EHS.lk

EHS.lk

Share

Photos from Science With Ruchira's post 30/11/2025

ගංවතුරෙන් පසු පාචන රෝග වැලැක්වීම...

06/03/2023

අපිව නොපෙනෙන්නත් දරුව වඩාගෙන ඉන්න මෝහිනීව පෙනෙන්නත් හේතුව...

රෑ පානේ පාරක තොටක යද්දි කොච්චර සිහි බුද්ධියෙන් ගියත් පාරෙ යන වාහන වලට ලඟට එනකන් අපිව නොපෙනෙන්නෙත්, ගොඩාක් ඈත හිටියත් සුදු ඇඳගෙන ඉන්න මෝහිනීව හොඳට පේන්නෙත් ඇයි කියලා දන්නවාද?

මේකට ප්‍රධානම හේතුව තමයි අපි ඇඳන් ඉන්න ඇඳුමේ පාට. ඒ කියන්නේ ඇඳුමේ පාටට පුලුවන් අපිව දරුණු වාහන අනතුරකින් බේරගන්න? ඔව්.. ඔබ ඇඳන් ඉන්නේ අඳුරු පාටක ඇඳුමක් නම් ඉදිරියෙන් එන වාහනේට ඔබව ලඟටම එනකන් පේන්නේ නෑ හෝ පේනවා අඩුයී...
ඒකට ඒ වාහනය කොච්චර වේගෙකින් එනවාද කියන එකත් බලපානවා. වාහනේ වේගය වැඩීනම්, ඔබව රියදුරාට පෙනන දුරේ ඉඳන් වාහනය ඔබ ලඟට එන්නට යන කාලය අඩු වෙනවා.. වාහනයේ රියදුරාට ඔබේ ඇඳුමේ පාට අනුව ඔබව කොහොමණ දුරකින් පෙනෙනවාද කියන එක පහත ගනන් මිණුම් වලින් බලාගන්න පුලුවන්...

⚫ කළු පාට ඇඳුම් - ලඟටම එනකම් පේන්නෙම නෑ
🔵 නිල් පාට ඇඳුම් - 17 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
🔴 රතු පාට ඇඳුම් - 24 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
🟡 කහ පාට ඇඳුම් - 37 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
⚪ සුදු පාට ඇඳුම් - 55 m ඈතින් පෙනෙනවා... මේක සැලකියයුතු දුරක්,,( මෝහිනීව ඈත ඉඳන් පෙනෙන්නෙ මෙන්න මේ නිසා)
🦺 ප්‍රතිදීප්ත/පරාවර්තිත කොටස් සහිත ඇඳුම්- 130 m ඈතින් හිටියත් පෙනෙනවා

මේ නිසා සෑම විටම රෑ කාලයේදී පාරේ තොටේ ගමන් බිමන් යද්දි පුලුවන් තරම් ලා පාට ඇඳුම් අඳින්න උත්සහ කරන්න

අපේ company වල, construction site වල, project site වල වගේ ඕනෑම වැඩ බිමක රෑ වැඩ මුර කාලයන් වලදී ප්‍රතිදීප්ත කබා පැළඳීම අනිවාර්යය කරලා තියෙන්නේත් මෙන්න මේ හේතුව නිසයි.

මේක කියවන ඔබට සමහර වෙලාවට හිතෙන්න පුලුවනි මිනිස්සු වෙච්චි අපට වඩා යක්සනියක් වෙච්ච මෝහිනී තමන්ගේත් දරුවගෙත් ආරස්සාව ගැන හිතනවා නේද කියලා.. එක අතකට එහෙම හිතෙන එකේ කිසි වරදකුත් නෑ.

26/01/2023

උදේට දාහක් බලාපොරොත්තු තියාගෙන රස්සාවට ගිහින් හවසට කකුලක් නැතිව හරි හොඳට තිබුන කකුල තුවාල කරගෙන හරි ගෙදර එන්න කැමති මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්නවා කියන එක වෙන්න බැරි දෙයක්. හැබයි අපේ වැඩ බිම් වල සහ කර්මාන්තශාලා වල වැඩ කරන බොහෝමයක් දෙනාට තමන්ගේ කකුල් මෙච්චර වටිනවා කියල තේරුම් යන්නනම් තමන්ගේ කකුල් වලට මොකක් හරි අනතුරක් වෙන්නම ඕනි. ලෝකයේ දත්තවලට අනුව ‍රැකියාවේදී සිදුවෙන අනතුරු වලින් 25% ක්ම කකුලට සිදුවන අනතුරු. මේ අනතුරු වලින් සැලකියයුතු ප්‍රමාණෙකට ආයෙම හරිහමන් රස්සාවක් කරගන්න බැරි තරමටම හානි සිද්ද වෙනවා.
අලුතින් කොළොඹ රස්සාවට ගියපු අපේ යාලුවා Mr. සාන්ත ඉන්න කොම්පැනියෙත් තියෙනව යන්ත්‍ර උපකරණ පාවිච්චි කරන නිශ්පාදන අංශ කීපයක්ම. මේ අංශ වල ක්‍රියාකරකම් එක්ක බලපුවම සාමාන්‍ය ඔ‍ෆිස් එකකට වඩා අනතුරක් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම මේ නිශ්පාදන අංශ වල විශේශ සෞඛ්‍ය ආරක්ශිත විදි විධාන, නීති රීති ගොඩකුත් තියෙනවා.
මේ සෞඛ්‍ය ආරක්ශිත විදි විධාන වලින් Mr. සිරිසේන, සාන්තට මුලින්ම කියල දුන්නේ නිශ්පාදන අංශයකට ඇතුල් වෙනකොට සුදුසු ආරක්ෂිත පාවහන් (සපත්තු) පැළඳගෙන යන එක අනිවාර්‍යයි කියලා. ඒත් එක්කම කකුල් වලට හරි පරිස්සමක් ලැබුනේ නැත්තන් වෙන්න පුලුවන් අනතුරු ගැනත් කියල දුන්නා.

දැන් සාන්ත දන්නවා ආරක්ෂිත සපත්තු පාවිච්චි කරන්න ඕනි ඇයි කියලා.

1. සාන්ත දන්නවා නිශ්පාදන අංශ වල නිතරම බරින් වැඩි අමුද්‍රව්‍යය සහ උපකරණ පවිච්චි කරනවා, මේ බරින් වැඩි දෙයක් ඉහලින් කකුලට වැ‍ටුනොත් කකුලට බරපතල අන්තුරක් , තැලීමක්, අස්ථි කැඩීයාමක් වෙන්න පුලුවන් කියල සහ මේ වෙනුවෙන් ඝන ඇඟිලි ආවරනයක් සහිත ඝණකම් අමුද්‍රව්‍යයකින් හදපු ආරක්ෂිත සපත්තු දාන්න ඕනි කියලා

2. සාන්ත දන්නව බිම තිබිල කකුලේ ඇනෙන්න පුලුවන් ඇණ වගේ තියුණු දේවල් වලින් පරිස්සම් වෙන්න මේ ආරක්ශිත සපත්තුවල තියෙන ඝන අඩිය අපිට උදව් වෙනව කියලා

3. ඒ වගේම කැපීමක් ඇති වෙන්න පුලුවන් උපකරණ (උදා: යාන්ත්‍රික කියත්, චලනය වෙන දැති රෝද) වලින් කකුල කැපෙන්නට පුලුවන් කියලා සහ මේ වගේ අවදානම් තියෙන තැන් වලදී කැපීමට ප්‍රතිරෝධී ඝන අමුද්‍රව්‍ය වලින් හදපු සපත්තු පාවිච්චි කරන්න ඕනි කියලා

4. ආරක්ෂිත සපත්තු වලින් විදුලි අනතුරු වලින්ද පරිස්සම් වෙන්න පුලුවන්, රබර් හෝ වෙනත් විදුලිය සන්නයනය නොකරන අමුද්‍රව්‍යකින් හදපු අඩියක් තියෙන සපත්තු මේ වෙනුවෙන් තියෙනව. ඒ වගේම ස්ථිති විද්‍යුතය නිසා ඇතිවන අනතුරු වලින් පරිස්සම් වෙන්න ස්ථිති විද්‍යුතයට ප්‍රතිරෝධය දක්වන්න සපත්තුත් තියෙනවා

5. ලිස්සන්නේ, පෙරලෙන්නෙ, වැටෙන්නෙ නැතිව ඉන්නත් මේ ආරක්ෂිත සපත්තු වල තියෙන ලිස්සීමට ප්‍රතිරෝධී වැඩි ඝර්ශනයක් තියෙන සපත්තු අඩිය උපකාර වෙනවා

6. වැඩි වෙලාවක් හිටගෙන, බර උස්සගෙන කරන රස්සා වලදී කාලයත් එක්ක කකුල් වල මාංශ පේශී වලට එන ආතතිය සහ වේදනාව සැළකියයුතු මට්ටමකින් අඩුකරන්නත් ආරක්ෂිත සපත්තු වලට පුලුවන්. ඒකෙන් සේවකයන් තෙහෙට්‍ටු වීම අඩු කරන්නත් කාර්යක්ෂමතාව වැවි වෙන්නටත් හේතු වෙනවා වගේම කල්යද්දි ඇතිවෙන කොන්දේ සහ පේශිවල ලෙඩ රෝග ගොඩක් නැතිවෙනවා

7. තව සාන්ත දන්නවා රසායණ ද්‍රව්‍යය, උණුවතුර, තෙල් වර්ග, හුමාලය සහ සම්පීඩිත වාතය එක්ක වැඩ කරන කොට ඒවාගෙන් කකුල් වලට වෙන හානිය නවත්වන්න හෝ අවම කරන්නත් අවශ්‍යතාවය අනුව රසායණ ප්‍රතිරෝධී හෝ තාප ප්‍රතිරොධී ආරක්ෂිත සපත්තු පැළඳීම අනිවාර්‍යයි කියල

හොඳම දේ තමයි සාන්ත මේ ඔක්කොම දැනගෙන නිකන් ඉන්නේ නෑ. වැඩ බිම්, නිශ්පාදන අංශ වලට යද්දි සාන්ත මේ ආරක්ෂිත සපත්තු නිසි ආකාරයෙන් පළඳිනවා. යාලුවන්ටත් කියලා දෙනවා. තමන්ගේ විතරක් නෙවේ හැමෝගෙම කකුල් ආරක්ශා කරගන්නවා. ඉතින් ඔයත් සාන්ත වගේ වෙන්න



Follow us > https://www.linkedin.com/showcase/ehs-lk/

14/01/2023

Mr සාන්ත රස්සාවක් හොයාගෙන කොළොඹට ආවෙ ගිය අවුරුද්දෙ අන්තිම හරියෙ. ඊට කලින් පොර එයාගෙ ගමේ, මැදවච්චියෙ සාරෙට ගොවිතැන් කරගෙන හිටපු කෙනෙක්. පොහොර කේස් එකයි, තෙල්, කරන්ට් ප්‍රශ්ණයි එක්ක මිනිහගෙ ගොවිතැන් කෙරුවාවට කන කොකා ලව්ඩ්ස්පීකර් දාගෙනම හඬලා ගියා. යන්තම් A/L ගොඩ දාගෙන හිටපු නිසා අඳුනන මහත්තයෙක්ගෙ මාර්ගෙන් කොළොඹ පොඩි කොම්පැනි එකක රස්සාවක් හොයාගන්න එක පොරට ඒ හැටිම අමාරු උනේ නෑ.
සාන්තව වැඩ පුරුදු කරන්න භාරදීල තියෙන්නෙ Mr. සිරිසේනට. සිරිසේන ගොයියා මේ කොම්පැනියට අවිත් දැන් අවුරුදු හත අටක් වෙනව. ඇක්ස්පීරියන්ස් එකයි වැඩ වල හොඳ කමයි දෙකම නිසා අලුතෙන් වැඩට එන කට්ටිය train කරන එක සිරිසේනගෙ ජොබ් එකේම කොටසක් වෙලා දැන් ගොඩක් කල්. සාමාන්‍යයෙන් අපි දකින trainer කෙනෙක්ට වඩා සිරිසේන ගොඩක් වෙනස් කෙනෙක්. එයා කෙන්ක්ට ජොබ් එක විතරක් නෙවෙයි කොම්පැනියේ විනය, නීති රීති, වගේම වැඩ කරන ගමන් හදිස්සියක්, කරදරයක් වගේම අනතුරක් උනත් කොහොමද ඒකට හරියට මුහුන දෙන්නෙ කියන එක අලුතින් එක අයට කියල දෙනවා.

ඔන්න ඔහොම සාන්ත Mr.සිරිසේන යටතේ මාස දෙක තුනක් වැඩ පුරුදු වෙනවා. අන්තිම training එක විදියට සාන්තව වැ‍ටුනේ ගබඩා අංශෙට.

මෙහෙම දවස් දෙක තුනක් වැඩ කරගෙන ඉද්දි සාන්ත දකිනව ගබඩාවෙ ඈත කෙලවරෙන් දුමක් නගිනවා. ටිකෙන් ටික දුම වැඩිවෙනව. සාන්තට දැන් තමයි මතක් වෙන්නෙ සිරිසේනගෙ පුහුණුවේ කියල දුන්න හදිසි ගින්නකදී හැසිරෙන්න ඕනි විදිය.

1. සාන්ත බලනවා වට පිටාවේ ගින්නකදී නාද කරන්න පුලුවන් Fire alarm call point / බෙල් එකක්, එලාම් ස්විච් එකක් තියෙනවද කියලා. හොයාගන්න පුලුවන්නම් හැකි ඉක්මනින් ඒක නාද කරන්ව. නැත්නම් පුලුවන් තරම් සද්දෙන් "ගින්නක් ගින්නක්" කියල කෑගහනවා.

2. සාන්තට ගිනි නිවණ උපකරණයක් පාවිච්චි කරන්න පුලුවන්නම් විතරක් සහ තියෙන ගින්න තවමත් පොඩියට වර්ධනය වෙන එකක් විතරක්නම් සුදුසු ගිණි නිවන උපකරණයක් අරන් ගින්න නිවන්න try එකක් දෙනවා.

3. ගින්න නිවාගන්න බැරිනම් පුලුවන් තරම් ඉක්මනට ගොඩනැගිල්ලෙන් එලියට යන්න පුලුවන් ලඟම පාරෙන් දුවගෙන යනවා

4. දැනටමත් දුම ගොඩක් පැතිරිලානම්, සාන්ත ඉක්මනින් පුලුවන් තරම් පහත් වෙනවා, බිම ඉඳගන්නව, දන ගහගන්නව, බිම දිගා වෙනව.. මේ ඕන විදියක්.. දුම පැතිරිලා තියෙන උස මට්ටම එක්ක ඒක සාන්තම තීරණය කරනවා.. මොකද සාන්ත දන්නව ගින්නකදී දුම පැතිරෙන්නෙ පොළොවට ඉහලින් කියල සහ මේ දුම විස සහිත වෙන්නට පුලුවන් කියල. දුම විස උනොත් හරි වැඩි දුම් ප්‍රමාණයකට මැදි උනොත් හරි සිහිසුන් වෙන්න උනත් පුලුවන්.

5. පුලුවන් කමක් තියෙනවනන් සාන්ත try කරනව ගින්න පැතිරෙන ගොඩනැගිල්ලෙ දොරවල් ජනෙල් වහල ගොඩනැගිල්ල ඇතුලට වාතය එන එක නතර කරන්න. සාන්ත දන්නව ඔක්සිජන් ප්‍රමාණය අඩු උන ගමන් ගින්න පැතිරීම අඩුවෙනව වගේම නිවාගන්නටත් ලේසි වෙනව කියලා.

6. පුලුවන් තරම් ඉක්මනට 119 සහ 110 අංක වලට කතා කරල සිද්දිය දැනුවත් කරනව සහ උදව් ඉල්ලනව. (119 - පොල්සි හදිසි ඇමතුම් අංකය, 110 - ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය)

7. දැන් ගොඩනැගිල්ලෙන් එලියට ආවට පස්සේ සාන්ත ආයෙම ගිනිගන්න ගොඩනැගිල්ල ඇතුලට යනවා වගේ පණ්ඩිත වැඩ කරන් නැතුව ඉන්නවා.

8. සාන්තගෙ යාලුවො ඔක්කොම ගොඩනැගිල්ලෙන් පිටවෙලාද කියල හොයල බලන්ව. තවමත් ගොඩනැගිල්ල ඇතුලෙ කෙනෙක් හිරවෙලා කියල හිතෙනවනම් වහාම කොම්පැනියෙ ලොක්කෙක්ට හරි මේ වෙද්දි ගිනි නිවන හමුදාවෙන් හරි පොලීසියෙන් හරි අවිත් ඉන්න්වනන් ඒ මහත්තුරුන්ට කියන්වා.

තව එකක්, සාන්තට Mr. සිරිසේන කියල දීල තියෙන්ව මේ වගේ වෙලාවක වීරය වෙන්න ගිහින් වැඩ අනාගන්නවට වඩා training වලදි කියල දීපු විදියටම වැඩ කරොත් ජීවිතේ බේරගන්න පුලුවන් කියල.

මෙන්න මේ විදියට සාන්ත එයාගෙත් එයාගෙ යාලුවන්ගෙත් ජීවිත ගින්නෙන් බේරගෙන, කොම්පැනියෙ බඩු වලට සහ ගොඩනැගිලි වලට අවම හානියක් වෙන විදියට වැඩ කරනව..

ඉතින් ඔයාලත් අද ඉඳන් හරි සාන්ත වගේ වෙන්න බලන්න..

Be like සාන්ත & be safe...

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo