Need Tv

Need Tv

Share

Need TV, brings you a fresh experience with *Spine-chilling horror stories. * Game shows. *Travel programs *Knowledge for health care. *Cusine programs with tempting recipes. *Most predictive astrological segments.

13/02/2026

අධි-සැකසූ ආහාර යනු මොනවා ද?
ඒවා ඔබට අහිතකර ද?

අධි-සැකසූ ආහාර හෘද රෝග, පිළිකා සහ කාංසාව ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු 30කට වඩා හේතු වේ.
විශ්වවිද්‍යාලයක් මගින් සිදු කරන ලද නව අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ, අධි-සැකසූ පූර්ණ නිර්මාංශික ආහාර (vegan ultra-processed food) ද සෞඛ්‍යයට අහිතකර විය හැකි බව ය.
එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සාමාන්‍ය ආහාර වේලක අධි-සැකසූ ආහාර සාමාන්‍යයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා ලොව පුරා වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී.

අධි-සැකසූ ආහාර යනු මොනවා ද?

අධි-සැකසූ ආහාර සඳහා තනි නිර්වචනයක් නොමැති නමුත් සාමාන්‍යයෙන් ඒවායේ නිවසේදී ආහාර පිසීමේදී භාවිත නොකරන අමුද්‍රව්‍ය අඩංගු වේ.
ඉන් බොහොමයක් ආහාරවල පෙනුම, රසය හෝ ස්වභාවය වැඩි දියුණු කිරීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය, වර්ණක සහ රසකාරක වේ.
කාබනීකෘත බීම වර්ග, පැණිරස ආහාර සහ චිකන් නගට්ස් මේ සියල්ලට උදාහරණ වේ. නමුත් ඒවාට එතරම් අවධානයට ලක් නොවන ඇතැම් පාන් වර්ග, උදෑසන ආහාරය සඳහා ගනු ලබන ධාන්‍ය වර්ග සහ යෝගට් වර්ග ද ඇතුළත් විය හැකි ය.

අධි-සැකසූ ආහාර, සැකසූ ආහාරවලට වඩා වෙනස් වන්නේ කෙසේ ද?

විවිධ ආහාර වර්ග හඳුනා ගැනීමට උපකාර වීම පිණිස ඒවා කාණ්ඩ හතරකට බෙදා දැක්වෙන පද්ධතියක් බොහෝ විට භාවිත වේ.
සකස් නොකරන ලද සහ අවම වශයෙන් සැකසූ ආහාර:
සැකසූ අමුද්‍රව්‍ය:
සැකසූ ආහාර සහ
අධි-සැකසූ ආහාර යනු එම කාණ්ඩ 4යි.

සැකසූ ආහාර යනු පලතුරු, එළවළු, ඇට වර්ග සහ බිත්තර වැනි ස්වභාවික ආහාර (whole foods) සහ කෑම පිසීම සඳහා යොදා ගන්නා සැකසූ අමුද්‍රව්‍යවල එකතුවකි.
උදාහරණයක් ලෙස තිරිඟු පිටි, ජලය, ලුණු සහ යීස්ට්වලින් සාදන පාන් යනු සැකසූ ආහාරයකි.
කෙසේ වෙතත්, ඉමල්සිෆයර්, වර්ණක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය එකතු කරන්නේ නම්, පාන් අධි-සැකසූ ආහාරයක් බවට පත්වනු ඇත.

අධි-සැකසූ ආහාර හඳුනා ගන්නේ කෙසේ ද?

ස්පාඤ්ඤයේ නවාරා විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ මහාචාර්ය මයිරා බෙස්-රස්ට්‍රොලෝ පවසන පරිදි අමුද්‍රව්‍ය පහකට වඩා අඩංගු නිෂ්පාදනයක් අධි-සැකසූ ආහාරයක් විය හැකි ය.
අධි-සැකසූ ආහාරවල බොහෝ විට ලුණු, සීනි සහ සංතෘප්ත මේද බහුල වේ. එක්සත් රාජධානියේ සහ තවත් සමහර රටවල මෙය ඇසුරුම්වල විශේෂයෙන් සඳහන් කර ඇත.
එය "නැවුම් ආහාරයක්" විය හැකි නමුත් කල් තබා ගන්නා ද්‍රව්‍ය නිසා ඊට දිගු ආයු කාලයක් (long shelf life) පවතී. [ඔබ මිල දී ගන්නා ආහාරවල] සෝඩියම් බෙන්සොයිට්, නයිට්රේට් සහ සල්ෆයිට්, BHA සහ BHT වැනි සංඝටක තිබේ දැයි ලේබල පරීක්ෂා කර බලන්න.

අධි-සැකසූ ආහාර ලොව පුරා ව්‍යාප්ත වී ඇත්තේ කෙසේ ද?

British Medical Journal සහ ජෛව තාක්‍ෂණ තොරතුරු සඳහා වන එක්සත් ජනපදයේ ජාතික මධ්‍යස්ථානයට අනුව, අධි-සැකසූ ආහාර වැඩි වශයෙන් අනුභව කරන්නේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පුද්ගලයින් ය.
2023දී, එය සාමාන්‍ය එක්සත් ජනපද වැඩිහිටියෙකුගේ කැලරි ප්‍රමාණයෙන් 58%ක් සහ දරුවෙකුගේ 66%ක් විය.
එක්සත් රාජධානියේ එම අගයන් වැඩිහිටියන් සහ ළමුන් සඳහා 57% සහ 65%ක් වේ.

ජෛව තාක්‍ෂණ තොරතුරු සඳහා වන එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථානය පැවසුවේ, දකුණු කොරියාව සහ ජපානය වැනි ආසියානු රටවල සහ බ්‍රසීලය සහ චිලී වැනි දකුණු ඇමෙරිකානු රටවල සාමාන්‍යයෙන් මිනිසුන්ගේ සමස්ත කැලරි ප්‍රමාණයෙන් 20 - 30% දක්වා ප්‍රමාණයකට අධි-සැකසු ආහාර හේතුවන බව ය. දකුණු අප්‍රිකාවේ එම අගය 39%කි.

අධි-සැකසූ ආහාර අනුභව කිරීම නරක ද?

අධි-සැකසූ ආහාර අනුභව කිරීමෙන් ඇතිවන සෞඛ්‍යමය බලපෑම පිළිබඳව නිශ්චිත සාක්ෂියක් නොමැත.
කෙසේ වෙතත්, British Medical Journal ලොව පුරා මිලියන 9.9 ක ජනතාවකගේ තොරතුරු මත පදනම්ව මෑතකාලීනව සිදු කරන ලද අධ්‍යයනයකින් ඒවා:
• හෘද රෝගයකින් (හෘදයාබාධ සහ ආඝාතය වැනි) මරණයට පත් වීමේ වැඩි අවදානමක්
• ස්ථූලභාවය
• දෙවන වර්ගයේ දියවැඩියාව
• නින්ද පිළිබඳ ගැටලු
• කාංසාව සහ විෂාදය ආදී තත්ත්ව ඇති කිරීමට සම්බන්ධ වන බවට පැවසීය.
කෙසේ වෙතත්, මෙම රෝගාබාධවලට හේතු වූයේ ආහාර සැකසීමේ ක්‍රියාවලිය ද නොඑසේ නම් ඒවා බොහොමයක අඩංගු අධික මේදය, සීනි සහ ලුණු යන කාරණය ද යන්න ඔප්පු කිරීමට එම අධ්‍යයනයට නොහැකි විය.

ස්ථූලභාවය

"අධි-සැකසූ ආහාර අනුභව කිරීමේ පළමු හා වඩාත් ම පැහැදිලි බලපෑම තමයි බර වැඩිවීම," පෝෂණය පිළිබඳව ද ලියා ඇති ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ්හි ප්‍රතිශක්තිවේදය පිළිබඳ විශේෂඥයෙකු වන ක්‍රිස් වැන් ටුලෙකන් පවසයි.
"මේ කෑමවල කොහොමත් මේදය, ලුණු සහ සීනි අධිකයි. නමුත් විවිධ වර්ණක සහ රසකාරක දාලා ඒවා හදලා තියෙන්නේ ඕනකමින් ම වැඩිපුර කවන්න."
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි 2024 පෙබරවාරි මාසයේ සිදු කළ අධ්‍යයනයකින් කියැවෙන්නේ, 2022 වන විට ලොව පුරා බිලියනයකට වඩා වැඩි පිරිසක් ස්ථූලභාවයෙන් පෙළෙමින් සිටි බව ය. එනම්, සෑම අට දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ස්ථූලභාවයෙන් පෙළුණු බව ය.
තව ද 1992 සහ 2022 අතර කාලය තුළ, වැඩිහිටි කාන්තාවන් ස්ථූලභාවයෙන් පෙළීමේ අනුපාතය දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ද, වැඩිහිටි පිරිමින් සඳහා ආසන්න වශයෙන් තුන් ගුණයකින් ද දරුවන් සහ නව යෞවනයන් සඳහා එය පස් ගුණයකින් ද ඉහළ ගිය බව එහි සඳහන් වේ.
එපමණක් නොව, 2016 සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ගෝලීය සෞඛ්‍ය නිරීක්ෂණාගාරයේ නවතම දත්ත පවසන්නේ, ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් 28%කට වඩා වැඩි ගණනක්, යුරෝපයේ 26%ක්, නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ 19%ක් සහ අප්‍රිකාවේ 9%ක් දැන් ස්ථූලභාවයෙන් පෙළෙන බව ය.‍

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, 2016 වන විට බිලියන 2.8ක ජනතාවක් සෑම වසරක ම අධික බර හෝ ස්ථූලභාවය නිසා මිය යන බව ය.
"ලෝකයේ බොහෝ රටවල, අධි-සැකසූ ආහාර දැන් වෙළෙඳපොළේ තියෙන සාම්ප්‍රදායික ස්වභාවික ආහාරවලට වඩා දැරිය හැකි මිලකට ගන්න පුළුවන්," දරුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන යුනිසෙෆ්හි පෝෂණ විශේෂඥ, වෛද්‍ය ක්ලෙයාර් ජොන්සන් පවසයි.

දියවැඩියාව

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව, ලොව පුරා බොහෝ පුද්ගලයින්ට දැන් දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ.
"අධි-සැකසූ ආහාරවල ඇති සීනි, ලුණු සහ මේදය වගේ ම කැලරි වැඩි සහ පෝෂ්‍ය පදාර්ථ අඩු ආහාර ගැනීම දෙවන වර්ගයේ දියවැඩියා අවදානම ඇති කරන සාධක වෙනවා," හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය යාක්කෝ තම්මිලෙහ්තෝ පවසයි.
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ වැඩිවීමක් දක්නට ලැබේ.
"මෙම රටවල් බොහොමයක් තමන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේ නැහැ," මහාචාර්ය තම්මිලෙහ්තෝ පවසයි. "අධි-සකසන ලද ආහාර ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට පහසුයි. ආහාර සමාගම් වැඩිපුර ම යවන්නේ ඒවා."

මන්දපෝෂණය

අධි-සැකසූ ආහාර බොහෝ උප-සහරා රටවල කුපෝෂණයට දායක වන බව වෛද්‍ය ජොන්සන් පවසයි.
'යකඩ, ඛනිජ ලවණ සහ විටමින් වැනි සාම්ප්‍රදායික ස්වභාවික (whole foods) ආහාරවල අඩංගු ක්ෂුද්‍ර පෝෂක ඒවායේ බොහෝ විට නැහැ,' ඇය පවසයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ පර්ඩියු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පවසන්නේ, අධි-සැකසූ ආහාරවල යම් ප්‍රතිලාභ තිබිය හැකි බව ය.
• විටමින් E සහ කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ ලබා දීම
• අඩු ආදායම්ලාභීන් සඳහා නැවුම් ආහාරවලට වඩා දැරිය හැකි විකල්පයක් වීම
• ආහාර නාස්තිය සහ ආහාර විෂ වීමේ අවදානම අවම කිරීම ඒවා අතර වෙයි.
ආහාර සමාගම් සමග කටයුතු කරන සහ ඒවායෙන් පරිත්‍යාග ලබා ගන්නා British Nutrition Foundation ද අවධාරණය කරන්නේ, අධි-සැකසූ ආහාර සියල්ල එක හා සමාන නොවන බව ය.
'අධි-සැකසූ ආහාර ලෙස වර්ග කරන උදෑසන ආහාරය සඳහා ගන්න පූර්ණ ධාන්‍යමය ආහාර වර්ග, ස්වභාවික පිටිවලින් හදන පාන් (wholemeal breads) සහ ලෝ-ෆැට් යෝගට් වැනි ආහාර ද්‍රව්‍යවල මේදය, ලුණු සහ සීනි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්,' එහි විද්‍යා අධ්‍යක්ෂ සාරා ස්ටැනර් පවසයි. 'මේවා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ තන්තු තියෙන ප්‍රභවයන් විය හැක.'

හෘද රෝග

2024 ජූනි මාසයේදී සාඕ පාවුලෝ විශ්වවිද්‍යාලය සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ, ශාක පදනම් කරගත් අධි-සැකසූ ආහාර සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බව ය.
සකස් නොකළ ශාක පදනම් කරගත් ආහාර අනුභව කිරීම හා සසඳන විට හෘදයාබාධ සහ ආඝාත වැනි රෝග ඇතිවීමේ අවදානම 7%කින් වැඩි වීම සමග අධි-සැකසූ ශාක පදනම් කරගත් ආහාර අනුභව කිරීම සම්බන්ධ බවට එහි සඳහන් විය.

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න

09/02/2026

සතියකට පාසැල් දැරියන් 9-20ක්.. තරුන තරුනියන් 7-8ක්...
හදිසි ප්රතිකාර එකකයට රැගෙන එන මේ තත්වය ??????

මොවුන් බොහොමයක් විට..
කරකැවිල්ල,
කලාන්තය..
වේගයෙන් හුස්ම ගැනීම..
පපුවේ කැක්කුම
අතේ පයේ හිරිගතිය..
අතේ පයේ ඇගිලි ඇදවීම..
පපුවේ ගැස්ම වැඩිවීම...
හුස්ම ගැනිමේ අපහසුව.
අඩ්ක ලෙස දහඩිය දැමීම..
ඇතැම්විට සිහි මද බව.
තොල්,කටෙ වියලි බව...
දැඩි නිදිමත කම..
තොල්වල හිරි ගතිය.
අත්පා දරදඩුවීම..
ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වයි..
මෙය බොහොමයක් විට panic attack ලෙස හදුවන්න පුලුවන් දරගත නොහකි අනියත බියක් ඇතිවීම,මෙය ..
ජිව්තය පිලිබද අනියත බියක්..
හුස්ම ගැනීමට නොහකි වේයැයි ඇතිවන බියක්...
ඇතැම් අවස්ථා කලමනාකරනය කරගැනීමට නොහැකි වේයැයි බිය.

ඇතැම් රෝගී තත්වයන් නිසාද මෙසේ සිදිවිය හැකිය..

1 .,දියවැඩියාව
2. හතිය
3 තයිරොයිඩ් හොමෝන වැඩිවීම.
4 දරු ප්රසූතියකට පසුව..
5.කනේ ආබාධ ..

ඉහත රෝග නැති කෙනෙක් නම්..

කලබල නොවන්න..
රෝගියා සනසවන්න..
රොගියා වේගයෙන් හුස්ම ගන්නේ නම් තත්පර 5කට වරක් හුස්ම ගන්න උපදෙස් දෙන්න නැත්නම් නාසයෙන් හුස්ම ගෙන තොල් වසගෙන එ තුලින් හුස්ම පිටකරන්න උපදෙස් දෙන්න..
බොහොමයක් මෙය මානසික ව්යාකූලත්වය නිසා ඇතිවන්නක් නිසා මානසික උපදෙස් මගින් නිට්ටාවටම සුවකරන්න පුලුවන් එනිසා කලබල නොව් රෝහලට රැගෙන එන්න...
සාමාජිය වටපිටාව ගැන අවබෝධයක් දරුවට දෙන්න...
මෙය අනියතම බියක් ,කිසිදා ඇත්ත නොවන හැගීමක් බව තේරුම් කර දෙන්න..
..මෙය බොහොමයක් විට පාසැල් ගුරුවරුනට වැදගත් වෙයි.....ශෙයාර් කරල දෙන්න....ස්තුතියි ..වෛද්ය පාලිත ...

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo