SLSSB - Badulla

SLSSB - Badulla

Share

26/10/2022
Photos from SLSSB - Badulla's post 02/10/2022

අවු . 18 ත් 30 ත් අතර ඔබේ තරුණ දරුවන්ට ...

දෙමාපියනි , ඔබේ තරුණ දරුවන් සදහා ලබා දීමට ඔබ සතුව ඇති හොදම දායාදය කුමක් ද...

මුදල්, බැංකු තැන්පතු, රක්ෂණ ඔප්පු ,දේපල ඉඩකඩම් , ගෙවල් දොරවල්, යාන වාහන, රන්, රිදී , මුතු, මැණික් හෝ වෙනත් උපයාගත් වත්කමක් වන්නේ ද...?

මේ සියල්ල දරුවන්ගේ මුලු ජීවිත කාලය පුරාම එකසේ පරිහරණය කිරීමට ප්‍රමාණවත් හා ප්‍රයෝජනවත් වේ ද...?

මේවා වෙනත් පාර්ශවයක් විසින් අත්පත් කර ගැනීම හෝ සොරකම් කිරීමේ අවදානමක් නොපවතී ද....

හදිසි මුදල් අවශ්‍යතා වල දී වටිනාකම පිළිබඳ තේරුම් නොගෙන ඉඩකඩම් , ගෙවල් වැනි වත්කම් දරුවන් විසින්ම විකුණා දැමීමේ අවදානමක් නොපවතී ද....

ස්වභාවික විපත් වලින් විනාශ වීමේ අවදානමක් නොපවතී ද..

එසේනම්,

ඔබගේ තරුණ දරුවන් සදහා ලබාදිය හැකි කල්පවත්නා හා ජීවිතාන්තය දක්වා ඔවුන්ට එකසේ ප්‍රයෝජනවත්වන එකම වත්කම,

රාජ්‍ය විශ්‍රාම වැටුප යි..

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් අවු.60 සම්පූර්ණ වූ සාමාජිකයින් සදහා ජීවිතාන්තය දක්වා රාජ්‍ය විශ්‍රාම වැටුප, මාසිකව ගෙවනු ලබයි.
මෙය 1996 සිට අඛණ්ඩව වසර 25ක් 100%ක රාජ්‍ය ආයතනයක විශ්වාසය තහවුරු කරමින් ගෙවීම් සිදුකර ඇත.. විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාව 33000ක් පමණ වේ..

ඔබේ තරුණ දරුවාහට මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය හිමිකර දීම සදහා දැන් ඔබට අවස්තාව ඇත...

අවු. 18ත් 30ත් අතර තරුණ දරුවන් සුරැකුම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ සාමාජික කරවීම .

උදාහරණයක්

මාසික විශ්‍රාම වැටුප රු. 50,000ක් ලබාගැනීම සදහා ....

වයස අවු. 20ක දරුවෙකුට ගෙවියයුතු මාසික වාරිකය රු. 2000 බැගින් මාසික වාරික 480 කි.
මුලු වියදම 960,000කි.
(2000×480=960,000)

මෙම ක්‍රමය වාරික 480ක් වැනි දීර්ඝ කාලයක් ගෙවීමට සිදුවන බැවින් වාරික ගෙවීම් අතපසු වීමේ අවදානම වැඩි අතර ගෙවීම් සදහා කිසිදු වට්ටමක්ද හිමි නොවන ක්‍රමයකි..

වට්ටමක් සහිත ගෙවීමේ ක්‍රම....

01. එකවර ගෙවීම

එකවර ගෙවියයුතු මුදල රු. 225,000.

හිමිවන වට්ටම රු. 735,000.
(960000-225000=735000)
හිමිවන සුපිරි වට්ටම 77%
Supper Discount 77%

එසේ නැත්නම් ,

02.වසර 5ක් තුළ දී වාර්ශික වාරික 5කින් ගෙවීම ....

වාර්ශික වාරිකය රු.55,000
බැගින් වාර්ශික වාරික 5 කින් ගෙවීම .

දරුවාට වයස 25 වනවිට දෙමවුපියන් විසින් වාරික 5 ගෙවා අවසන්කරමින් රාජ්‍ය විශ්‍රාම වැටුප් දායාදය දරුවාට හිමිකර දිය හැක.

මුලු වියදම රු.275,000
(55,000×5= 275,000)

හිමිවන වට්ටම රු. 685,000
(960000-275000=685000)

හිමිවන වට්ටම 70%
Supper Discount 70%

03. වසර 10ක් තුළ දී වාර්ශික වාරික 10කින් ගෙවීම .

වාර්ශික වාරිකය රු.33,750 බැගින්
වාර්ශික වාරික 10 කින් ගෙවීම..

දරුවාට වයස 30 වනවිට දෙමවුපියන් විසින් වාරික 10 ගෙවා අවසන්කරමින් රාජ්‍ය විශ්‍රාම වැටුප් දායාදය දරුවාට හිමිකර දිය හැක.

මුලු වියදම රු.337,500
(33,750×10= 337,500)

හිමිවන වට්ටම රු. 622,500
(960,000-337,500=622,500)

හිමිවන වට්ටම 65%
Supper Discount 65%

මේ ආදී වශයෙන් වාර්ශික වාරික 15කින් හෝ 20කින් හෝ 25කින් ගෙවිය හැකි ක්‍රම ඇත.

ඉහත උදාහරණයෙන් දක්වා ඇත්තේ රු.50,000ක මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීම සදහා යන වියදම්වන අතර

ඔබගේ කැමැත්ත හා ගෙවීමේ හැකියාව අනුව ඔබ කැමති මාසික විශ්‍රාම වැටුපක් ඔබේ තරුණ දරුවාට සකස්කර දිය හැකි වේ.

එමෙන්ම,

දරුවාටද පසු කලෙක (වයස අවු.60 එළඹීමට පෙර) අවශ්‍ය නම් පවතින විශ්‍රාම වැටුප වැඩිකර ගැනීමට ද හැකියාව පවතී..

ඒ අනුව ,

දරුවාගේ වයස අවු. 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ...

එමෙන්ම,

දරුවා රාජ්‍ය විශ්‍රාම වැටුපක් සහිත රජයේ ස්ථීර රැකියාවකට ගියහොත් ගෙවූ මුදල් ආයෝජන ප්‍රතිලාභ සමග ආපසු ලබාගත හැකි වේ...

ඒ අනුව ,

ඔබගේ තරුණ දරුවාට දියහැකි වටිනාම කල්පවත්නා දායාදය ඔබම තීරණය කරන්න...

ස්තුතියි !

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


2nd Floor, Social Security Board, District Secretariat Office
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15