ ලොකු හොරකම් කරලා මගේ පපුවේ හිලක්, අක්මාවේ පෙනහැල්ලක්, උණ්ඩුක පුච්චේ වකුගඩුවක් කියලා ඇප ගන්න පුලුවන් උනාට ඔය රටවල ගෙදරක පොඩි චොකලට් එකක් හොරකම් කලත් එන්න වෙන්නේ අත නැතුව.
මොකද ඔය රටවල්වල අනී පවූවූ නැති කමටනේ ගන්න ඇත්තේ කියලා හොරු සාධාරණීකරනය කරන මිනිස්සු නෑ.
- කෂ්මි -
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
10600