Cook With Happiness

Cook With Happiness

Share

Photos from Cook With Happiness 's post 29/01/2025

දවල් ආහාර ඇනවුම
මාව විස්වාස කරලා ඔයාලගේ වැඩේ ලස්සනට කරන්න මට බාර දුන්නට Thank you soo much Dhakshika Dilrukshi

20/01/2025

රසට ගුනට පිරිසිදුවට short eats හෙව්වා නම් මෙන්න නියම තැන. එන්න ඔයාගේ ඕනම event එකක් බය නැතුව අපිට බාර දෙන්න. අපි ඒක රසට ලස්සනට කෑම වලින් හැඩ කරන්නම්.🎉🎊

අපිට call එකක් දෙන්න එහෙමත් නැතිනම් whatsapp msg එකක් දාන්න...

Short eats ඔයාලට platter සහ ready made වශයෙන් ලබා ගන්නත් පුලුවන් වැඩි විස්තර දැන ගන්න අපිට කතා කරන්න..

📞0760343982

ඔබගේ ආයතනයේ, නිවසේ, ක්‍රීඩා උත්සවයේ, විනෝද චාරිකාවේ හා ඕනෑම උත්සව අවස්තාවක් අප සේවය සැපයීමට සූදානම්.


කොළඹ අවට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නත් පුලුවන්.. 🛵

20/01/2025

Cook with Happiness - We undertake Lunch, Dinner, Breakfast packs, Short eats, Desserts,Cupcakes, Sweets, cakes, Baked goods and Fruit Drinks for orders.

Whatsapp on 076 034 3982 to order our most flavorful & mouthwatering snacks and get them delivered to your doorstep.

For Office parties
Home parties
School events and more...

Photos from Cook With Happiness 's post 12/11/2023

කමුද රසම රස "ඩම්ප්ලින්" එකක් 😋

පෙස්ට් එකට අවශ්‍ය ද්‍රවය:- කුකුල් මස්( තමන් කැමති ජාතියක් පාවිච්චි කරන්න පුලුවන් )
බෝංචි
කැරට්
ග්‍රින්පීස්( ඒ වෙනුවට ගෝවා හෝ ලීක්ස් වගේ දෙයක් ගන්න පුලුවන්. මං ලග තිබුනේ නැති නිසා තමා පීස් පාව්ච්චී කරේ මම)
ලූණූ
සුදු ලුණු
තෙල් මේස හැදි 2
මිරිස් කෑලි මේස හැදි 1 1/2
මිරිස් කුඩු මේස හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1
සෝයා සෝස්
රස අනුව ලුනු
සාදන ආකාරය :- මුලින් බාජනයක් රත් වෙන්න තියලා ඊට පස්සේ ඒකට තෙල් එකතු කරල අපි කපා ගත් සොයලුම එලවලු තෙල් එකට එකතු කරලා අඩු ගින්දරේ හොදින් තම්බා ගන්න.
එය තැම්බුනාට පස්සේ මස් ට්ක එකතු කරලා හොදින් කවලම් කර ගන්න( මගේ මස් මම කලින් තම්බලා ගත්තේ.ඔයාලා අමුවෙන් ගන්නවා නම් එලවලු දන්න කලින් මස් දාන්න)
ඊට පස්සේ මිරිස් කෑලි , මිරිස් කුඩු, ගම්මිරිස් සහා සෝයා සෝස් එකතු කර රස අනුව ලුනු දමා හොදින් කවලම් කරමින් විනාඩී 5 වගේ උයා ගන්න.
දැන් එක ලොපෙන් ඉවතට ගෙන පසෙකින් තබා අපි ඩම්ප්ලින් එකට අවශ්‍ය ඩෝ එක සාදා ගමු.

ඩෝ එකට අවශ්‍ය ද්‍රවය:- පාන් පිටි
ලුනු
වතුර

සාදන ආකාරය:- බාජනයකට පාන් පිටි එකතු කර එයට රස අනුව ලුනු දමා වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන ගමන් අතේ ඇලෙන්නේ නැති ආකාරයට ඩෝ එක සාදා ගන්න.( මගේ ඩෝ එකේ ෆොටෝ එක පහල තියෙනවා )
දැන් කටින් බෝඩ් එකට පාන් පිටි ටිකක් ඉහලා ඒ ඩෝ එක රෝල් එකක් ආකාරයට දිග හැර අපි කැමති ප්‍රමානයේ කෑලි වලට කපා ගන්න.( මම කපපු ෆොටෝ එක පහල තියෙනවා )

දැන් තියෙන්නේ ඩම්ප්ලින් එක ඔතා ගන්න. ඉතිම් මම හිතුවා ඒක ඔයාලටයි මට ලේසී වෙන්න වීඩියෝ එකකින් ගේන්න. ඒක මම ඊලග පොස්ට් එකේ දාලා තියෙනවා.

එහෙනම් මගේ ලස්සන ලමයි ඒක බලලා ඩම්ප්ලින් හදලා කාලා ඔයාලාගේ සතුට මාත් එක්කත් බෙදා ගන්න ඕනී 😊

එහෙනම් මම ආයේ අලුත් රෙසිපි එහෙකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න😍

මම හෂී 🌸

Photos from Cook With Happiness 's post 01/10/2023

මුලින්ම ගොඩ කාලේකින් රෙසිපි එකක් දෙන්න බැරි වුනාට සමාවෙන්න 🙏

ඉක්මනින් පහසුවෙන් ලෙසියෙන් හදමුද රසම රස මශ්‍ රැම් එකක් 😋

*හොට් බටර් මශ් රැම් ( Hot Butter Mushroom)

අවශ්‍ය ද්‍රවය:- කැමති හතු වර්ගයක් (මශ් රැම්)
*කැරට් ගෙඩියක්
* ලුනු ගෙඩියක්
* මාලු මිරිස් කරලක් (මගේ ලග මාලු මිරිස් තිබුනේ නැති නිසා අමුමිරිස් දැම්මේ. ඔයාලාට කැමති එකක් දාන්න පුලුවන් )
*ලුනු කොල ටිකක් හෝ ලික්ස්
*බිත්තරයක්
*තක්කාලි සෝස් ටිකක්
*කොන් පිටි 50g
* පාන් පිටි 50g
* චීලි පෙස්ට් තේ හැදි 2 (ඔයාලා ලග චීලි පෙස්ට් නැත්නම් කෑලි මිරිස් තේ හැදි 2 ගන්න)
*බටර් තේ හැදි 4
සාදා ගන්නා ආකාරය :-
මුලින් හතු ටික(මශ් රැම්) තීරෑ ආකාරයට කඩා පිරිසිදු කර ගන්න.

ඉන් පසු එයට අවශ්‍ය එලවලු ටික පිරිසිදු කර දිග තීරෑ ආකාරයට කපා ගන්න.

පසුව කඩා ගත් හතු වලට පාන්පිටි, කොන් පිටි, බිත්තරය, කෑලී මිරිස් ස්වල්පයක්, රස අනුව ලුනු සහ වතුර තේ හැදි දෙකක් දමා හොදින් කවලම් කරන්න.

ඉන් පසු ගැබුරැ තෙල් එහෙක හතු එක බැද ගන්න. ( හතු එක බදින විට එය එක ගොඩට දාන්න එපා. එය තැනින් තැනට දමා රන්වන් පැහැය එන තුරැ බැද ගන්න)

දැන් වෙනත් බාජනයකට බටර් ටික එකතු කර එය රත් වු පසු එයට ලුනු කොල එහෙම නැත්නම් ලීක්ස් නැතුව අපි කපාගත් අනිත් සියලු දේ එකතු කර විනාඩි එකහාමාරක් වගේ කුක් කර ගන්න.

ඊලගට එයට චිලී පෙස්ට් එකතු කර ගන්න ( ඔයාලා ලග චිලි පෙස්ට් නැත්නම් කෑලි මිරිස් එකතු කර ගන්න)

ඊලගට තක්කාලි සෝස් එකතු කර ගන්න.

ඉන් පසු එයට රස අනුව ලුනු එකතු කර එයට බැද ගත් හතු සහ ලුනු කොල එකතු කර හොදින් කවලම් කර ගන්න.

ඔන්න ඉතිම් මගේ මශ් රැම් එක හරි 😍😋
මේක ගොඩක් රස හදපු ගමන් රස බැලුවොත් තමා. ඉතිම් ඔයාලාත් හදලා රස බලන ගමන් ඒ සතුට මාත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා ☺️

ආයෙත් රසම රස රෙසිපි එහෙකෙන් ඉක්මනින් හමු වෙන්නම් 😊🌸

Photos from Cook With Happiness 's post 24/03/2023

කමුද එහෙනම් මාරී පුඩිං එකක්😋

මාරී පුඩිං හදන ගොඩක් ක්‍රම තියෙනවා. හැබැයි මේක මම හදන විදිහ. මේක මට ආවේනික වුන මගේම රෙසිපි එකක්.

අවශය ද්‍රවය}👇🏻
සදන ආආකාරය }👇🏻

Want your business to be the top-listed Home Improvement Business in Dubai?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

UAE
Dubai
00000