Motivation SL
08/11/2025
"ඔහුව දවාලන්නට හැදූ ගින්දරම ආලෝකය බවට පත් කරගත් ඩිලන් ✨"
වසර දහසයකට පෙර, ටෙක්සාස්හි නිවසක හටගත් දරුණු ගින්නකින්, එවකට මාස 17ක් පමණක් වයසැති කුඩා ඩිලන් මිල්ස්ගේ ජීවිතය අහිමි වීමට පවා ගොස් ඔහුට ජීවත් වෙන්න වාසනාව ලැබුණා. ඔහුගේ සිරුරෙන් 80%කට වැඩි ප්‍රමාණයක් පිළිස්සුම් තුවාල වලින් පිරී තිබුණු අතර, ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ ඔහුගේ පියාටත් තුවාල සිදු වුණා. බොහෝ දෙනෙක් මෙවන් සිදුවීමකින් පසු බලාපොරොත්තු අත්හරිනවා. එහෙත් ඩිලන් එසේ කළේ නෑ.
ගින්නෙන් පසු වසර ගණනාවක් පුරා වේදනාව, සැත්කම් සහ සුවය ලැබීමේ ක්‍රියාවලීන් ඔහුට අත්විඳින්නට සිදු වුණා. එහෙත් ඒ සියල්ලටම මැඩගෙන ශක්තිමත් ලෙස ඔහු නැවත නැගී සිටිනවා. ඔහු තම සිරුරේ වූ කැළැල් සඟවා තබනවා වෙනුවට, ඒවා ආඩම්බරයෙන් දරා සිටීමට ඉගෙන ගන්නවා. ඒ ඔබේ ශක්තිය රඳා පවතින්නෙ ඔබ පෙනෙන ආකාරයෙන් නොව, ඔබ ජීවිතයේ විඳදරා ගන්නා දේවලින් බවට එම කැළැල් කදිම සාක්ෂි බවට පත් වෙනවා.
අද, ඩිලන් ඔහුගේ ජීවිතය උසස් ලෙසින් බාරගෙන සිටිනවා. ඒ වගේම ඔහු ක්‍රීඩා කරනවා, මිතුරන් සමඟ කාලය ගතකරනවා. ඔහුත් එක්ක එකට ඉන්න සෑම කෙනෙකුටම ආශ්වාදයක් ලබා දෙනවා. මෑතකදී, සමාජ මාධ්‍ය විසින් ඔහුව "හෝම්කමිං කිං" (Homecoming King) ලෙස සඳහන් කර තිබුණා. එය ඔහුගේ ධෛර්යය වෙනුවෙන් පමණක් නොව, ඔහුගේ උතුම් හදවත වෙනුවෙන්ද ලද ගෞරවයක්.
ඔහුගේ කතාව අපට කියා දෙන්නේ "ගැඹුරුම වේදනාවන් තුළින් වුවද, සුන්දරත්වයට නැගී සිටිය හැකි බවයි."
කැළැල් ඔබව බිඳ දැමීමක් නොවේ – ඒවා ඔබව සැබෑ මිනිසකු බවට පත් කරයි.
Credit Vishma Lokaya
25/01/2024
❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Balangoda
70130