Ape Media

Ape Media

Share

We present all the relevant factual information in a way that is clear and simple to you against the media activism that hides the truth from fake facts and rumors ..

24/05/2026

රටක් ගැන තීරණ ගන්න මෙ මහත්තයට තියෙන බලය මොකද්ද? මේ කවුද රටේ?

23/05/2026

මැයි 18/19 සිදුවුණු ජාතිවාදී සහ වර්ගවාදී අවලස්සණ සිද්ධීන් පාලනය කරලා, උතුරටත් දකුණටත් එක ලෙස සලකන, කිසිවෙකුගේ අයිතීන් තවත් අයෙකුට නොදෙවෙනි වීමට ඉඩ නොදෙන, සැමට සමාන රටක් වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග අනභිභවනීයයි.
ඇත්තටම අපි ඒ දින කිහිපයේ සිටියේ ප්‍රශ්න ගොඩක. උතුරේ ltte සැමරීම් සිදුවෙනවා, මෙහෙන් ඊට එරෙහිව ලොකු විරෝධතාවක් ගොඩ නැගුණා.
සිංහල වගේම දමිළ ප්‍රජාව යන දෙපාර්ශ්වයම අතරෙ, ආණ්ඩුව තමාට වඩා අනෙක් පාර්ශ්වයට සලකනවා කියන අදහස ගොඩ නැගෙමින් තිබුණා.
සුපුරුදු පරිදි මෙවරත් තමා ඉදිරියට පැමිණි අභියෝගය සාර්ථකව ජයගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙනවා. ඇත්තටම ප්‍රශ්න බිම් ගත කිරීමේදී මෙතරම් දක්ෂ ආණ්ඩුවක් පෙර ඉතිහාසයේම සිට නොමැති බවයි මගේ නම් අදහස.
බලන්න ආණ්ඩුව අප සැමට සලකන අපූරුව,
එහෙන් ඔවුන් උතුරේ ජනතාවට හෙල්මට් නොදා රිසි සේ පාරවල් පුරා සංචාරය කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. අඩුමගානේ ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට වත් ඔවුන් ඉදිරියට ආවේ නැහැ.
අනෙක් අතට ආණ්ඩුව කුඩා දැරියක් අපයෝජනය කළා යැයි චෝදනා ලැබූ හිමිනමක්, සම්පූර්ණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප මත නිදහස් කිරීමට ඉඩ සලස්වා තිබෙනවා. අමතක නොකළ යුතුයි, එහිදී ආණ්ඩුව නවලෝක රෝහල - රක්ෂිත බන්ධනාගාරයක් ලෙස ප්‍රතිනාමකරණයකටද ලක් කළ බව.
බලන්න. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ, සැමට එක ලෙස සලකන, නීතියට සැවොම සමානව යටත් බව පෙන්නන ලක්ෂණ නොවේද?
අති විශිෂ්ටයි! ❤️
නමුත් මෙහිදී ජනතාවගේ හැසිරීම නම් ඇත්තෙන්ම ප්‍රශ්න සහගතයි. ස්වාමීන් වහන්සේට චෝදනා කළ බොහෝ දෙනා හෙල්මට් සම්බන්ධ අදහස් නොදැක්වීමත්, හෙල්මට් සම්බන්ධ අදහස් දැක්වූ බොහෝ දෙනා ස්වාමීන් වහන්සෙව්ට චෝදනා එල්ල නොකිරීමත් මෙහිදී කැපී පෙනුනා.
මා ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ, ඔබත් ආණ්ඩුව වගේ සැමට එක සමානව සලකන තැනට පැමිණියා නම්, එය ආණ්ඩුවට කොතරම් සහයක්ද ❤️

19/05/2026

අපේ රටේ මිනිස්සුන්ට අමතක වූ ඒ උදාර මිනිසුන්ගේ මහා කැපකිරීම්

Want your business to be the top-listed Advertising & Marketing Company in Dubai?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dubai