Lahiru DR
19/04/2026
අපොයියාව...
මස්ඉඹුලයන් විසින් එළිදක්වා වසර ගණනක් වුවත් මෙම අනඟි කෘතිය කියවන්නට අවස්ථාවක් නොලැබීම ජීවිතයේ ලද අභාග්‍යක් සේ හැඟෙන පරිද්දෙන්ම කර්තෘ විසින් පාඨකයා තුළ චිත්තසංකල්පනා මවන්නාවූ අපූර්ව ශක්‍යතාපූර්ණ පබැඳුමකි.
කුතුහලය ජනිත කිරීමෙහිලා කර්තෘගේ උත්සහය කිම්ද යත් පටුන ඉදිරිපත්වන්නේද කතාන්දරේ මූලික හරය එක්කාසු වූ අපූර්ව වස්තුවකිනි. එය මෙතෙක් මා කියවූ පොතක නොදුටු අපූර්ව අංගයකි.
බාල සන්දියේ ඕවිලි කෙළිදෙලෙන් මනදොළ පුරවාගත් සඳ අකුරු බැඳි පත්තර කෑලි වල ප්‍රහේලිකා පිරැවුමට පෞද්ගලිකව මා තුළත් කුකුසක් ඇතිවූ බැව් සිහිපත් විය. මහා ගිරක දිය බුබුළක් කෙමෙන් කෙමෙන් දොළක් වෙලා ගිරි පව්වෙන් පෙරළෙන සඳ හැපෙන පුංචි ගල් පර ළඟ රහස් කියා ගලා ගිහින් මහ මුහුදට පෙම් බැඳි සඳ ජීවිතයම ගඟක් වගේ ගලා ගියෙද්දේ මේ කතාන්දරයත් අපූර්ව මාවතක අපටත් නොදැනීම ගමන් කරමින් නිමාවක් දකින්නෙ පාඨක මසිත තුළ නම් මතු සම්බන්ධයක් රඳවමිනි.
වෛද්‍ය ළහිරු ධනංජය රත්නායක
18/04/2026
සුභ විශ්‍රාම ජීවිතයක් ආදරණීය ලොකු මිස් ට
💗💗💗💗
04/04/2025
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය පෙරදැරිකරගත් කතෝලික හින්දු ඉස්ලාම් සහා තවත් ආගමික සංවිධාන රාශියක සහා ජනවර්ග අතින් ඉතාමත් පුළුල් විවිධත්වයක් පෙන්වති...
ලිංගික දිශානතිය පිළිබද ශ්‍රී ලාංකේය කියැවීම කෙතරම් කාලෝචිත ද ගෝලීයව ගැළපේද යන්න පිළිබඳවත් මානව හිතවාදීද යන්න පිළිබඳවත් කුකුසක් නවීන මතවාද දරණ සමාජයට ඇත...
ලිංගික අවයවය මත ස්ත්‍රී හෝ පුරුෂ හෝ නපුංසක හෝ වේවා ලිංගික නැඹුරුතාවය මත සමරිසි හෝ ද්විරිසි හෝ විෂමරිසි හෝ වේවා පුද්ගල හැඟීම් මානවවාදී කෝණයෙන් බැලීම කළ යුතුය...
ආගමික චින්තනය මත මානව හිමිකම් සහා මානව ගුණ යටපත් වීම සිදු නොවිය යුත්තකි...
කතෝලික සහා ක්‍රිස්තියානි ඉගැන්වීම් වල නපුංසකයන් සහා සමරිසින් සම්බන්ද ඉගැන්වීම් එතරම් කාලෝචිත නැතත්, අද වන විට ෆ්‍රැන්සිස් පාප් තුමන් පවා ඔවුන් ආශීර්වාද කිරීමට තීරණය ගැනීමම කාලානුරූපව මානවවාදි ගුණයන් ඔප්නංවන ආගමික සංස්ථාවක් බවට ධනාත්මක ප්‍රතිචාරයක් පෙන්වා ඇත...
බෞද්ධ සංස්කෘතිය තුළ සියලු සත්ත්යෝ සුවපත් වනු දැකීමට ඉගැන්වෙන අතරම සමරිසි සත්වයෝ වෙනුවෙන් ඇතැම් සිවුරු දැරූ ඊනීයා ආගම්වාදින් විවිධාකාර අදහස් වපුරනු දැකිය හැකි වුවත් බෞද්ධ ඉගැන්වීම් වල ගැඹුරට හැදෑරූ විට ඊනියා ආගම්වාදීන්ගෙ කියැවිම් වලට පහරක් එල්ල කිරීමටහැකිය. එවන් ඊනියා ආගම්වාදින් කිහිපයක් විසින් පසුගිය දිනක අසරණ අහිංසක මවුවරුන්ගේ දරුඵල වෙනුවෙන් සෑදුනු ශුක්‍රාණු බැංකුවත් සමරිසින්ට ළමයි ගන්න හදාපු අන්තර්ජාතික කුමන්ත්‍රණයක් යැයි හංවඩු ගැසීය...
හින්දු සංස්කෘතිය තුළ ශිව දෙවියන්ම කාන්තා පුරුෂ ස්වරූප දෙකම දරණ අවස්ථා සහිතය...
ඒ කෙසේ වෙතත් ඔබ මම නූතන ලෝකයේ පුරුක් ය. සමරිසි වීම මානව හිමිකම් කඩ වීමට හේතුවක් විය යුතු නැත. ලංකාවේ නිතිය තුළ සමරිසි අයිතින් සීමාවී ඇති නිසාම අනීතිකව සමරිසින් බියට පත් කිරිමටත් ඔවුන් මානසික හෝ කායික පීඩාවලට පත්කරන්නටත් නීතිය කරන අයට අවස්ථාවක් ඇත...
ඇතැමුන් පවසන පරිදි සමරිසින් ප්‍රසිද්ද විය යුතු නැත. හඬ නිහඬ විය යුතුය. ඔවුන් ගෙවල් තුළ කුමක් කරත් කමක් නැත. නමුත් සමාජයේ ඔවුන්ට නීතියෙන් කිසිවක් ලැබිය යුතු නැත. නමුත් සමරිසින් එසේ නිහඬ විය යුතුද???
නිදහස් නිවහල් රටක් යනු සියල්ලන්ටම සම අයිතිය ලැබෙන තැනක් විය යුතුය. එය සිංහල දෙමළ මුස්ලිම් කතෝලික හින්දු ලෙස පමණක් නොව ලිංගික දිශානතිය මතද අයිතීන් සම විය යුතුය...
ශ්‍රී ලංකාවේ college of psychiatrist මෑතකදි පළ කරන ලද ලිපියකත් එය කිසිසේත්ම මානසික රෝගයක් නොවන බවත් එය ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව බවත් රජයට අවධාරණය කර ඇතත් පැවති පවතින කිසිම රජයක දැනට සාදනීය විසඳුමක් ඊට ලැබී නැත...
දේශපාලනය, රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය, ආරක්ෂක, නීති, කෘෂි, විශ්ව විද්‍යාල සහා විදේශ රැකියා ක්ෂේත්‍රවල මෙන්ම රහසේම ආගමික සංවිධාන වලද සමරිසින් අද සමාජයේ බහුලය...
නමුත් ඔවුන් බහුතරයක් ඔවුන් වෙනුවෙන් වත් අගතියට පත් අනෙකාවෙනුවෙන් වත් හඬක් නොනගති. ඔවුන්ට අසාධාරණයක් වන තුරුම ඔවුන්ට ඒ සඳහා කශේරුවක් ඇති වන්නෙ නැත...
ආදරය යනු සිදුරක් පිරවීමට අවයවයක් ඇතුළු කිරීම පමණක්ම නොවන බවත් ලිංගික අවයවයකට එහා මානුෂීය බැඳීමක් ඒ ආදර කතා තුළ ඇති බවත් සමාජය තේරුම්ගත යුතුව ඇත...
LGBTQ අයිතීන් සේම මානව හිමිකම් කඩවූ සියල්ලන්ට යුක්තිය සාධාරණය අවැසිමය...
❤️❤️❤️❤️
වෛද්‍ය ළහිරු ධනංජය රත්නායක
ගම්මන්පිල වගේ ඡන්දෙ ගන්න රට අවුලන හනුමතලගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමි
✝️කතෝලිකයෙක් ලෙස නිවැරදි පරීක්ෂණයක් ඉටු කරන ජනාධිපති සහෝදරයාට ප්‍රසාදය පළකරමි✝️
28/09/2024
උඩ පනින්න හිනාවෙන්න දන්නෙ නෑ සහෝදර වරුනි 😁❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
Colombo