Priyamatha
ඩොක්ටර් මවුමිතාගේ මරණයත් සමග ඉන්දියාව යළිත් ඇවිළිලා.. මේ මොහොත වෙද්දීත් ඉන්දීය නළු නිළියන් වගේම ජනප්‍රිය පුද්ගලයින් මවුමිතාගේ මරණයට විරෝධය පාමීන් වීඩීයෝ මුදාහරිනවා. ඇයගේ මරණයට සැකපිට ඈ ඉගෙන ගත් වෛද්‍ය විද්‍යාලයේම තරුණයෙකුවත් සිරභාරයට අරන්...
හැබැයි ඇයගේ මරණයේ දරුණු කම 'මරණයම' නෙමෙයි.
අද උදේ මේ සිදුවීම දකිද්දී මට පුදුම දුකක් දැණුනා. ගෑනූන්ට අපි ආදරය කරන්න ඕන. ඒ අය වෙනස්, සමහර විට ඒ අයත් එක්ක තරහා යන්න පුළුවන්, සමහර විට එපා වෙන්න පුළුවන්.
ඒත් දූෂනය කරලා මරලා දැමීම?
අනිත් එක 'මවුමිතාගේ වෛද්‍ය වාර්තාව අද උදේ ඉදන් ඉන්ටනෙට් එකේ ප්‍රචාරය වෙනවා. ඒක කියෙව්වම හදවත තවත් වේදනාවට පත් වෙනවා.'
ඇයව මරලා දාලා තියෙන්නේ මහා තිරිසන් විදියට.
ඇයව තිරිසන් විදියට දූෂනය කරලා..
ඇයගේ වෛද්‍යවාර්තාවේ කියන විදියට... ඇයගේ දූෂකයින්ගේ වධ හිංසාව නිසාම මවුමිතාගේ ඇස් වලින් පවා ලේ ඇවිත්, ඇයගේ කකුල් දරාගන්න බැරි විදියට දෙපැත්තට ඇදලා, කටින් ලේ එනකන්ම බෙ/ල්/ල මිරිකලා..
ඒ වාර්තාවේ තියෙන දේවල් ලියන්න බෑ.... ඒ තරම් තිරිසන්...
ඒත් එක්කම අද උදේ තවත් තිරිසන් දෙයක් දැක්කා.
ඒ තමයි පෝන් වෙබ් සයිට් වලට වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ මවුමිතාගේ නම...
රේප් කරපු තිරිසන්නු මදිවට, රටේ ඉන්න අමනයින් ගිහින් අසභ්‍ය වෙබ් අඩවි වල හොයලා මවුමිතාගේ දූෂකයින් ඒ වීඩීයෝ අප්ලෝඩ් කරලා තියෙනවද කියලා..
මේක කොයිතරම් දරුණු ලෝකයක්ද?
ගැහැනියෙක්ට නිදහසේ ජීවත් වෙන්න බැරි... නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි.. කිසිම ආරක්ෂාවක් නැති..
මිනිස්සු ඇයි මේ තරම්ම තිරිසන්?
අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්න කොයි තරම් ආසද? ඔබ පිරිමියෙක්නම් ඔබේ තැන කාන්තාවක්ව තබා හිතන්න, ඔබට ගමනක් බිමනක් යන්න නිදහසක් නැත්නම්, බයක් දැනෙනවනම්, රෑට එළියට බහිද්දි මොනම වෙලාවක හරි කරදරයක් වෙයි කියලා හිතෙනවනම් - ඒ ලෝකේ කොහේද සැනසීමක්?
උපුටා ගැනිමකි.
12/05/2024
අම්මාවරැන්ගේ දිනයේදි
අම්මාගෙනුත් ඔයාලට,..ආදරෙන්
මම ඔයාලා දෙන්නට ස්තුති කරනවා මාව සතුටින් තියන්න මා ළඟට ආවට.❤️
මැරෙනකොට වතුර උගුරක් පොවාගන්න මගෙ බලාපොරොත්තුව ක් නෑ .
දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ..
මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන් .
මගෙ හිතේ හීන හැබෑ කරන්නයි ඔයාලා සුර දූතයො වෙලා පිහිටට ආවේ.
මම ඔයාලට කිරි දුන්නේ සතුටින් ❤️
ඒක නිරාමිස ප්‍රීතියක්...
අපිට ඕනි නම දාලා ,
අපිට ඕනි විදිහට හුරතල් කරලා,
අපිට ඕනි කෑම කවලා,
අපිට ඕනි ඉස්කෝලෙ ට දාලා,
අපිට ඕනි ඇදුම් අන්දලා ,
අපිට ඕනි අයව හඳුන්වා දීලා,
අපිට ඕන විදියට හදපු ..
ඒ පුංචි ආත්ම...
අම්මා කියන උත්තරීතර හැඟීම මට ගෙනත් දුන්නට මම ඔයාලට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.
ඔයාලා දුන්න හැම මතකයක්ම හරිම සුන්දරයි..
❤️
ආදරේ කියන්නේ ළඟ ඉද්දි දැනෙන හැඟීමට නෙමෙයි...❤️
කොහේ හිටියත් සතුටින් බව දැනෙනවා නම් ඒ ඇති,
අත්තටු හයිය වුනු විගස
ඉගිලී යන්න...!
මේ ලෝකය හරිම ලස්සනයි....
නිදහසේ පියඹන්න......
- Copied-❤️
සල්ලි තියෙන කෙනා සතේට ගනන් හැදුවට
සල්ලි නැති කෙනා රැපියලත් අතහරිනවා
~එකයි ඔහු හැමදාමත් දුප්පත්~
Click here to claim your Sponsored Listing.