HelpX
HelpX Food Donation 22.2🤝
අප්‍රේල් මස 3 වන සතියේදි පාර්සල් 20ක් සදහා ප්‍රමාණවත් වන පරිදි වියළි ආහාර ද්‍රවය්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් මිළදී ගත්තෙමු.
කාල වේලාව ඇති අයුරින් එම ද්‍රව්‍ය බෙදාදීම දින දෙකකදී සිදුකරන ලදි.
පළමු දිනය: 2022.04.30 (පාර්සල් 10)
දෙවන දිනය: 2022.05.29 (පාර්සල් 10)
පළමු දිනයේදී බෙදාහැරීම් අවසන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගත වූ නමුත් අද දින විනාඩි 15කටත් අඩු කාලයකදී අවසන් කල හැකි විය. කාර්යය ඉක්මණින් අවසන් කිරීමට හැකිවීම සතුටට කාරණයක් වුවත් වෙනදාට වඩා බොහො වුවමනාවකින්, අප අසලටම විත් ඔවුන්ම පාර්සල ඉල්ලාගෙන යාම මේ දින කිහිපය තුළදී මිනිසුන් ආර්ථිකව අසරණ වූ තරම වටහාගැනීමට යම් ආකාරයක දර්ශකයක් විය.
ඉතින්, මේ අසීරු කාලයේදි ඔබ අවට සිටින එක් අයෙකුට හෝ ඔබටත් හැකි අයුරින් උපකාර කරන්න.
තවත් වියාපෘතියකින් නුදුරේදීම හමුවෙමු.
විශේෂ ස්තුතිය,
මූල්‍යමය දායකත්වය ලබාදුන් සහෘදයින්, කටුබැද්ද Keels ආයතනයේ අප භාණ්ඩ මිළදී ගනිමින් සිටින විට අහම්බෙන් හමුවී මෙම කර්තව්‍යයට දායක වූ අපූරු මිනිසාට!
Click here to claim your Sponsored Listing.