Dimuthu Design Homes

Dimuthu Design Homes

Share

සියලුම සේවාවන් සදහා වගකිමක් සහිතව,
නිවාස සැලසුම් සදහා සම්පුර්ණ අවධානයක් නිවස අරම්භයේ සිට අවසනය දක්වාම සිදු කරදෙනු ලැබේ...
Dimuthu Design Homes is the best and leading home designing and construction firm in the Galle district.

19/10/2025

ස්ලැබ් මට්ටමට column එකක් ඉදිකිරීමටයන
වියදම සෙවීම

දෙමහල් තෙමහල් නිවාස ඉදිකරන අය සඳහා පොදුවේ පැනනගින ගැටලුවක් නිරාකරණය කරගන්න උදව්වක් වෙන්නයි අද උත්සාහ කරන්නේ,
බේස් එක දාලා slab මට්ටමට 9"x9" කණුවක් ඉදිකිරීමට යන වියදම සොයන සූත්‍රයක් සකස් කරල දෙන්නයි අද උත්සාහය, විශේෂයෙන්ම කියන්න ඕනා පොළවේ පිහිටීම හොඳම මට්ටමක පවතින අවස්තාවක ( soil condition ගැන වෙනම පසුවට කතාකරනව) ,වගේම විශේෂ structure design එකක් නොයෙදෙන අවස්තාවක සාමාණ්‍යෙන් භාවිතාවන 3'x3'x3' බේස් වලක් කපල 9" ඝණකමට බේස් එකක් සහ 12mm කම්බි 4ක් යොදාගෙන සකස් කරන 9"x9" column එකක්,
භාණ්ඩ මිල සහ කුලී මුදල් කලින් කලට වෙනස් වෙන නිසා ඕනෑම කාලයකට ගැලපෙන ලෙස මිල ගණන් සොයාගත හැකි ක්‍රමයක් සකස් කරල ඉදිරිපත් කරන්න තීරණය කලා, පොළව මට්ටමෙන් ටයිබීම් යොදන බවත් එතැන් සිට අඩි 10ක් දක්වා කණු ඉදිකිරීම සිදුකරන බවත් සලකා ගණනය කිරීම් සිදුකර ඇත
ද්‍රව්‍ය/ කුලිය ඒකකමිල මිල
01. 12mm කම්බි4 ........... .......
02.10mm කම්බි 2.33 ........... .......
03. 6"x6" සිරප් 3.5Kg ........... .......
04. බයින්ඩින් 0.4 Kg ........... ........
05. සිමෙන්ති කොට්ට 3 ........... ........
06. වැලි ඝණ අඩි 7.5 ........... ........
07. මෙටල් ඝණ අඩි 15 ............ ........
08. බේස් දැමීම සඳහා ............ .........
09. කණු දැමීම දි.අ 13 ............ .........

මේ අදාල ගණනය කිරීම් සිදු කිරීමෙන් කණුවක් සඳහා යන වියදම සොයා ගන්න හැකියාව තියෙනව , මෙහිදී විශේෂ කරුණු කිහිපයක් මතු කරන්න ඕනා මැටල් සහ වැලි ඝණ අඩි 100 ක් නොලැබෙන නිසා ඔබට ලැබෙන ඝණ අඩි ගණන හරි හැටි දැනගෙන එක ඝණ අඩියක වියදම සොයාගෙන ඉහත මැටල් සහ වැලි ප්‍රමාණ සඳහා ඇතුලත් කරගන්න කියනව වගේම, බේස් දැමීමේදී බේස් එක හෑරීම ඇතුලත් වෙනව , කණු දැමීමේදි අදාල මිලට අච්චු සඳහා වියදම ඇතුලත් කර ගණනය කිරීම් කරගන්න බොහො වෙලාවට කොන්ත්‍රාත් කරුවන් එම මුදල ඇතුලත් කරල තමයි මිල ගණන් කියන්නේ

හොඳයි එහෙනම් තවත් දවසක ඔබට වැදගත් වන යමකින් හමුවෙමු එතෙක් Dimuthu Design Homes පිටුව Follow කරල තියාගන්න

16/10/2025

Concrete (කොන්ක්‍රීට්) භාවිතය

කොන්ක්‍රීටයක් යනු,

සිමෙන්ති (Cement)
වැලි (Sand)
කුඩාවට කඩාගන්නා ලද විවිධ ප්‍රමාණයේ කළුගල් (Metal),
ජලය (Water)
යන අමුද්‍රව්‍යන්, යම් නිශ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම මිශ්‍රණයකි.

කොන්ක්‍රීට් සෑදීම සඳහා යොදාගන්නා අමු ද්‍රව්‍ය අතරින්

සිමෙන්ති(Cement) සහ වැලි(Sand) - “සියුම් සමාහාරක” (Fine Aggregate) ලෙසින්ද,

විවිධ ප්‍රමාණයේ කළු ගල් (Concrete Metal) - “රළු සමාහාරක” (Coarse Aggregate) ලෙසින්ද,

හඳුන්වනු ලැබේ.

ආරම්භක අවස්ථාවේදී කොන්ක්‍රීට් මිශ්‍රණය, එය තැන්පත් කරනු ලබන භාජනයේ හෝ අච්චුවේ හෝ හැඩය ලැබගන්නා, වැගිරෙනසුළු අර්ධ ඝණ තත්වයේ පවතී. යම් නිශ්චිත කාල පරාසයකට පසුව, ඉතා ශක්තිමත් ඝණ ද්‍රව්‍යයක් බවට මුළුමනින්ම පරිවර්තනය වේ.

සාපේක්ෂව මිලෙන් අඩු වීමත්, භාවිතයේ ඇති පහසුවත්, එමෙන්ම කාර්මික මට්ටමේ යෙදීම් වලදී යම්යම් අමතර සංඝටක එකතුකිරීමෙන්, කොන්ක්‍රීට් හි ආවේනික ගතිගුණ වෙනස්කරන්න එහෙමත් නැතිනම් වැඩිදියුණු කරන්න තියෙන හැකියාවත් හේතුකොට ගෙන, කොන්ක්‍රීට් නූතන ඉදිකිරීම් සදහා ජනප්‍රියම අමුද්‍රව්‍යයක් බවට පත් වී ඇත.

නිවසක් ඉදිකිරීමේදී යොදාගැනෙන කොන්ක්‍රීට් වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම්,

කම්බි යොදා වැරගන්වූ කොන්ක්‍රීට් (Reinforced Concrete)
කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් (Non Reinforced Concrete)
1. කම්බි යොදා වැරගන්වූ කොන්ක්‍රීට් (Reinforced Concrete)



කොන්ක්‍රීට් යනු, සම්පීඩන ශක්තිය උපරිමව ඇති, ආතන්‍ය ශක්තිය නැති භංගුර ද්‍රව්‍යයකි. මෙහි ආතන්‍ය ශක්තිය ඇති කිරීම සඳහා, අධි ආතන්‍ය කම්බි (High Yield Steel) යොදා ගනී.

වැර ගැන්වූ කොන්ක්‍රීට් සඳහා,

සිමෙන්ති (Cement)
වැලි (Sand)
20mm (අඟල් 3/4) ප්‍රමාණයේ කළු ගල් (Concrete Metal)
අධි ආතන්‍ය කම්බි (High Yield Steel) යොදා ගනී.


වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණය සඳහා, ඉහත කී අමු ද්‍රව්‍ය වල බහුලවම භාවිතා වන අනුපාතය,

සිමෙන්ති : වැලි : 20mm කළු ගල් = 1 : 2 : 4 වේ.

මෙම අනුපාතයට මිශ්‍ර කර සාදාගත් කොන්ක්‍රීටයක් Grade 20 ලෙසින් ශ්‍රේණිගත කරනු ලැබේ. මෙහි අදහස වන්නේ,

දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm2 ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි.

මෙම අනුපාතය 1:2:4(20) වශයෙන් සටහන් කර දක්වයි. මෙහි වරහන් තුල සටහන් කර ඇත්තේ, මිශ්‍රණය සඳහා යොදාගන්නා කළු ගල් වල ප්‍රමාණයයි. එය 20mm හෙවත් අඟල් 4/3 වේ.



තට්ටු හෙවත් මහල් ගොඩනැගිල්ලක,

Concrete Column Basees (කොන්ක්‍රීට් කණු සඳහා පාදම්)
Concrete Columns (කොන්ක්‍රීට් කණු)
Concrete Beams (කොන්ක්‍රීට් තලාඳ)
Concrete Lintels (කොන්ක්‍රීට් ලින්ටල්)
Concrete Slabs (කොන්ක්‍රීට් තල)
යන සියලුම ඉදිකිරීම්, කම්බි යොදා වැරගන්වූ කොන්ක්‍රීට් (Reinforced Concrete) සඳහා හොඳම උදාහරණ වේ.

2. කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් (Non Reinforced Concrete)

මෙම කොන්ක්‍රීට් සඳහා,

සිමෙන්ති (Cement)
වැලි (Sand)
20mm (අඟල් 3/4) සිට 37.5mm (අඟල් 1 1/2 ) ප්‍රමාණයේ කළු ගල් (Concrete Metal) යොදා ගනී.
මේ සඳහා කම්බි යොදාගන්නේ නැත.



වැරගැන්වූ නැති කොන්ක්‍රීට් මිශ්‍රණය සඳහා, ඉහත කී අමු ද්‍රව්‍ය වල බහුලවම භාවිතා වන අනුපාතය,

සිමෙන්ති : වැලි : කළු ගල් = 1 : 3 : 6 වේ.

මෙම අනුපාතයට මිශ්‍ර කර සාදාගත් කොන්ක්‍රීටයක් Grade 15 ලෙසින් ශ්‍රේණිගත කරනු ලැබේ. මෙහි අදහස වන්නේ,

දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm2 ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි.

මෙම අනුපාතය 1:3:6(20 සිට 37.5) වශයෙන් සටහන් කර දක්වයි. මෙහි වරහන් තුල සටහන් කර ඇත්තේ, මිශ්‍රණය සඳහා යොදාගන්නා කළු ගල් වල ප්‍රමාණයයි.

එය 20mm සිට 37.5mm හෙවත් අඟල් 4/3 සිට අඟල් 1 1/2 පරාසයක් ගනී.

ගොඩනැගිල්ලක,

Floor Concrete (ගෙබිම් කොන්ක්‍රීට් කිරීම)
Blinding (Screed) Concrete (අත්තිවාරම් සහ පාදම් දැමීමට පෙර යොදන කොන්ක්‍රීට්)
යන අවස්ථා වලදී Screed concrete යොදාගනී.



කොන්ක්‍රීට් මිශ්‍රණයක් සඳහා, වැරදි අනුපාතයකට අමුද්‍රව්‍ය යොදාගැනීම හේතු කොට ගෙන,

මිශ්‍රණය සඳහා භාවිතාවන කළුගල් ප්‍රමාණය 25%කින් පමණ අඩුවීම
ඉදිකරනු ලබන කොන්ක්‍රීට් ව්‍යුහයේ (Structure) ශක්තිය අඩුවිම
සිමෙන්ති, වැලි ආදි අනෙකුත් අමුදුව්‍ය සදහා වන පිරිවැය වැඩිවිම
යන අවාසි අත්විදින්නට සිදුවේ

තාක්ෂණිකව මෙවන් මිශ්‍රණ අනුපාතයන් සකස්කර ඇත්තේ හොදින් ඇසුරුණ රළු සමාහාරක අතර හිදැස් සියල්ල සියුම් සමාහාරක අංශුන්ගෙන් පිරී සිදුරු රහිත ඝණයක් ඇතිවන ලෙසයි.

නිසි ලෙස මිශ්‍ර නොවූ සහ නිසි අනුපාතයට අමු ද්‍රව්‍ය නොයොදා සැකසු කොන්ක්‍රීට් ව්‍යුහයක් (Concrete structure) තුල, මීවද ආකාරයේ සිදුරු(Honey comb) දක්නට ලැබේ. මෙසේ තත්ත්වයට පත් වූ කොන්ක්‍රීට් ව්‍යුහයක ශක්තිය දුර්වල වේ

Want your business to be the top-listed Contractor in Ahangama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Galle
Ahangama
80650

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00