Smiling Lanka Foundation

Smiling Lanka Foundation

Share

Photos from Smiling Lanka Foundation's post 09/02/2026
12/01/2026

පුංචි බබාගේ හිත රිද්දන හැඟීම්ම් වචනවලට පෙරළන්න උදවු කරමුද?

කැ ගහන්න එපා අඩන්න එපා

බබාගේ අම්මටයි තාත්තටයි මතකද කී සැරයක් මේ වචන ටික ඔබ දරුවට කියල තියනවද කියලා ඔව්. ඔබ දරුවට එයාට දැනෙන හැගීම කළමනාකරණය ගැන නේද මේ සියල දෙන්නෙ. ඒ ක්‍රමය සාර්ථක වුනාද? එහෙමත් නැත්තන් දරුවා ඔබේ දැඩි වචන වලට ඇති බිය නිසා, දරුවා ගොඩාක් ආදරය කරන දරුවාට දැඩි රුකවරණයක් දැනෙන සිබ ඇත් වෙයි. තරහ වෙයි කියන බය නිසා ඒ පුංචි හිතට දැනෙන හැගීම් සඟවගත්තද? ඔබේ අණට කීකරු වෙලා දරුවා ඇඩිල්ල හෝ කෑ ගැසීම නවත්වා ගත්තම් දෙමවු පියන් විදියට අපිට පුංචි ජයග්‍රහණයක සිතුවිල්ලක් දැනෙනව තේක්ද අපි දරුවට මෙල්ල කලා කියලා. එහෙත් ඒ සිතුවිල්ලත් එක්කම ඔබේ පුංචි දරු පැටියගේ මුණ දිහාවට පොඩ්ඩක් එබිල බලන්න. දරුවට හොදටම දැනෙන්නෙ දෙමවුපියන්ට. ඉතින් ඔබට මොනවද දරුවග මුණෙන් පේන්නෙ. සැනසීමක්ද? අසරණකමක්ද? තමන්ට දැනෙන දුක, වේදනාව හෝ තරහව පිට කරගැනීමට අවස්ථාවක් නැතිව ඒ හැගීම් සිත සිරකරගෙන ඉකිගසන පුංචි දරුවෙක්ද? ඉතින් ඔබ දිනුම් ද ?

හැගීම් කළමනා කරණය කියන්නෙ හැගීම් භාගගන්න එකට නම් නෙමෙයි. තමන්ට දැනෙන දුක කිය තරහට සංගගන්න තරමටම අභ්‍යන්තරයෙන් බුදුනු තුවාල වුන පෞරුෂයක් එක්ක තමා දරුවා ඉස්සරහට යන්නෙ. මහන්සි වෙලා දුක් විදලා ඔබ උස් මහත් කරන දරුවා එහෙම විය යුතු නෑ නේද.

නැ කියල හිතෙනවනන් මේ විදියට කරල බලමුද? දවසක දරුවයි ඔබයි දෙන්නම දිනල තියේවී.

ඔබ දන්නවනෙ පුංචි වයසෙ අකුරු ඇහිදින දරුවන්ට තමන්ට දැනෙන දේ ක්ෂනිකව ප්‍රකාශ කරන්න අමාරුයි. ඇත්තටම කියනවනන් ඔවුන් දන්න වචන ප්‍රමාණය අඩු යි. ඒකනෙ වචන ගැට ගඟ මතස් කර කර කතා කරන්නෙ. ඒ නිසාම තමන්ට තරහක් බයක් දැනෙද්දි ඒ හැගීම විස්තර කරන්න පුංච බබාට බැ. ඒ නිසා පළමු පියවර විදියට දරුවාට දුක තරහව ලැජ්ජාව බිය කියන හැගීම කියල දෙන්න

දුක සතුට තරහව බය වගේ හැගීම් වලට මුණු ඇදලා දරුවත් එත්ත ඒ ඒ මුහුණ ගැන කතා කරන්න. උදා ම සෙල්ලම් කරන්නයි යන්නෙ. මට සතුටුයි. දැන් මගේ මුණ මොන වගේද.

දරුවාට තරහට දුක දැනෙන වෙලාවට ඒ හැගීම අදන ගන්න දැන් ලේසි යි. ඒ වෙලාවේ දරුවාට දැනෙන හැගීම ගැන කතා කරන්න දැන් ඔබට පුලවන්.

උදා පුතාට සෙල්ලම් කරන්න යන්න බැරිවුන නිසා තරහ ගිහින් නේද ඉන්නේ?

දරුවට ආරක්ෂාකාරි ලෙස දැනෙන එකම තැන ඔබ යි. දරුවාව හොදටම තේරුම් ගන්න පුලවන් ඔබටයි. ඉතින් ඒ කාරණාව දරුවාටත් දැනෙන්න සලස්සන්න

උදා මට තේරෙනවා පුතේ ඔයාට දැන් හොදටම දුක හිතිල නේද ඉන්නෙ

පුංචි හිතට දුක බය කරහව වැනි ආවේය බර වැඩි යි. ඒ නිසා එවැනි අවස්සා වල ගැඹුරු හුස්මත් ගැනීම. එකේ සිට පහ දක්වා ගනන් කිරීම හෝ අම්මාව කුරුලු කර ගැනීම වැනි සරල ක්‍රම දරුවාට හුරු කල හැකි යි. මෙහි සුදුසුම ක්‍රමය වන්නේ ආදරශයෙන් ම පෙන්වීයි.

උදා පොඩිඩක් ඉන්න පුතේ මට පොඩිඩක් කරන ගිසින් ඉන්නේ, කතා කරන්න කලින් මම ලොකු හුස්මත් අරන් එන්නන්

හැගීම් භාගා ගැනීම සුදුසු නැති බව දැන් ඔබ දන්නවනේ ඒ නිසා තමන්ට දැනෙන හැගීම ප්‍රකාශ කිරීමට සුදුසු ආකාර දරුවාට හඳුන්වාදීම ඉතා වැදගත් පියවරක්. ඇඩීම කෑ ගැසීම බඩු පොලවේ ගැසීම වෙනුවට නිවැරදි වචන පාවිච්චිච්චි කරන්න ඔබේ දරුවාට උගන්වන්න. ඔබටද ආවේගකාරී අවස්ථාවල කැ ගැසීම රණ්ඩු වීම වෙනුවට මෙය සිදු කල හැකි යි. උත්සාහ කර බලන්න. නැගීම් පාලනයේ හැකියාව වැඩි වශයෙන් ඇති කරගන්නේ ඔබද? දරුවç?

උදා මම ඒකට කැමති නැ. ඒක මට ආපහු දෙන්න, මම මේ සෙල්ලම් බඩුව දෙන්න කැමති නැ

හිතට දැනෙන හැගීම චිත්‍රයට නැගීම හෝ පොතක ලිව්මට දරුවාව හුරුකරීම මගින්ද ධනාත්මකව හැගීම් ප්‍රකාශ කිරීමේ කුසලතා ඇති කල හැකි ය.

අවසානයේ දරුවා ය තරමකට හැගීම පාලනයට හුරු වනු ඇත. ඒ සියලු අවස්ථාවන් වලදී දරුවාව ඇගයීම අනිවාරය කරුණක් විය යුතුයි. එම අභිප්‍රේරණය දරුවාට තවදුරටත් එවැනි හැසිරීම් ඇති කර ගැනීමට උනන්දුව ඇති කරනු ඇත.

උදා පුතා වෙනදා වගේ අද කැ ගැනුවේ නැ. අම්මාට ආදරෙන් කතා කරල ඒක ඉල්ලුව, හරිම ෂෝක්. මට හරිම සතුටුයි

දරුවාගේ පළමු පාසැල නිවස යි. ඉතින් දරුවාගේ හැසිරීම කතා කරන වචන බොහෝ දුරට ඉගෙන ගන්නෙ ඔබෙන්. ඒ නිසා ඔබ පළමුවෙන් සන්සුන් විය යුතුයි. උත්සාහ කරල බලන්න. ලේසිත් නෑ. නමුත් දිගින් දිගටම උත්සහ කරද්දී ඔබත් දරුවාත් දෙදෙනාම හැගීම කලමනාකරණය කිරීමට ඉගෙන ගනිව්.

මතක සියාගන්න. මේ පියවර අනුගමනය කරන පළමු දවසේදීම දරුවා සාර්ථක නොවන බව. මතක තියාගන්න. මෙය දිර්ඝ කාලීන ප්‍රතිඵල අපේක්ෂාවන් සිදුකරන කටයුත්තක් බව. මතක තියාගන්න. ඔබට මෙන්ම දරුවාටත් කාලය අවශ්‍ය යි. ඒ නිසා උත්සාහ කරමු. ඔබ උත්සා කරන කරමට සතුට ඔබවත් ඔබේ දරුවාවත් සොයාගෙන ඒවි.

ඊ එම් එන් ඩී ඒකනායක
ශිෂ්‍ය උපදේශිකා
වෛද්‍ය පීඨය
කැළණිය විශ්වවිද්‍යාලය

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo