SOG Eye

SOG Eye

Share

12/07/2023

පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය කෙබඳුද?
මිනිසා පරිසරයේ හිමිකරුවා ද නැතහොත් ඔහු පරිසරයේ එක සාධකයක් ද?
මානවයා යනු සැබවින්ම පරිසරය තුළ මිහිකතගේ විනාශකාරී නිර්මාණයද?

ඔබ‍ට ඉහතින් ඇසු පැනයන් ත්‍රිත්වය පිලිබඳ හෘද සාක්ෂියේ අඬහැරයෙන් බුද්ධියේ විමසා බලන්න.
එම උත්තර සමඟින් පොඩි කාලයක් අරගෙන පහතින් කියන දේ ටිකක් කියවන්න.

පරිසරය යනු කෙටියෙන් ම අපි වාසය කරන මේ අවට වටපිටාව. එනම් අපි වටා පැතිරුණු ජිවත් වෙන මේ අවට වටපිටාව සහ එහි පවතින ජීවී අජීවී සාධක අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව යන දෙකෙහිම තනි එකතුවක්‌ පරිසරය මඟින් නියෝජනය වේ. ඒ අනුව ගහකොළ සතා සිව්පාවුන් හුස්ම ගන්න වාතය ජලය හිරු එළිය අහස මේ සියල්ලම පරිසරය තුළට අයිති වේ. මිනිසා යනු එයින් එක් පුරුකක් පමණක් වන අතර ඔහුට පරිසරය සොබාදහම ට තනි අයිතියක්‌ හිමි නොවේ. නමුදු අද ඔබ මම ඇතුළුව මිනිසුන් ලෙස පරිසරය සොබාදහමට අයිතිය පවසයි. අද දිනෙන් දින දිගු කාලයක සිට මිනිසා විසින් මිහිකතගේ පරිසරය ආක්‍රමණය කරමින් සොබා සෞන්දර්ය විනාශ කරමින් අනාගතයට ගමන් කරයි. කොන්ක්‍රීට් වනාන්තර ගස්වැලින් පිරි ස්වභාවික වනාන්තර යටකරමින් නිර්මාණය වෙද්දී සිසිලස සෞම්‍ය මේ සුළඟ ගිල ගනිමින් විෂ දුම් වායුගෝලය වසා ගනී. මත්ස්‍යයින් හට නිවහන වූ ජලයෙ ජීවය උදුරා ගනිමින් ජලය දුෂණය වෙමින් ඇත. මල් තණබිම් වලින් හරිත සළු පැළඳි සමනලුන් මී මැස්සන් රටා මැවූ කඳු ගඳ ගහන මැසි මඳුරුවන් හට තොටිලි තනා පොළව ලෙඩ කරමින් කුණු කඳු බවට හැරෙමින් පවතියි.
කෙනෙක් තර්ක කරයි එය ඉබේ සිදු වන්නක්. නැතිනම් මම එහෙම නොකරන නිසා මට අදාළ නෑ කියලා. ඔව් ඔබට අනුව එහෙම තමයි. හැබැයි ඔබ මම නොසිතුවාට නොදන්නවා වුණාට ඔබත් මමත් එයට අඩු වැඩි වශයෙන් දායක වේ. අපේ නිවසින් වැඩපලෙන් බැහැර වෙන කැලි කසල වාහනයෙන් පිට වෙන දුම්රොටු ටිකෙන් ටික කාලයක් මුළුල්ලේ එකතු වීමේ ප්‍රතිපලය එය යි. ඒනිසා ඔබ මට අපි කාටත් මේ පරිසරය සුවපත් කිරීමෙහිලා භාරදූර කාර්යභාරයක් ඇත. වගකීමක් ඇත.
අපි කොච්චර මේ සෙල්ලම් දාන්නේ මේ සොබා දහමට පින් සිදුවන්නටය. මන්ද, තෙද බල විකුම් පාන්න සවිය ලැබෙන පෝෂණය ඛනිජ අයන මුලද්‍රව්‍ය ලැබෙන්නේ මේ මහ පොළවෙන් වාතයෙන් ජලයෙන් ය. අපේ ශරීරයේ සෑම අවයවයක් ම පණ ගැහෙන්නේ පරිසරයෙන් ලැබෙන ශක්තිය උකහා ගැනීමෙනි.
මිහිකත සොබා මව යනුවෙන් ඉහත මා කිහිප සැරයක් පැවසූවේ, කතාබහ ව්‍යවහාරයේ එන්නේ ඇයි?
ඔබ මම කුමක් කලද නපුරු වුවද ලෝකයාටම වැරදි කරු වුවත් අවලස්සන මොන අඩුපාඩු තිබුනත් ඔබේ මගේ මව ආදරෙයි. පුතු වේ. කාන්තාව සංවේදී කරුණාවේ පිළිබිඳුවක් ලෙස සැලකෙයි. එලෙසම අපි කොතරම් අකාරුණික වුවද පරිසරයේ සොබා මාතාව මිහිකත අපට සේවය සපයයි. නමුත් ඇයද විටෙක කම්පා වෙමින් කදුළු සලයි. එය ස්වභාවික විපත්ති හරහා සංකේත වේ. පස් කඳු කඩාවැටෙමින් නායයෑම, දෙගොඩ තලා යන ගංවතුර, වසංගත රෝග මේ ඇගේ වේදනාව පිටවීමයි.
අනෙකුත් ජීවීන්ගේ ජිවත් වීමේ අයිතිය උදුරා ගනිමින් අපි ජිවත් වෙයි. මෙලෙසින් පරිසරය විනාශ කරමින් පරිසරය මිනිසාගේ සෘජු අභිමතය පරිදි වෙනස් කරමින් පාලනය කිරීමට යාමෙන් අනාගත හෙට දවසේ ගන්න හුස්මේ ඔක්සිජන් වෙනුවෙන් පිපාසෙට බොන්න වතුර වෙනුවෙන් අධික පිරිවැයක් මිලක් ගෙවීමට සිදු වෙන අතර ජිවිතේ වෙනුවෙන් යදිමින් සටන් කරන්න සිදු වේවි.
ඔබ දන්නවා ද? විද්‍යාඥයින් විසින් අනතුරු අගවනවා ඊලග සියවස උදා වෙන විට ලෝකයේ ජිවත් වීමට නුසුදුසු වෙන අතර උග්‍ර ආහාර ජලය හිඟයකට මානව සංසතිය මුහුණ දෙනු බවට. තේරුම් ගන්න පරිසරය කොතරම් රෝගී වෙමින් විනාශ වී ඇත්ද කියලා.
ඔබ වත්තේ පැලයක් සිටුවා එයට ආදරෙන් පොහොර ජලය දමමින් සාත්තු කරන විට එය ඔබ වෙනුවෙන් මල් පල දරා සාරවත්ව වර්ධනය වී කෘතගුණ සලකයි. එලෙසින් මිහිකතට ආදරය කරමින් පරිසරය සුවපත් කරන්න සොබා සෞන්දර්ය රැක ගැනීමට ජිවත් වීම ට ඔබ‍ට මට පුළුවන් නම් හෙට අපේ දවස සුවබර ප්‍රීතිමත් දවසක් වෙනු ඇත.
හැකියාවක් ඇති කවුරුත් නිවසින් බැහැර කරන අපජලය පෙරා සරල පිරිපහදුවක් හරහා මුදා හැරීමෙන් නාගරික ජල දුෂණය අවම වෙයි. සතාසිවුපාවුන්ට ගහකොළ ට ආදරේ කරමින් සැලකීමෙන් වටපිටාව සුන්දර වෙයි. ඉවතලන ආහාර වලින් කොටසක් ගෙවත්තේ කුරුල්ලන් ලේනුන් වෙනුවෙන් කෑම ලෑල්ලක් තනා ලබා දීමෙන් අහිංසක සතෙකුට ලබා දීමෙන් ද, ඉතිරි වන වැඩි ආහාරපාන කුසගින්නේ පෙලෙන කෙනෙකුට ලබා දීමෙන් පෙරලා ලෝකයට ප්‍රේමය දයාව පැතිරීමට පුළුවන්. ගෙවත්තේ මල් පලතුරු සිටුවා නිරෝගී දිවියකට ආරම්භයක් ගන්න ඉඩ හසර විවර වේ. අර ගෙදරින් ඉවතලන අප ජලය සරල පෙරහනකින් පෙරා ගෙවත්තේ ගහකොළ වෙනුවෙන් දමන්න පුළුවන් වගේම එයින් ජලය අපතේ යාම අපිට වලක්වා ගන්න හැකි වෙනු ඇත. දිරාපත් වෙන කසල වලින් කාබනික පොහොර කොම්පොස් සකසා භාවිතා කිරීමෙන් වසවිසෙන් තොර පසක සුවය විඳින්න ලැබේ.
බුදුදහම ඇතුළුව ලෝකයේ සියළුම ආගම් සාස්තෘවරුන් දේසනා කර ඇත්තේ ලෝකය ට පරිසරය ට කළගුණ සලකන්න ප්‍රේම කරන්න කියලා. එබැවින් ආදරණිය මිනිසෙක් විලස යුතුකම් ඉටු කර මිය යන විටදී අභිමානවත් කාරුණික මිනිසෙක් ලෙස යන්න හැකි වේ. එක ගසක් කපනා විට ගමක් සසල වේ. ගසක් සිටුවීමෙන් පරපුරක් සැනසෙයි.

07/05/2023

Crested Serpent Eagle (Spilornis cheela)

Worth capturing on camera. A beautiful and rare sight. But it is worth not trying to break the Natural balance in environment. And it is not good to scream and scare eagle.

06/05/2023

මිනිස්සු දේවල් කියලා
බලාපොරොත්තු වෙන්නෙ
උත්තරම නෙවෙයි.🥲

තමන් වෙනුවෙන් මේ වෙලාවෙ
කෙනෙක් ඉන්නවා කියලා
දැනෙන හැගීම් විතරක්
වෙන්න පුළුවන්.❤️

වචන අස්සේ කියන හැඟීම් ඔබට ඇහුන්කම් දීලා බලන්න. 🥺

ඉතිම් කාගෙ හරි ජීවිතේක
කොන්දේසි විරහිත
සවන්දෙන්නෙක් වෙන්න.😌

හිත නිවෙන එක වචනයක් හැකි නම් පවසන්න.

ආදරණීය මනුස්සයෙක් වෙන්න.❤️🫶🏽🥰

❤️❤️❤️
- Diary -
🤗🤗🤗❤️

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address

Kappetipola Road
Badulla
90000